Skip to main content

මහින්ද සමග අරලියගහ මන්දිරයේදී




කාල වකවානුව  2005 මුල් සමයයි.. මහින්ද  කල්තියාම  ජනාධිපතිවරණයට  සුදානම් වෙමින් සිටියේය. සති අන්තවලදී දේශපාලන  පක්ෂවල මධ්‍යම  කාරක සභිකයන්  අරලිය  ගහ මන්දිරයට  කැඳවා සාකච්චා  කිරීම ආරම්භ  කර තිබිණ. මා   එකල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම  කාරක සභිකයෙකු වීමි. මහින්ද  හමුවීමට  එන  ලෙස පක්ෂයටද  ආරාධනාවක් ලැබිණ. ඒ අනුව නියමිත  දිනයේ සවස  5 ට පමණ ඩිව් ගුණසේකර ඇතුළු අපි 50 කට ආසන්න පිරිසක්  අරලිය  ගහ මන්දිරයට  ගියෙමු. ඒ වන විට  අරලියගහ මන්දිරය සුන්දර  ස්ථානයකි. පැරණි ගොඩනැගිලි සිත් කලුය. ( මහින්ද  ජනාධිපති වූ පසු අලුතින් විවිධ ගොඩනැගිලි තැනීමෙන් එය අසුන්දර  ස්ථානයක් කලේ  යැයි මම සිතමි.)

1977 දක්වා කැබිනට් රැස්වීම් පැවැත්වූ  ශාලාවේ  දිගු මේසයක් වටා අපි අසුන් ගත්තෙමු. ශාලාවේ කෙළවරක තිබු  නෙස්කැෆේ යන්ත්‍රයෙන් අවශ්‍ය  අයට නෙස් කැෆේ බීමට  පහසුකම් සපයා  තිබිණ.

අපි එහි ගොස්  විනාඩි 15ක් ගතවන විට මහින්ද රාජපක්ෂ  මහතා  පැමිණ  අප පිළිගෙන  සාකච්චාව  ඇරඹීය. අප සමග සිටි  අයට  මහින්දගෙන් ඇසීමට   බොහෝ ප්‍රසන  තිබිණ.  'ඔහු  ජනාධිපති වුව හොත් ජාතික  ප්‍රශ්නයට ඔහු දෙන  විසඳුම කුමක්දැ' යි  අපේ  කණ්ඩායමේ  කිසිවෙකු ඇසීය. "මම  ජනධිපති වූ පසු LTTE සමග සාකච්චා කිරීමට එරික් සෝල්හයිම් අවශ්‍ය  නැහැ. ප්‍රභාකරන් ලංකාවේ  මිනිහෙක්නේ . මන් එයත් එක්ක  කෙලින්ම කතා  කරනවා " . මහින්ද පිළිතුරු දෙමින්  කීය.

ඩිව් විසින්  මා අගමැතිට  හඳුන්වා දීමෙන් පසු මගේ  අදහස්   දැක්වීම කලෙමි..  ළමුන් බඩගින්නේ  පාසලට  පැමිණෙන බවත්  උදැසන රැස්වීමේදී  ඇතැම් ළමුන් බිම ඇද වැටෙන  බවත් එයට හේතුව  ඔවුන් ආහාර  නොගෙන  පාසලට  පැමිණීම  බවත්   ළමුන්ට  දිවා ආහාරයක් දීමට  ආණ්ඩුව  කටයුතු  කළ  යුතු බවත් අගමැතිට  කීමි. එයට  ප්‍රතිචාර දැක්වූ  මහින්ද " ඔයා   දන්නවනේ  ඩිව් . මන් අධ්‍යාපනයට  ඇඟිලි  ගහන්න  කැමති  නැති බව. (අධ්‍යාපනය  භාරව  සිටියේ  චන්ද්‍රිකාය.)  ඒ උනත් මේ  සන්බන්ධයෙන් යෝජනවක් හදල මට එවන්න. අපි ඒක කැබිනට් එකට  ඉදිරිපත් කරමු නේද ඩිව් ! " යැයි මහින්ද  කීය.

මෙම සාකච්චාව පැය දෙකක් පමණ පැවති අතර ඉන්පසු ඇරඹුණේ   සාදයයි. එය  පැවතුනේ  අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ පිටුපස කොටසේය. මා නොදන්නා   අරක්කු වර්ගයක්  මේස  උඩ  තබා  තිබුණු අතර කෝකියන් පැමිණ ආප්ප  සහ  කොත්තු සකස්  කර  අපට දුන්හ. මේ  සාදයට මහින්ද  ආවේ  නැත. ඩිව් සහෝදරයා ටිකක් වැඩියෙන් බොනු දුටු අපේ  සහෝදරයෙක් " සහෝදරයා!  ඔච්චර  බොන්න  හොඳ නැහැ නේද? යැයි ඇසීය. එයට පිළිතුරු දුන් ඩිව් " මන් දැන් වයසයි. ඔන්න  ඔහේ  මැරිලා  ගියත් කමක් නැහැ." කීය.

ටික වෙලාවකට  පසු අරලියගහ මන්දිරය  තුලදී යලිත් මහින්ද හමුවිය. ඔහු කලු  පාට ඇඳුමකින් සැරසී සිටි අතර " යමුද ලඟ  පාත  මගුල් ගෙයක් තියෙනවා ? යැයි චන්දසිරි ගජධීර ( එවක චන්ද්‍රිකා ආණ්ඩුවේ  උප  ඇමතිවරයෙකි.) ගෙන් ඇසීය. මේ ඇඳුම  ඇඳගෙන  යන්නේ  කොහොමද? ගජධීර සහෝදරයා ඇසීය.. " ඔන්න ඔහේ  යන්. මටත් තියෙන්නේ මේ  ඇඳුම තමා " යි කී මහින්ද ඔහුවත් ඇදගෙන මගුල් ගෙදර  ගියේය. පැයකින් ආපසු ඔවුන් පැමිණි අතර  මහින්ද  තරමක මත් ගතියකින්  සිටින  බව පෙනින. 

රාත්‍රී 11 ට  පමණ  අපි අරලිය ගහ මන්දිරයෙන් පිටවී ආවෙමු.

එකල  මහින්ද  කෙරේ ඇල්මක් මා  සිත  තුළ   විය . එයට හේතුව  වුයේ  ඔහු වුර්තීය සමිති සමග මිත්‍රත්වයෙන් කටයුතු කිරීම නිසාය.කලකට  පෙර කම්කරු ප්‍රඥප්තියක් ගෙන  ඒමට  කටයුතු  කර  තිබුණු හෙයින්ද  කම්කරුවන්ගේ  උද්ඝෝෂණ වලට  ඔහු නොවරදවා  සහභාගී වූ හෙයින්ද  වුර්තීය  සමිති ක්‍රියා  කාරීන් ඔහුට  කැමැත්තක් දැක්වුහ.

LTTE සංවිධානය සිය  පාලන  ප්‍රදේශවල වැසියනට 2005 ජනාධිපතිවරනයේදී   චන්ද  පොලට  යාම තහනම් නොකළේ  නම්  ජනාධිපති වන්නේ මහින්ද  නොව  රනිල්ය.  සාමය  නොව  යුද්ධය ඉල්ලා සිටි LTTE  සංවිධානය  දිගින් දිගටම සටන් විරාමය  කඩ  කිරීම  නිසා මහින්දට යුද්ධය  නොකර  සිටීමට  නොහැකි විය.

මහින්ද මිනිසුන් දිනා ගත හැටි

මහින්ද මිනිසුන්ගේ  හිත  දිනා   ගැනීමට දක්ෂයෙකි.  ඔහු මන්ත්‍රී වරයෙකු වී සිටි සමයේදී පවා  ඔහුගේ  නිවසට  පැමිණෙන සියලු දෙනාටම ආහාර  පිරිනමන  බව  ඔහුගේ  සමීපතමයෙක් වරක් මට  කීය. ජනාධිපති වූ පසු රටේ  හතර දිග්භාගයෙන්ම මිනිසුන්  අරලියගහ  මන්දිරයට කැඳවා  ආණ්ඩුවේ  වියදමින් දන්සල් දී සිය දහස්  ගණනින් මිනිසුන් වශී කර  ගත්තේය. පක්ෂයේ  ලොකු පොඩි  කාටත්  ආණ්ඩුවේ  ව්‍යාපෘති  මගින් හරි හම්බ   කර ගැනීමට ඉඩ දුන්නේය. මහින්ද  පැරදුනු විට මහින්දට වඩා දුක් වුයේ  මේ මිනිස්සුය.

 දෙවන වර  බලයට  පැමිණීමෙන් පසු  උතුරේ ප්‍රශ්නයට වඩාත් සාර්ථක   විසඳුමක් දීමට  මහින්දට  දේශපාලන  හය්ය සහ අවස්ථාව  තිබු   අතර  එය  ඔහු එය   කළේ  නම්  දුරදර්ශී   නායකයෙකු ලෙස  ඔහුගේ  නම ලංකා  ඉතිහාසයේ ලියවෙනු  නොඅනුමානය..














Comments

ඉයන් කැමැත්තෙන් කියවයි හෙහ් හෙහ්
Aruna Perera said…
ඔබ මේ ලිපිය අවසන් කර ඇති ආකාරයට මහින්ද ලොක්කා වැඩේ කරා නම් එයත් ගොඩ, රටත් ගොඩ. මේ අවස්තාවේ ජවිපේ යම්කිසි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කලා නේද? මහින්ද එය නොතකා හැරියේ ඇයි? දේශපාලන හේතුවක් මතද?

මම ඔබේ ලිපි දිගටම කියවන්නෙක්මි.Aru
Aruna Perera said…
අටමෝ.....උඹ කියවන්නේ අකැමැත්තෙන්ද :D
Unknown said…
මටනං මේක කියවද්දි මතක් වුනේ ම ඒ කාලේ හිටපු ලොක්කා උඩ පැන පැන කියපු මතට තිත ගැනමයි..... ආය මොකට ඕවා හිතනවාද නේද...... වෙහෙර ගිලපු එකාට අග්ගලේ කඡ්ඡක්ද????
1948 සිටම වාගේ දෙමල මිනිස්සු සමාන අයිතීන් ඇති මිනිසුන් ලෙස ජීවත්වීම සඳහා අරගල කරා. සාම කාමී අයුරෙන් කල එම අරගල අවියෙන් මර්දනය කිරීම දිගින් දිගටම කිරීම නිසයි ප්‍රභාකරන් බිහිවුනේ.යුද්ධය හමාර වූ පසු 13 වන අඬු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එපිටට ගිය විසඳුමක් දීමට මහින්දට හොඳ හැටි අවකාශයක් විවුර්තව තිබුනා. යුධ ජයග්‍රහණය නිසා ජනප්‍රියව සිටි මහින්ද එවැනි විසඳුමක් ගෙන ආවනම් රට තුල එයට විරුද්ධව ලොකු විරෝධයක් ඇති වන්නේ නැහැ.නමුත් ඔහු නිසා ධන උල්පත් පාදා ගෙන සිටි ඔහුගේ පවුලේ අයටත් ඔහුගේ දේශපාලන හෙන්චය්යන්ටත් ඕනෑ උනේ දිගින් දිගටම දිගටම හොර මගඩි තුලින් මුදල් හම්බු කර ගැනීමටයි. එමෙන්ම සිංහල ජාතිවාදී බලවේගයන්ගේ උවමනාවන වුයේද මහින්දව දිගින් දිගටම බලයේ තබා ගැනීමටටයි. දෙමල ජනයාගේ ප්‍රශ්නයට විසඳුමක් ගෙන ඒම තුලින් සිදුවන්නේ තෙවන වරට බලයට ඒමට ඇති හැකියාවට බලවත් බාධාවක් බවට ඔවුන් මහින්දට ඒත්තු ගන්නන්නට ඇත කියා මා සිතනවා. මේ පිරිස් මහින්දව කොතරම් නොමග යැව්වාද කියතොත් ඔහු රජෙකුට ඇන්දවීමට ඔවුන්ට හැකි වුනා.
ජවිපෙ කිසියම් වැඩපිළිවෙලක් උතරේ ප්‍රශ්නයට ඉදිරිපත් කලත් එය සීනි බෝලයක් පමණයි. උතුරේ ජනයාට බලතල දෙනවාට ඔවුන් අදත් විරුද්ධයි.ජනවර්ග ප්‍රශ්නයට ඇති එකම පිළිතුර බලය බෙදා හැරීමයි.එය බොහෝ රටවල කර තිබෙන අතර ඒ මගින් එම රටවල් බෙදී යාම වැළකී තිබෙනවා.දුපත සිටින අපි සිතන්නේ බලය බෙදීම තුලින් රට කැඩෙනු ඇත කියයි.නමුත් සිදුවන්නේ රටක් කැඩී යාම නැවතීමයි. එවැනි විසඳුමකට ජවිපෙ කිසි දිනක එකඟ නැහැ.මෙය මාර්ක්ස්වාදය /ලෙනින්වාදය නෙවෙයි. ඉතින් එවැනි විසඳුමක් අපි සොයා ගත්තේ නැත්තම් මේ රටට මොන පත්තකින්වත් ගොඩ ඒමට බැහැ.
( ඔබ මගේ ලිපි අඛණ්ඩව කියවීම ගැන මගේ බලවත් ස්තුතිය ඔබට මේ සමග පිරිනමනවා. එය භාරගන්න.
Aruna Perera said…
ඔබේ පිලිතුරට ස්තුතියි!!!
ඔබ මෙතනදි සඳහන් කරන බලය බෙදීම යනු පලාත් සභාවලිනුත් ඔබ්බට ගිය බලයක් ලබාදීමද, එසේත් නැත්නම් පවතින පලාත් සභා මොඩලය තුලටම පොලිස් සහ ඉඩම් බලතල පවරාදීමක්ද? ඔබේ බ්ලොගය තුලින් සුහද සංවාදයක් ඇති කරගැනීමත්, නොදන්නා දෙයක් ඇත්නම් එය වටහා ගැනීමත් මගේ අරමුණයි. මෙතනදි ජවිපෙ ප්‍රතිපත්තියක් මතම පලාත් සභා ක්‍රමයට විරුද්දයි කියා ප්‍රකාශිත නිසා අපි ඒ කරුණැ මොහොතකට පසකින් තබමු.Aru
මට පේන්නෙම අකුරු වැරදි අනං මනං මයි..
ඒක මගෙ ලෙඩක්.ගණංගත යුත්තක් නෙවී.. දුරකතනයෙන් කියවන්නෙ. ආයෙ ඇවිත් ඔක්කම කියවන්ට ඕන..
ආයෙ ආයෙත් ලියන වෙලාවන් වලට එන්නං.. ජයෙන් ජයම වේවා
13+ සඳහා සුදානම් බව මහින්දම කීවා. මගේ අදහස නම් පළාත් සභා බලතල ඉක්මවා යන බල තල දිය යුතුයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව තීන්දුවට පැමිණිය යුතු වන්නේ දෙමල ජනයාගේ නියෝජිතයන් හා සමග සාකච්චා කරලයි. ඇතැම් විට මුස්ලිම් දේශපාලන පක්ෂ සමගද සාකච්චා කිරීම ට සිදුවිය හැකියි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නය තවත් ප්‍රමාද නොකොට විසඳ ගත යුතුයි,නැතහොත් මේ රටේ සාමයක් ඇති කරගෙන ඒ තුලින් රටට ආර්ථික දියුණුවක් ලබා ගත නොහැකියි.
ඉදිරියේදී අකුරු දෝෂ අඩුවෙනු ඇත ස්තුතියි.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...