Skip to main content

Posts

Showing posts from June, 2016

විජේවීරගේ ආණ්ඩුවක් ආවානම් හොඳය.

    දවස  මතක  නැත. එහෙත් අවුරුද්ද  ක්‍රිස්තු වර්ෂ  1989 යි වෙලාව  දහවල් දෙකට  විතර  ඇත.. හමුදා ජීප් රථයක්  පැමිණ අපගේ  හන්දියේ  නැවත්තුවේය. හමුදා භටය න්  කීප දෙනෙකු තුවක්කු අමෝරාගෙන  එලියට  පැන  වට  පිට  සෝදිසියෙන් බැලු  නමුත් සැක  සහිත  දෙයක් ඇස ගැටුනේ නැත. ඔවුන්ගේ හිත  තරමක් සැහැල්ලු  වුනා  විය  හැක.ජීවිතයට  තර්ජනයක්  නැති  බැවින් පාර  අයිනේ  තිබු  ගසකින්  කුරුම්බා  බොමු යි එක්  භටයෙකු  යෝජනා  කළේය. ගස්  නගින්නේ  කවුදැයි ඇසු  කෙනෙක්  නැත. කුරුම්බා වල්ලක් දෙසට තුවක්කුව  මෑණු  භටයෙකු  කොකා ගැස්සුවේය. කුරුබ්බා  ගෙඩි  හත  අටක් කඩා වැටුණු  අතර ඒවා අහුලා  ජීප්  රියට දාගත්  ඔවුහු යන්නට  ගියහ. *     *      *     *      *     *      *       *     *     *      *     *      *    *     *      *      *      *         *       * දින  මතක  නැත .අවුරුද්ද 2007 ය.  ප්‍රදේශය  පුදුකුඩුඅරිප්පුවය  .සටනකට  ගිය යුධ  භටයෝ සටන  නිම කොට  ආපසු එමින් සිටියහ .ඉතිරිවී තිබුණු උණ්ඩ සහ බෝම්බ වෙහෙස   නිසා  ඔසොවා  ගෙන ඒමට බැරි  තරමට  බරය.  ප්‍රශ්නයට  විසඳුමක් සොයා  ගත්හ. පාලු  ලිං පතුලට ඒවා  හලනු  ලැබිණ. * 

සෝමවංස මැරුණේ නැත.

   සෝමවංස අමරසිංහ මහතාගේ  අවමගුල් උත්සවයට  දේශප්‍රේමින්   සියල්ලම  පාහේ  සහභාගී වුහ .ජනතා  විමුක්ති පෙරමුණේ දේශප්‍රේමින්ද  විමල් වීරවංස   දේශප්‍රේමින්ද   පෙරටුගාමී  දේශප්‍රේමින්ද  ,  පොදු විපක්ෂයේ දේශප්‍රේමින්ද   පැමිණ  සිටියහ.  අවමගුල් උළෙලේ   ප්‍රධාන  වගකීම්  දැරුවේ ජනතා සේවක  පක්ෂයේ   දේශප්‍රේමින්ය .පෙට්ටිය මත එලූ රතු පාට රෙද්ද වසා  ජාතික  කොඩිය  කියා පරසිද්ධ  සිංහ  කොඩිය  ඇතිරුවේ  ගුණදාස අමරසේකර දේශප්‍රේමියාය.  ගුණදාසට ඒ වැඩේ කිරීමට සපෝර්ට් කළේ  ජවිපෙන්  අස්වී  මහින්ද ගාවට  ගොස් ටික  දවසක්  ඉඳ එතනින් චුතවී රනිල්  අසලින්  ප්රාතුර්භුතවූ නන්දන  ගුණතිලක දේශප්‍රේමීයාය.   අවමගුල්  උළෙලේදී   දේශනයක්  කළ  දේශප්‍රේමී ඇල්ලේ  ගුණවංස    මෙවැනි  රණ හංසයන්  තව දුරටත්  බිහි  කරන ලෙස  දේශප්‍රේමී ජවිපෙන් ඉල්ලා    සිටියේය.  පෙරටුගාමී  පක්ෂයේ දේශ ප්‍රේමියෙකුට  කතාවක්  පැවැත්වීමට  අවමගුල්  කමිටුව  ඉඩදුන් නමුත් . ජවිපෙට දේශප්‍රේමී  කතාවක්  පැවැත්වීමට  ඉඩ  දුන්නේ නැත.  එය  නම්  දේශප්‍රේමී  වැඩක්  නොවේ . එහෙත් ඒ   පිළිබඳව  මගේ  මිතුරෙකු නම්  කීවේ  ජවිපෙට  කතාවක් දුන්නේ  නම් සෝමවංස  මහතා මිනීපෙට්ටියෙ

මහින්ද මැති තුමණි ! ඔබට ආයුබෝවන් !

    මහින්ද  රාජපක්ෂ  මහතා ඇති දක්ෂයෙකි.  සියලු  කැපිලි  කෙටිලි  ඉවසාගෙන 2005 මැතිවරණය  දක්වා  ඒමට  ඔහු දක්ෂ  විය. 2005  මැතිවරණයේදී පරාජය අබියස  සිටි  ඔහු ,  දිනුවේ  ඔහුගේ  හීන් නුල් සුත්තර   නිසාය. තමන්ට   නොලැබෙන්නට  තිබු  චන්ද  ලබා    ගැනීමටත්,   රනිල්ට  පාවිච්චි වීමට  තිබු චන්ද  වැලක්වීමටත්  ඔහු කටයුතු  නොකළේ  නම් දිනන්නේ  මහින්ද  නොව   රනිල්ය. ජනාධිපති වූ  පසු   UNP මන්ත්‍රීවරු  තමන්ගේ  පැත්තට  හරවා  ගැනීම  ඔහුගේ  තවත් දක්ෂතාවයක්  බව  කිව  යුතුය. එතනින්  නොනැවතුණු  මහින්ද සිංහල පත්තරද ඔහුට  ඕනෑ  පරිදි  කීකරු  කර  ගත්තේය. ඔහුට  විරුද්ධ  අය  හොඳින්  තම පැත්තට  හරවා  ගැනීමට  නොහැකි වුවිට ඔවුන් මට්ටු  කර  තැබීමට අවශ්‍ය  පියවර  ඔහු  ගත්තේය.   ඉන්දියාවේ  සහය  නොමැතිව  යුද්ධය  කළ   නොහැකි බව දැන  සිටි මහින්ද ඉන්දියාවෙ  සහය  ලබා  ගැනීම සඳහා ඉන්දියානු  ආණ්ඩුවටද  බෝලයක් බැස්සුවේය. එම  බෝලය  වෙන එකක් නොව 13+ය. සරත් ෆොන්සේකා ඇතුළු හමුදා  නායකයන්ගේ   යුද්ධ උපක්‍රම  නිසාත්  , ඇති පදම් මුදල් යුද්ධයට වියදම් කිරීම  නිසාත්   ,සිවිල් වැසියන්ට ඕන බම්බුවක් වුනාවේ කියා යුද්ධය කිරීමට  අවස

මහින්දගේ කතාව සහ චන්ද්‍රිකාගේ කතාව

    චන්ද්‍රිකා  බණ්ඩාරනායක  කුමාරතුංගට  විරුද්ධ  කාරයෝ රැසකි. මහින්ද ඇයට කැමති  නැත.වීරවංස  කැමති  නැත. ගම්මන්පිල  කැමති  නැත.හෙළ උරුමය  කැමති  නැත ජවිපෙ  කැමති  නැත. පැවිදි  හඬ  කැමති  නැත.නලින්ද  සිල්වලා  කැමති  නැත. ප්‍රභාකරන්  කැමති වුවේද  නැත.  වරක් මට ඇය  හමුවිය . ඒ  ජනාධිපති  මන්දිරයේදීය. අධ්‍යාපන  ප්‍රශ්න පිළිබඳව  සාකච්චා  කිරීම සඳහා ගුරුසංගම් වලට  පැමිණෙන්නැයි   ඇය ආරාධනාවක් ඒවා තිබිණ. අපට  එන්නට  කියා  තිබුනේ  දහයටය.අපි  නියමිත  වෙලාවට  ගිය  නමුත් ඇය අපි  හමුවීමට  ආවේ හවස  එකත්  පහු වෙලාය. ඇය  එන  තුරු  බල  සිටි  අතරවාරයේ  එරික්  සෝල්හයිම් උඩ  තට්ටුවේ  සිට  පහලට  බහිනු  දකින්නටද    ලැබිණ.  ජනාධිපති   මන්දිරයේ   රස්තියාදු  වෙමින්  සිටින   අතර  තුර අපට  ෂෝර්ට් ඊට් සංග්‍රහයක්   ලැබුණි.  යන්තමින්  නොවේ. අප්පිරිය  වෙන්නට  තරම්  කන්නටය. අන්තිමට  චන්ද්‍රිකා  ආවේය. රුපවාහිනි  කැමරා  අරගෙන  ඇගේ  මාධ්‍ය  අංශයද  ආ  නමුත්  චන්ද්‍රිකා  ඔවුන්  හරවා  යැව්වාය.   ගුරු සංගම් රැසකට  ආරාධනා  කර  තිබු  නිසා   සියලුම  සංගම්  වලට කරුණු  ඉදිරිපත්  කරන්නට අවස්ථාවක් නොලැබෙන  බව  පෙනී  ග

ඉස්කෝලේ ඉංගිරිසි සහ රනිල්ගේ ඉංග්‍රීසි

  මගේ  මේ  ලිපිය කතන්දර  දෙකකින්  පටන්  ගන්නට  කැමතිය . කතන්දර දෙකම ඇත්තය. එකක් කිව්වේ  සුද්දෙකි. අනික  කිව්වේ  රනිල් වික්‍රමසිංහ  මහතාය. මා  හඳුනන පියකරු  ඉංග්‍රීසි  මෙනෙවියක් දැක  සිත් බැඳුනු  එංගලන්තයේ  සුද්දෙක් ඇය විවාහ  කර  ගත්තේය. ලංකාවේ  ආණ්ඩුවේ  පාසල්වල සිසුන්ගේ  ඉංග්‍රීසි  දැනුම  ගැන හොඳ  අවබෝධයක්  ලැබීමට  එමගින් සුද්දාට  අවස්ථාව  ලැබිණ.  වරක්  මා   හමුවූ විටෙක සුද්දා  ඇසු  ප්‍රශ්නය  මෙසේය.  "අවුරුදු 7ක් ඉංග්‍රීසි  ඉගනගෙන  ඉස්කෝලෙන්  පිටවෙන  ළමයින්ට ඉංග්‍රීසි  කතා  කරන්න  බැරි මොකද?" අනිත්  කතන්දරය මෙසේය. 2014 අප්‍රියෙල්  මාසයේ  රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට  ගියේ  එහි අධ්‍යාපන  ආයතනයක් කළ  ආරාධනයකටය. දේශපාලන  භුමියේ අලුත්  නැඹුරුවීම් අධ්‍යයන  කරන  අතරතුර එහි  සිසුන්ට දේශනා  පවත්වන  ලෙසද එම  ආයතනය   රනිල්ගෙන්  ඉල්ලා  තිබුණි.  එහි  මසක්  ගත  කොට  ආපසු   පැමිණි  රනිල් එහිදී  ලැබූ  එක් අත් දැකීමක් විස්තර  කළේ  මෙසේය. " මගේදේශන වලට සවන් දුන් සිසුන් අතරෙන් එක් සිසුවියක් " ඔබට  ඔය  තරම් හොඳට ඉංග්‍රීසි  කතා  කරන්නට  හැකි වුයේ කෙසේද ? යැයි ඇසු