Skip to main content

Posts

Showing posts from October, 2023

පාඩු ලබන රජයේ ආයතන විකිණිය යුතුද? නැද්ද?

  ලංගම ,දුම්රිය සේවය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය යන ආයතන තුන එක වසරකදී ලැබූ පාඩුව මෙසේය ලංගම ==== 2022 වසර පාඩුව රු, මිලියන 3400 දුම්රිය සේවය ========= 2021 වසර පාඩුව රු මිලියන 45000 (2010 -2020 පාඩුව රු.මිලියන 331000) ශ් ‍ රී ලන්කන් ගුවන් සේවය ================= 2021 මාර්තු සිට 2022 මාර්තු දක්වා පාඩූව රු.මිලියන 163580 2022 පළමු මාස 4 ලැබූ පාඩුව රු.මිලියන 248000 ඉහත ආයතන තුනේ වාර්ෂික පාඩුව ලංගම රු. මිලියන 3400 දුම්රිය රු මිලියන 45000 ගුවන් සේවය රු මිලියන 163580 එකතුව රු.මිලියන 211980 ==== මෙම ආයතන පුද්ගලික අංශයට විකුණුවහොත් වසරකට ආණ්ඩුවට ඉතිරිවෙන මුදල රුපියල් මිලියන 211980 කි මෙම ආයතන පුද්ගලික අංශයට විකිණීමට වාමාංශික පක්ෂ තදින්ම විරුද්ධය

ජවිපෙ ඉන්ධන ප්‍රතිපත්තිය මොකක්ද ?

  අපේ ෆේස්බුක් යාලුවෙක් ජවිපෙ නායකයෙකු වගේ පෙනෙන චතුරඟ අබේ සිංහ මහත්තයාගේ වීඩියෝවක් මට එවල මේ ගැන අදහස ක් පලකරන්න කියල ඉල්ලීමක් ඊයේ උදේ මට එවල තිබුන එක මට අහන්න වෙලාවක් ලැබුනේ අද උදේ ඔහු කියන්නේ තෙල් ආනයනය බෙදාහැරීම ආණ්ඩුව යටතේ තබාගන්න ඕන කියල .බොර තෙල් ආනයනය කරලා සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ දී පිරිසිඳු කරලා අඩු ගානට දෙන්න පුළුවන් කියල තමයි කියන්නේ තෙල් සංස්ථාවවේ සේවකයෝ වැඩියි කියන එකත් ඔහු ඒ අතරේ කියනව ඉතින් ඔහු කියනව ඒ විදිහට බොර තෙල් ආනයනය කරන ඉන්දියාවේ වියට්නාමයේ , දකුනු කොරියාවේ ,ඉන්දුනීසියාවේ ඉන්ධන මිල අඩුයි කියල (උතරු කොරියාවේ හෙවත් සමාජවාදී කොරියාවේ ගාන නම් කිව්වේ නැහැ. ආ කියුබාවේ ගානත් කිව්වේ නැහැ ) මම ඉතින් ලංකාවේ මිලට වඩා ඒ රටවල්වල පෙට් ‍ රල් අඩුද කියල හොයල බැලුව හෙව්වම ආපු ගණන් තම පහල තියෙන්නේ ඉන්දියාවේ පෙට් ‍ රල් ලීටරයක මිල (ඉන්දියන් රුපියල්) ₹96.72 ලංකා රුපියල් 379.45 වියට්නාමය පෙට් ‍ රල් මිල වියට්නාම් ඩොන්ග් 26,262.50