Skip to main content

Posts

Showing posts from July, 2021

ඉෂාලිනි වලලා නොදමමු

  ගෘහ සේවයට 18 පිරුනොත් ඇද්ද ? ================= ඉෂාලිනිගේ මරණයෙන් පසු ඇතැමෙකු ඒ ගැන ලියන්නේ මුස්ලිම් විරෝධී ආකල්පයෙන් මිස ගෘහ සේවයේ යෙදෙන්නන්ගේ යහපත වෙනුවෙන් අවංකව සිතා නොවනැ බව පෙනේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අනුව කොළඹ සහ ගම්පහ දිස්ත් ‍ රික්වල ගෘහ සේවක සේවිකාවන් 43000 ක් සිටිති ඒ අනුව බැලු විට රට පුරා ලක්ෂ දෙකකට අධික පිරිසක් ගෘහ සේවයේ යෙදෙන බවට අනුමාන කළ හැකිය ගෘහ සේවයේ දෙන්නගේ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය කියා නීති සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියනු මම අසා සිටියෙමි එය පමණක් ප් ‍ රමාණවත්ද ? ගෘහ සේවය ඇතුළු එතෙර රැකියාවලට යාමේදී ස්වාමියා සහ සේවකයා ගිවිසුමකට අත්සන් තබති . එසේ අත්සන් තබන ලද ගිවිසුම නොමැතිව එතෙර යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවසර නොදෙයි එම ගිවීසුම නොතිබුනේ නම් එතෙර රැකියා කරන වැඩි දෙනෙකුට වහලුන් සේ සේවය කිරීමට සිදුවනු ඇත අපේ රටේ ගෘහ සේවයේ යෙදෙන අයගෙන් විශාල පිරිසකගෙන් වහල් සේවයක් ලබා ගන්නා බව ඉෂාලිනිගේ මරණයත් ඊට පෙර අපට මාධ් ‍ ය මගින් කියවන්නට දකින්නට ලැබුණු පුවත් අනුව අනුමාන කළ හැක එබැවින් අපේ රටේ ඇති හැක

ගංවතුරෙන් ඇතිවූ විනාශය කියන්න ජර්මන් භාෂාව මදි - ඇන්ජෙලා මර්කල්

  යුරෝපයේ     ගංවතුර විනාශයේ පින්තුර කතාව          ඉකුත් බදාදා සිට යුරෝපයට වැටුණු මහා වැසි නිසා ජර්මනිය ඔස්ට්‍රියාව ,බෙල්ජියම , ස්විට්සර්ලන්තය , ඉතාලිය, ලක්ෂම්බර්ග්  ප්‍රංශය ,නෙදර්ලන්තය යන රටවලට මහත් අලාභ හානි සිදුවිය  ඉන් වැඩිම හානි සිදුවුයේ ජර්මනියටයි. මහා  ගංවතුර බොහෝ රටවලට අලාභ හානි ඇති කිරීමට හේතුවිය  200 කට ආසන්න පිරිසක් මියගිය අතර ජර්මනියේ මියගිය සංඛ්‍යාව 160 කට ආසන්නය තවත් සිය ගණනක් අතුරුදහන්වී සිටිති  අවුරුදු 100 කින් මෙවැනි මහා වැසි ඇති නොවූ බව කාලගුණ අංශයේ ප්‍රකාශයකයෙකු කී  අතර අවුරුදු  60 ක් තුල ඇතිවූ විශාලතම ගංවතුර මෙය බව විදෙස් වාර්තා කියයි  ගංවතුර විනාශය බැලීමට පැමිණි ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල්  කියා සිටියේ සිදුවී ඇති විනාශය විස්තර කිරීමට ජර්මන් භාෂාව ප්‍රමාණවත් නොවන බවයි  ගෝලීය උණුසුම ඉහල යාම මෙවැනි මහා විනාශයන්ට හේතුව බව කාගේත් පිළිගැනීමයි විනාශයේ තරම වචන වලින්  නොව පින්තුරවලින් සුදුකුකුලා ඔබ වෙත ගෙන එයි .