Skip to main content

Posts

Showing posts from 2022

රැස්වීම් කඩාකප්පල් කරන්නට මමද ගියෙමි

  මේ එම රැළියයි  ඒ කාලයේ මම සිටියේ මොස්කව් හිතවාදී කොමියුනිස්ට් පක්ෂයේය 1977 මහා මැතිවරණයේදී වමට එකම ආසනයක් වත් දිනාගන්නට බැරිවිය එකල අනුපාත චන්ද ක්‍රමය තිබුනේ නැත මන්ත්‍රීවරු තෝරාගත්තේ ආසන මට්ටමෙන් චන්දය පවත්වාය. 77 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක බලයක් ලබා ගත්තේය ,ජේ ආර ජයවර්ධන මහතා අගමැති විය සතියක් තිස්සේ යුඑන්පි කාරයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ගෙවල් වලට ගැහුවෝය ගිණි තිබ්බොය මිනිස්සුන්ට පොලු මුගුරුවලින් පහර දුන්නොය ජවිපෙ තහනම් කර තිබුනේ හදිසි නිතිය යටතේය ,හදිසි නිතිය ඉවත් කිරීම නිසා ජවිපෙ තහනම අහෝසි විය ජවිපෙ මහනඩුවේ විත්තිකාරයන් බොහොමයක් ජේ ආර් විසින් පළමුවෙන් හිරෙන් නිදහස් කළේය නිදහස් කල පිරිස අතර කෙලි සේනානායක , සහ ලයනල් බෝපගේ ද සිටියහ වහාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ එම දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු නැවත අරඹන බව කීහ ඉන් දින කීපයකට පසු රෝහණ විජේවීර ද නිදහස් කරනු ලැබිණ විජේවීර සහභාගිවන රැස්වීමක් කොළඹ නගර සභා පිටියේ පවත්වන බව මට දැනගන්නට ලැබිණ කොළඹට යන්නට කිලෝමීටර් 100 විතර පසුකල යුතුය දුර නොබලා රැස්වීමට ගියෙමි. කොළඹ නගර සභා ප

පොල් ගගා විශ්වය වටා දුවගොස් ආවෙමි

  හාල් කිලෝවක් මිලදී ගන්න, ගෑස් සිලින්ඩරයක් ගන්න , භූමිතෙල් ටිකක් හොයාගන්න ළමුන්ට උගන්වන්න ගෙයක් දොරක් හදාගන්න නොනවතින ධාවන තරඟ යක ට අපි එකතු වී සිටිනවා සේම විශ්වය පුරා අපි හැම මොහොතකම දුවමින් ඉන්නේ ඒත් අපි දුවන බව අපිට දැනෙන්නේවත් නැහැ ඒ මොකද ? ඒ කොහොමද ? 1 පෘතුවිය අපිවත් රැගෙන සිය අක්ෂය වටා නොනවත්වා දුවනවා එක වටයක් දුවන්නට පැය 23 විනාඩි 56 තත්පර 4.09 ඊට ගතවෙනවා සාමාන්යෙන් අපිව අරන් දුවන වේගය පැයට කිලෝමීටර් 1500 කට වැඩියි 2 පෘතුවිය අපිව රැගෙන සිය අක්ෂය වටා දුවනවා සේම සුර්යයා වටාත් දුවනවා. එම වේගය පෘතුවිය සිය අක්ෂය වටා දුවනවාට වඩා මහා වේගයෙන් දිවිල්ලක් එම වේගය තත්පරයට කිලෝමීටර් 30 ක් විතර දිවිල්ල එතනින් නතර වෙන්නේ නැහැ 3 සුර්යයා සිය ග් ‍ රහ ලෝක පද්ධතියත් රැගෙන අපගේ මන්දාකිනිය වන ක්ශීරපථය වටාත් දුවනවා එකවටයක් යාමට අවුරුදු මිලියන 220-250 අතර කාලයක් ගතවෙනවා . 4 ඉතින් දිවිල්ල එතනින් නවතින්නේ නැහැ අපගේ මන්දාකිනිය, (GALAXY) ආසන්නයේ තිබෙන අපේ මන්දාකිනි කණ්ඩායම සමග රේස් එක්ක දුවමින් ඉන්නේ. අපේ මන්දාකිනිය ඉන්නේ 60 ක කල්ලියක් එක්කයි . ඒ කල්ලියේ දෙවෙනියට විශාල මන්දාකින

යුක්රේනයේ මහසෝන් බලකාය

    යුක්රේනය ආක්‍රමණය කිරීමේ එක අරමුණක් ලෙස රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ  එහි සිටින මහසොන්නු සහ පිස්සුසාරලා අල්ලා  සක්වල ගලේ ගැසීම  බවය  එය ලෝකයාට  තේරෙන භාෂාවෙන් කිව්වේ Denazification  හෙවත් නාසි  මත දරන්නන්  නැති භංග කොට නාසි ධර්මයත් නැති භංග කිරීම බවය .  නාසි ධර්මය ලෝකයට දේශනා කළ වදාලේ හිට්ලර්ය  හිට්ලර්ට අනුව ලෝකයේ උතුම්ම මිනිස්සු ආර්ය  ජාතියයි  ජර්මානුවෝද ආර්ය වර්ගයට අයත්  වෙති. ආර්ය නොවන ජාතින් විනාශ කළ යුතුය  යුදෙව්වන් 60 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හිට්ලර් වාදීන් විසින් ඝාතනය කළේ යුදෙව්වන් මහා පොළොවෙන් නැත්තටම නැති කර දැමීම සඳහාය  දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් ජය ගත්තේ නම් ලෝකයේ වසන  ආර්ය නොවන සියලු ජනවර්ග මරා දමනු නිසැකය . හිට්ලර් පරාජය වීමෙන් පසු ජර්මනියේ බලය අතට ගත මිත්‍ර  හමුදා කළ පළමු කටයුත්ත  ජර්මනිය   Denazification   කිරීමය. රාජ්‍ය සහ රජයේ නොව සියලු ආයතනවල සිටි සියලුම නාසි මත දරන්නන්  ඉවත්  කරන ලදී. නාසි සන්විධාන තහනම් කරන ලදී නාසි පතපොත විනාශ කර දමන ලදී   මිනිසුන්ගේ මොළවලට   විෂබීජ නාශක දමා පොල් ලෙලිවලින්  අතුල්ලා  නාසි ධර්මය  සුද්ධ කර සෝදා හරින  ලදී .  එහෙත් හිට්ලර්ගේ  න

දෙවියෝ සිටීද ?

  දරුවාගේ අසනීපයට වෛද් ‍ ය ප් ‍ රතිකාර නොදී දෙවියනට යාඥා කොට රෝගය සුව කරන්නට ගොස් දරුවා මියයාම නිසා බඩල්ගම මවක් පියෙක් සහ මිත්තනියක් පොලිස් අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා විය ඉස්සර නම් මෙවැනි සිද්ධීන් ගැන අපට අහන්නට ලැබුනේ ඉන්දියාවෙනි . ඉන්දියාව දේවාල ලක්ෂ ගණනක් තිබෙන රටකි. 33 කෝටියක් දෙවියන් සිටින බව ඉන්දියානුවෝ විශ්වාස කරති. දෙවියන් 33 න් කෝටියත් රැගෙන ඉන්දියානුවන් මෙහි ආ බැවින් දෙවියන් 33 ක් කෝටියක් සිටින බව අපිද විශ්වාස කරමු .33 න් කෝටියක් දෙව් දේවතාවන්ට පිං අනුමෝදන් කරන ලෙස භික්ෂුන් කියනු දහස් වාරයක් ඔබට ඇසී ඇති බවට සැකයක් නැත . ක් ‍ රිස්තියානි ආගමිකයන්ට ඇත්තේ එක දෙවියෙකි .එම දෙවියන් ගේ පිහිට සියල්ලෝම යදිති ඇතැම් ක් ‍ රිස්තියානි නිකායන් දේව බලයෙන් කොරුන් ඇවිද්දවන බවත් ගොළුවන් ලවා කතා කරවන බවත් බිහිරන්ට ඇසීමේ හැකියාව ලබා දෙන බවත්, අන්ධයනට පෙනුම ලබා දෙන බවත් කියති විදේශික පුජකයෝ මිනිසුන් පිට්ටනිවලට කැඳවා එවැනි යාඥා සංදර්ශන පවත්වන අවස්ථා වලට මිනිස්සු තම නිවෙස්වල සිතින අන්ධයන් ,බිහිරන් කොරුන් ගොළුවන් රැගෙන යති. සුවවූ බව කියමින් ඇතැමුන් වේදිකාවට නගිති

බිත්තර සහ බෝම්බ

         දේශපාලකයනට කුණු බිත්තර හෝ කුණු තක්කාලි වලින් ගැසීම මහජනයා විසින් අහිංසක ආකාරයෙන් ඔවුන්ට විරෝධය දැක්වීමක් ලෙස සැලකේ . පසුගිය දිනක අවුරුදු 17 ගැටයෙකු ඕස්ට් ‍ රේලියාවේ ස්වාධින සෙනෙට් සභිකයෙකු වන Frasar Anning ළඟටම ගොස් ඔහු ගේ තට්ටයට බිත්තරයකින් ගැසුවේය . සෙනෙට් සභිකයා ගැටයාගේ මුහුනට අත මිට මොලොව පහර දුන්නේය පොලිසිය ගැටයා අල්ලා උසාවි දැම්මේය උසාවියෙන් ඇප දුන්නේය මේ නිසා ගැටයා වටා ඕස්ට් ‍ රේලියානු ජනතාව එකතු විය සෙනෙට් සභිකයාට එරෙහිව නිතිය අඩුවකින් තොරව ක් ‍ රියාත්මක විය යුතු බව ඔස්ට් ‍ රේලියානු අගමැති කීය ගැටයාගේ නඩුවට වියදම් කිරීම සඳහා සහ තව බිත්තර මිලදී ගැනීම සඳහා අරමුදලක් ආරම්භ කරන ලදී මේ වන විට 3000 කට අධික පිරිසක් ඕස්ට් ‍ රේලියානු ඩොලර් 63000 කට වඩා මෙම අරමුදලට ප් ‍ රදානය කර තිබේ . පසුව බ් ‍ රිතාන් ‍ ය අගමැතිවූ ඩේවිඩ් කැමරන් ට 2010 අප් ‍ රියෙල් මාසයේදී ශිෂ් ‍ යයෙකු විසින් බිත්තරයකින් පහර දුන්නේය පොලිසිය ඔහුව ටික වෙලාවකට අත් අඩංගුවට ගත් නමුත් උසාවියට ඉදිරිපත් කලේ නැත . බ් ‍ රිතාන් ‍ ය දේශපාලකයෙකුවූ Ed Milibandට එක වරකට වඩා බිත්තර ප් ‍ රහාර වලට මුහුණ දීමට සිදුව

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය  ඩොනල්ඩ් ස්ටුඩියෝව තුල පින්තුර ගත් හැටිද, කාරයක නැගී ආපසු ආ හ

සිරිමා කෑ පරිප්පුව

කාටත් පාහේ දැන් පරිප්පු කන්නට සිදුවී ඇත ඉස්සරහටත් පරිප්පු කන්නට සිදුවේද ?. පෙනෙනෙන හැටියට පරිප්පු කෑම සුඛෝපභෝගී කෑමක් වන්නට යන්නේය එ නිසා ඉදිරි කාලයේදී පරිප්පු කන්නට ලැබේදැයි සැකය . ඒ සැකය ඇති උනේ මේ නිසාය . ඊයේ කඩේකට ගොස් කප් පරිප්පු නමින් හඳුන්වන ලොකු ඇට පරිප්පු කිලෝවක් ඉල්ලීමි ඒ සමගම මිලද ඇසීමි පරිප්පු කිරන්නට සිටියේ හීන්දැරී තරුණියකි . "කිලෝවක් සුපියල් 298 යි "ඇය කීවාය "නැහැ . අලුත් තොගේ රු 320 යි " මුදලාලි පිටිපස සිට කෑගසමින් ඉදිරියට ආවේය . "මේ විකුණන්නේ පරණ තොගේ නේ ?" මම කීමි . "නැහැ මහත්තය අලුත් ඒවා . කිලෝවක් මටම වෙලා තියෙනවා රු 314 ක් "මුදලාලි කීය . "මිනිස්සුන්ට පරිප්පු ටිකක්වත් කන්නට බැරිවෙනවා ඉස්සරහට " මුදලාලි තව දුරටත් කීවේය. පරිප්පු කිලෝව මිලදී ගෙන එන විට මට මතක් වුයේ ඇසු පරණ කතාවකි. කතාව මෙසේය . චන්ද් ‍ රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර පළාතේ මහා ඇමති සමයේ මතුගම අධ්යාපන කලාපයේ පාසලක් වන කඹුරාවල මහා විද් ‍ යාලයේ විවෘත කිරීමකට ඇයට ආරාධනා කර තිබුණි .උදේ වරුවේ හොරණ පැත්තේ විවෘත කිරීම් කීපයක්ද යොදා තිබුන බැවින් ඇයට දිවා

ඉන්දු ලංකා පාලම කෙලවර වන්නේ කැරැල්ලකින්ද ?

         ඉන්දියාව සතුව තිබු   ත්‍රිමලේ තෙල් ටැංකි  ගිවිසුමක් මගින්    ආපසු ලංකාවට පවරා ගත් බවට ගම්මන්පිල ඇමතිවරයා කිව්  අතර ගම්මන්පිල අත්සන් කළ ගිවිසුම මගින්  තෙල් ටැංකි ටික ඉන්දියාවට  දී ඇතැයිද  එය අපගේ ස්වයිරි භාවයට, භෞමික අඛණ්ඩ තාවයට තර්ජනයක් යයි ජවිපෙ කියයි .  ජවිපෙ එතනින් නවතින්නේ නැත  ඊයේ ( 12  වනදා) මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ ජවිපෙ නායකයෙකු වන හඳුනෙත්ති කියා සිටියේ  අත්සන් කළ ගිවිසුම  ඉන්දියාවේ ධනුෂ්කොඩිය හරහා තලේමන්නරමට පාලමක්  දමා එහි සිට ගොඩබිමින්  ත්‍රිමලේ තෙල් ටැංකිවලට තෙල් ගෙන ඒමට නල පද්ධතියක් එලීම දක්වා  දිගුවෙන බවය  මෙම තෙල් ටැංකි ඉන්දියාවට අයිතිව තිබූ බව තහවුරු කිරීමට  ගම්මන්පිල කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොකරන අතර දෙරට යා කරමින්  පාලමක් ඉදිකරන බව තහවුරු කිරීමට  කිසිදු ලිඛිත  සාක්කියක්  හඳුනෙත්ති ද  ඉදිරිපත් නොකරයි. ඉන්දියාව සහ ලංකාව යා කරන පාලමක් ඉදිකිරීමෙන් ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වෙයිද ? 1964  ට පෙර කොටුවේ දුම්රියපොලෙන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන මිනිස්සු ඉන්දියාවට ගියහ INDU-LANKA EXPRESS     නමින් හඳුන්වන ලද එම දුම්රිය අරඹන ලද්දේ 1914 දී සුද්දන් විසිනි  මෙම දුම්රිය ඉ