Skip to main content

Posts

Showing posts from April, 2019

ලංකාවේ ISIS ව්‍යාපාරය ඉක්මනින් පරලොවට ?

LTTE සංවිධානයේ සහ දේශප් ‍ රේමී ජනතා ව් ‍ යාපාරයේ (ජවිපෙ )සංවිධාන රටාව සහ සටන් ක් ‍ රම පිළිබඳව මෙන්ම ඒවා මැඩලීමට ආණ්ඩුවේ හමුදා ගනු ලැබූ ක් ‍ රියාමාර්ග පිළිබඳව නිරීක්ෂකයන් ලෙස අපට අවබෝධයක් තිබේ . ලංකාවේ ISIS ව් ‍ යාපාරය දෙස බැලු විට ඔවුන්ගේ සටන් ක් ‍ රම ඉහත සංවිධාන දෙකේ සටන් ක් ‍ රම වලට වඩා වෙනස්ය එමෙන්ම මෙය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවේ හමුදා සහ පොලීසය ගන්නා ක් ‍ රියා මාරගද වෙනස්ය LTTE සංවිධානය අවුරුදු 30 කට ආසන්න කාලයක් සටන් කල අතර දේශප් ‍ රේමී ජනතා ව් ‍ යාපාරය අවුරුදු 3 ක් පමණ සටන් කළේය . එතරම් කාලයක් ඔවුන්ට සටන් කල හැකි වුයේ එම සංවිධානවලට එක්තරා ප් ‍ රමාණයකට සමාජයේ යම් යම් ස්ථරවල සහයෝගයක් තිබුණු නිසාය එහෙත් තවුහීඩ් ජමාත් ඇතුළු අල්පයක් මුස්ලිම් ත්රත්යනට මුස්ලිම් සමාජයෙන් ලැබෙන සහය ඉතා අල්ප බව පෙනේ. එයට හේතුව වන්නේ බහුතරයක් මුස්ලිම් ජනයාගේ ආගමික විශ්වාසයන්ට එම අන්තවාදීන් විරුද්ධ වීම නිසාය.  එමෙන්ම ඔවුන්ගේ සටන් ක් ‍ රමද ඉතා දුර්වල බව පෙනේ ප් ‍ රභාකරන් ඇතුළු lTTE නායකත්වය මෙන්ම ජවිපෙ නායකත්වය විනාශ වුයේ අවසන් අවස්ථාවේය . එහෙත් තවුහීඩ් ජමාත් සංවිධානයේ නායකයා

මිනිමරන්නේ කන්‍යාවන් ලබාගැනීමටද ?

           මුස්ලිම් ත් ‍ රස්තයන් අන් ‍ ය ආගම් අදහන්නවුන් මරාගෙන මැරෙන්නේ දෙව් ලොව ගොස් කන්යාවියන් තොග පිටින් ලබා ගැනීමේ අධික කාමාශාව නිසා යයි ඇතැමෙකු සිතන බව පෙනේ . කොළඹදී මරාගෙන මැරුණු කීප දෙනෙකු ධනවත් පවුල්වල අය බැවින් කන් ‍ යාවන් ලබා ගැනීමට ඔවුන් දෙව් ලොව යා යුතු නැත මුදල් වියදම් කොට මේ ලෝකයේදීම කන් ‍ යාවන් කීප දෙනෙකු හෝ ලබා ගැනීම ඔවුන්ට අසීරු නැත . දැනට තිබෙන තොරතුරු අනුව බෝම්බ පුපුරවා ගත් ඇතැම් ත් ‍ රස්තයන්ට සිට ඇත්තේ එක භාර්යාවක් බැගින් පමණි .නීතියෙන් බිරියන් 4 දෙනෙකු තබා ගැනීමට හැකි වුවත් ඒ සඳහාවත් ඔවුන් උනන්දු වී නැත. එබැවින් ඔවුන් කාමාශාවෙන් උතුරා ගිය මිනිසුන්ලෙස සැලකිය නොහැක. ඉතා පැහැදිලිවම ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ සමස්ත ලෝකයම මුස්ලිම් ආගම අදහන්නවුන්ගේ ලෝකයක් බවට පත් කර ගැනීමය වෙනත් ජාතිකයන් භුමිය හෝ කතා කරන බස අනුව ජාතියක් බවට පත් වන නමුත් මහමදිකයන් එසේ නොවේ ඔවුන් ජාතියක් බවට පත්වී තිබෙන්නේ ඉස්ලාම් ආගම මතය. නිදහස් ලෙස සිතන මතන මගේ මුස්ලිම් මිත් ‍ රයෙකුට අනුව පියා හවසට ගෙදර පැමිණි පසු දරුවන්ගෙන් අසන්නේ " අද ඉස්කෝලේ

ඉන්දු ලංකා මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීමේ සැලැස්මක්

                           ලංකාවේ ත්‍රස්ත  නායක මවුලවි සහරාන් බින් හෂිම්     ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා  තමිල් නඩුවේ සහ  කේරලයේ ISIS සාමාජිකයන් සමග ලංකාවේ ISIS නායකයා වන සහරන් හෂීම් වසරක කාලයක් තිස්සේ සාකච්චා  පවත්වා ඇති බව  ඉන්දියානු ISIS ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ . මෙයට බංගලි දේශයේ ISIS ත්‍රස්තයන්ද  සම්බන්ධ බවට එම නිලධාරීන් විශ්වාස  කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු සොයමින් සිටිති   මරාගෙන මැරෙන ත්‍රස්තයන් විසින් පාස්කු ඉරිදා බෝම්බ පුපුරවා  හැරියේ ජාතික තව්ශීඩ් ජමාත් සංවිධානයේ  නායකයා වන   මවුලවි  සහරාන් බින් හෂීම්  දුන් නියෝගය අනුවය  . තමිල් නඩුවේ සහ කේරල වසන මුස්ලිම් ජාතිකයන් දුසිමකට වැඩි සංඛ්‍යාවක් ලංකාවට  පැමිණ ත්‍රස්ත ආගමික වැඩ  සටහන් වලට සම්බන්ධ වී තිබෙන බවට ඉන්දියානු  ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විශ්වාස කරති . ඔවුන් මෙහි පැමිණ ඇත්තේ 2015 සහ 2016 වසර දෙකේදීය . ඔවුන් සතුව තිබු වීඩියෝ පරීක්ෂාකළ නිලධාරීන් ලංකාවේ විශාල ත්‍රස්ත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සුදානමින් සිටින  බව අවබෝධ  කරගෙන තිබේ  2014 වසරේ

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි

                    මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 7 දෙනෙකු විසින්  සහ තවත්   අන්තවාදීන්   කීප දෙනෙකු විසින් ඊයේ (21)   කරන ලද  ප්‍රහාර මාලාව  පිලිබඳ ලංකාවේ  බුද්ධි අංශවලට විදේශ බුද්ධි අංශ මගින් කීප වරක් දැනුම් දී තිබුණද  එම ප්‍රහාර  වැලක්වීමට බලධාරීන් ක්‍රියා  නොකළේ මන්දැයි යන්න අද ප්‍රධානම ප්‍රශ්නය බවට  පත්ව තිබේ . මේ සම්බන්ධයෙන් අගමැතිවරයාට කිසිදු දැනුම් දීමක් කර නැති බව අගමැතිවරයා ඊයේ කියා සිටියේය . ගිය වසරේ ඔක්තෝබර්  මාසයෙන් පසු ආරක්ෂක  මණ්ඩලයේ රැස්වීම් වලට අගමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කැඳවා නැති බවද දැන් හෙළි වී තිබේ . බෝම්බ  පිපිරීමෙන් පසු ඒ ගැන  සාකච්චා  කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනට අගමැති හමුවීමට අරලියගහ මන්දිරයට  පැමිණෙන ලෙස අගමැති දැනුම් දුන් විට ඔවුහු එය ප්‍රතික්ෂේප  කර තිබේ .එයට හේතුව ලෙස සඳහන් වන්නේ අරලියගහ මන්දිරයට නොයන ලෙස  ජනාධිපති විසින් උපදෙස් දී  තිබීම බව දැන් හෙළිවී තිබේ . එබැවින් අගමැතිවරයා ඔවුන් හමුවීමට ගොස් ආරක්ෂක මණ්ඩලය රැස්  කර තිබේ. ඉකුත් ඔක්තෝබර් මාසයේ අගමැතිවරයා  ඉවත් කොට රාජපක්ෂ  මහතා අගමැති කලද එය අසාර්ථක වීමෙන් පසු පොලිසිය ආණ්ඩ

බෝම්බ තිබ්බේ කවුද?

  ඊයේ (අප්‍රියෙල් 21 ) හෝටල් තුනකද කතෝලික  පල්ලිවලද , දෙහිවල නවාතන් පොළකද , දෙමටගොඩද යන ස්ථාන අටක තැබූ සහ පිපිරවූ බෝම්බ වලින්  මේ වන විට අහිංසක  මිනිසුන් 290 දෙනෙකු  මියගොස් තිබෙන අතර   400 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා  තිබේ . මෙය තිරස්චින ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත . මෙම බෝම්බ තැබුවේ  කවුදැයි ආණ්ඩුව  තවමත් කියා  නැත . ත්‍රස්තවාදී සංවිධානයක්  ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශවලට තොරතුරු කලින් ලැබී තිබුනද ඒ පිළිබඳව  තමන්ට හෝ ඇමති මණ්ඩලයට දැනුම් නොදුන්න් බවට අගමැතිවරයා  බරපතල චෝදනාවක්  ඉදිරිපත් කර තිබේ .ඔහු මෙම චෝදනාව එල්ල  කරන්නේ  ජනාධිපතිවරයාට සහ ආරක්ෂක  ප්‍රධානීන්ට  බව  පැහැදිළිය. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලට ඉකුත් හයමාසය තුලදී අගමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේගුණවර්ධන කැඳවා  නැත. අඩු වශයෙන් පොලිසිය භාර ඇමතිකම පවා ආණ්ඩුවට නොදී ජනාධිපතිවරයා භාරයේ ඉකුත් මාස ගණනවක් තිස්සේ තබා ගෙන සිටි . එබැවින් ජනාධිපතිවරයාට  තම තනතුරේ තව දුරටත් සිටීමට සදාචාර අයිතියක් නැත .  මේ ත්‍රස්ත ප්‍රහාරය  පිටිපස  සිටින්නේ ISIS ත්‍රස්තවාදීන් බව දැන් පැහැදිළිය . ISIS ස