පෙරේදා (ජුලි 29 ) හැන්දෑවේ මා සිටියේ පස්වනක් ප්‍රීතියෙනි . හේතුව හාමිනේ මා සමග ගෝරියක් ඇදගෙන දික්කසාද නඩුවක් දමන බව කියමින් 13 වෙනි වතාවට ඇගේ මහගෙදර ගිය නිසාය. මා දික්කසාද කරන බව කියමින් දොළොස් වතාවක් පිටවී ගොස් ඇතත් පසුවදා නැද්දම්මාත් සමග ආපසු පැමිණේ . "මේ අම්මගේ වදේට මන් ආව මිසක් නැත්තම් මන් ආයි එන්න නෙවෙයි ගියේ " යන්න ඇය ආපසු පැමිණි හැම දිනකම කියන්නීය . එහෙත් ඇත්ත කතාව එය නොවේ. වටපිට ගෙවල්වල ගෑනුන්ට ගබඩා කාමරයේ තිබෙන පොල් ගෙඩියක් හෝ පින් තකා දෙනු ඇතැයි යන බිය නිසාය .මා එය සහසුද්දෙන් දන්නේ ඇය ආපසු පැමිණි විගසම ගබඩා කාමරයට ගොස් පොල් ගණන් කරන නිසාය . පුතුන් දෙදෙනාද කොළඹට වී රස්සාවල් කරන නිසා හාමිනේ ගිය දිනට ගෙදර සිටින්නේ මා පමණය. කෑම උයන්නට කාලය නාස්ති කිරීම තේරුමක් නැති බැවින් හැන්දෑ සමයේ නගරයට ගොස් කෑම පාර්සල් තුනක් සහ නැටුම් වතුර බෝතලයක් මිලදී ගතිමි .කෑම පාර්සල් තුනක් ගත්තේ මන්දැයි ඔබ කුතුහලයට පත්ව සිටින බව මා දනිමි .මගේ පාඨකයන් මා ගැන වරදවා වටහා ගන්නවාට මා කැමති නැත .කෑම පාර්සල් තුනක් ගත්තේ බඩ
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත