රෝහණ විජේවීර මහතා , සිරිමා +එන්.එම්+පීටර් කේනමන් ආණ්ඩුවෙ පැවැත්මට 1971 දී අභියෝග කිරීම නඩු අසා හිරේට යැවූ පසු ඔහු නිදහස් කර ගැනීම සඳහා උද්ඝෝෂණය කළ සංවිධාන අතර ලංකා ගුරු සංගමයද විය. එහි නායකයෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුද ජවිපෙ හා සම්බන්ධව සිටීම හේතු කොට ගෙන සිරගත කළ අතර ඔප්පු කළ හැකි චෝදනාවක් නොවුයෙන් 1973 දී නිදහස් කරනු ලැබීය. ඔහු සංගමයේ සභාපති තනතුරට තෝරා පත් කරගනු ලැබුයේ ඔහු හිරගෙදර සිටියදීය. 1972-77 සමයේ හොර රහසේ ක්‍රියාත්මක වූ ජවිපෙ තම කටයුතු සඳහා යොදාගත් කොළඹ මධ්‍යස්ථානය වුයේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන කාර්යාලය යි. එවක එය පැවතුනේ කොල්ලුපිටියේ ෆේවරිට් ගොඩනැගිල්ලේය. රෝහණ විජේවීර 1977 දී නිදහස් කරනු ලැබීමෙන් පසු පැවැත්වූ පළමු ජවිපෙ රැළියේදී තම කතාවේ මුල් කොටස වෙන් කළේ ජවිපෙ සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා උද්ඝෝෂණය කළ සංව්ධාන වලට ස්තුති කිරීමටය. ඔහු ස්තුති කළ සංවිධාන අතරට ලංකා ගුරු සංගමය මෙන්ම ලෝක පරිමාණයේ NGO සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද විය. 1971 සිරගත කළ සිටි ජවිපෙ කැරලිකරුවන්ගේ සැප දුක
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත