Skip to main content

Posts

Showing posts from November, 2021

අධිවේගයෙන් බඩගිණි දේශය වෙත

      මගේ සිංහල යාලුවෙක් ඇමරිකාවේ සිටී .ඔහු PhD.  උපාධියක් ඇත්තෙකි   විෂය කෘෂිකර්මයයි ලංකාවට ආවිට විස්කි වීදුරුවක් දෙකක් හිස්කිරීමටද ඔහු මට ආරාධනා කරයි  ඇතැම් වසරක බෝතලයක්ද  දෙයි . වරක්   ඔහු ලංකාවට  ආ විට කී කරුණක් මගේ හිතේ දැන් වැඩියෙන් රැව් පිළිරැව් දෙයි "බර්ටි ,ගොවියන්ට නොමිලේම පෝර දෙනවනම් තවත් හොඳයි . මුන්ට මේක තේරෙන්නේ නැහැනේ . එතකොට මිනිස්සු වවනවා .වැව්වාම ආහාර සුලබ වෙනවා මිලත් බහිනවා . "  ගෝටාභය රාජපක්ෂ  මහතා  ජනාධිපතිවූ  විට  ඔහු මහත්සේ සතුටු විය   ගෝටාභය  යනු  නිකම් පුඟුලෙක් නොව   රට බේරා ගැනීමට පහලවූ  නීලමහා යෝධයෙකු, සේ ඔහුට පෙනුනේය . රසායනික පොහොර ආනයනය නවත්වා කාබනික පොහොර නාඩගම  ගොටාභය මහතා  විසින් නටන්නට පටන් ගත් පසු ඒ ගැන  මගේ මිත්‍රයාගේ මතය කුමක්දැයි  දුරකතනයෙන්  විමසීමි . ඔහු ගත්  කටටම කීවේ  "ගොන් තීරණයක් " කියාය . "ඇයි ගොන් තීරණයක් කියන්නේ ?" මම ඇසීමි.   "දැන් තියෙන බීජ වර්ග හදල තියෙන්නේ රසායනික පොහොරවලට .හරියන  විදිහට කාබනික පෝර වලට නෙවෙයි  කාබනික පෝර හොඳයි අවුරුදු 50 කට විතර ඉස්සර තිබුණු වී වර්ග වලට නම් . දැන් තිබෙන වැඩි දියුණු කරප