Skip to main content

Posts

Showing posts from May, 2017

මළවුන් හතලිස් නව දෙනෙකු සමග රාත්‍රියක්

                                      දිනය 2017 අප්‍රියෙල් 4 වනදාය .කොළඹ  හෝටලයක පැවතුණු  මංගල උත්සවයකට සහභාගී වී  හෝටලයෙන් පිටතට  මා පැමිණෙන  විට  රාත්‍රී 11 ට  ආසන්න වී  තිබුණි .ගාල්ල  දෙසට  යන  බස්  රථයකින්  කළුතරට  ගොස්  කටුකුරුන්දේ  වසන  මගේ  ඥාතියෙකුගේ  නිවසේ  රාත්‍රිය ගත  කොට පසුදා උදැසන ගෙදර  යාම මගේ සැලැස්ම විය .ලේක්හවුස් වටරවුම දක්වා  පා ගමනින් ගිය  මා  එහි බස්  නැවතුමක  නතර වී  බල සිටියේ  ගාල්ල දෙසට  යන බස්  රථයක් එනතුරුය. පැය භාගයකට ආසන්න වෙලාවක්  බලා සිටි නමුත් බස්  රථයක් නොපැමිණියෙන්  මා සිටියේ  තරමක්  නොසන්සුන්වය .මගේ නොසන්සුන් තාවය වැඩි කිරීමට බස්  නැවතුමේ  සිටි  තරුණියද හේතුවූ බව  අවංකව  ඔබට  කිව  යුතුය.තරමක සුරුපිනියක් වූ ඇය මා  හා  කතා  බහට වැටී ඉන්පසු යෝජනා  කළ ඇතැම් දේ  මෙහි  ලිවීමට  නොහැකිය.    අවුරුදු විසිපහක් තිහක්  පමණ වයසැති කතක් මහා  රාතියේ  තනිවම  බස්  නැවතුමකට වී  සිටින්නේ  මන්දැයි තීරණය  කිරීම  පාඨකයන්ට  භාර  කරමි .ඇගෙන් ගැලවී  යාම සඳහා පැමිණෙන  ඕනෑම  බස් රථයක නැගීමට  මා අවසානයේ  තීරණය කළෙමි. එම  තීරණය  ගෙන වැඩි වෙලාවක් ගත වුයේ  නැත . වාසනාව