Skip to main content

විජේවීරට අභියෝග කළ මස්සිනා

රෝහණ විජේවීර  මහතා , සිරිමා +එන්.එම්+පීටර් කේනමන් ආණ්ඩුවෙ  පැවැත්මට  1971 දී අභියෝග කිරීම නඩු අසා හිරේට  යැවූ  පසු ඔහු  නිදහස්  කර  ගැනීම සඳහා උද්ඝෝෂණය  කළ සංවිධාන  අතර  ලංකා  ගුරු  සංගමයද විය. එහි  නායකයෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුද ජවිපෙ  හා සම්බන්ධව  සිටීම  හේතු  කොට  ගෙන  සිරගත  කළ අතර ඔප්පු  කළ  හැකි  චෝදනාවක්  නොවුයෙන් 1973 දී  නිදහස්  කරනු  ලැබීය. ඔහු  සංගමයේ   සභාපති  තනතුරට  තෝරා   පත් කරගනු  ලැබුයේ ඔහු  හිරගෙදර සිටියදීය. 1972-77 සමයේ  හොර  රහසේ  ක්‍රියාත්මක වූ  ජවිපෙ  තම  කටයුතු සඳහා  යොදාගත් කොළඹ මධ්‍යස්ථානය  වුයේ  ලංකා  ගුරු සංගමයේ ප්‍රධාන  කාර්යාලය යි. එවක එය  පැවතුනේ කොල්ලුපිටියේ ෆේවරිට් ගොඩනැගිල්ලේය.


රෝහණ විජේවීර 1977 දී  නිදහස්  කරනු  ලැබීමෙන්  පසු පැවැත්වූ පළමු  ජවිපෙ  රැළියේදී   තම  කතාවේ  මුල්  කොටස වෙන්  කළේ ජවිපෙ  සිරකරුවන්  නිදහස්  කරගැනීම  සඳහා උද්ඝෝෂණය  කළ සංව්ධාන වලට ස්තුති  කිරීමටය. ඔහු  ස්තුති  කළ සංවිධාන අතරට  ලංකා  ගුරු සංගමය  මෙන්ම  ලෝක  පරිමාණයේ  NGO සංවිධානයක් වන ජාත්‍යන්තර  ක්ෂමා සංවිධානයද  විය. 1971 සිරගත කළ සිටි ජවිපෙ කැරලිකරුවන්ගේ සැප දුක්  බැලීමට පැමිණි එකම  ජාත්‍යන්තර සංවිධානයද  ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International ) පමණක් විය.


ලංකා  ගුරුසංගමය නිල වශයෙන් කිසිදු දේශපාලන  පක්ෂයකට සම්බන්ධ  නොවුනද එහි ක්‍රියාකාරීන් සියල්ලෝම වමේ  මත දරන්නන්  වුහ . සංගමයේ  සභාපතිවු  H.N. ප්‍රනාන්දු ජවිපෙට පක්ෂපාති වූ අතර ජවිපෙට  හිතවත්  කණ්ඩායමක්ද  එහි  සිටියේය. හිර ගෙදරින් නිදහස්වූ  විජේවීර සහ අනෙකුත් නායකයන් යන එන  තැනක්  බවට ලංකා  ගුරු සංගමයේ කාර්යාලය  පත්වෙමින්  තිබුණි. මේ වන විට සංගම්  කාර්යාලය  කොම්පඥඥවීදියේ මැලේ වීදියට ගෙනවුත්  තිබිණ 


ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව   විසින් 1978 ත්‍රස්තවාදය වැළක්වීමේ  පනත පාර්ලිමේන්තුවට  ගෙන  ආවිට එයට  විරුද්ධව  ජවිපෙ  තමන්ද ඇතුළු දේශපාලන  පක්ෂ 5ක්  එකතු  කොට පෙරමුණක් ගොඩනැගු අතර එහි සාකච්චා  පැවැත්වුයේ ලංකා  ගුරුසංගමයේ ප්‍රධාන  කාර්යාලයේය. විජේවීර  තුළ වාමාංශික පක්ෂ  කෙරෙහි තිබු  විරෝධය  කොතරම්ද  යත් තම්පෝ  සමග  හැර අන්  වමේ  පක්ෂවල  නායකයන් සමග නිල සාකච්චවලට  පෙර  හෝ  පසුව  සුහද කතා  බහ පැවැත්වීම මග  හැරියේය. එහි ආරම්භක  රැළිය හයිඩ් පිටියේ  පැවැත්වූ අතර විජේවීර වේදිකාවට  ගොඩ  නොවී  තමන්ගේ වාරය ආසන්න වෙන තුරුම වේදිකාව ආසන්නයේ වෙනත් අය  සමග කතා  බහ  කරමින් සිටියේය. 


  වම සමග දිගටම හවුලක්  පවත්වාගෙන   යාමට  ජවිපෙට උවමනා  නොවීය.රැස්වීම්  කීපයකින්  පසු ජවිපෙ  එය  නොකැඳවා සිටීම නිසා එය අභාවයට  පත් විය.ජයවර්ධන  ආණ්ඩුවේ මර්දනයට  තමනට  තනියම  මුහුණ  දිය  හැකි  යැයි ඔහු  සිතුවා  විය  හැක .නැතහොත් වම  බලවේගයක් බවට පත්වීම  තමනට අභියෝගයක් වෙනු ඇතයි සිතුවා විය හැක. මෙම  පනත  ක්‍රියාත්මක වීමෙන්  පසු  මුල්සමයේදී    පනත  යොදාගෙන  හමුදා කඳවුරු වල  රඳවා  ගෙන  වද හිංසාවලට  පත්කරනු  ලැබුවේද, මරා  දැමුවේද දෙමල තරුණයන්ය . ජවිපෙ එම  පනතේ  විධි විධාන දෙමල තරුණයනට එරෙහිව යෙදවීමට එරෙහිව හඬක්  නැගුවේ  නැත.

රෝහණ විජේවීර  මහතාට කසාදයක්  කරවා  දෙන්නට පක්ෂයේ  දේශපාලන  මණ්ඩලය  තීන්දු  කළේ 1980ය.  CIA  සංවිධානය විසින්  කිසියම් තරුණියක් ඔහු  හා  හාද  කරනු ඇතැයි  යන  බියක්  මේ වන විට ජවිපෙ  ඉහල පෙලේ  නායකයන්  තුළ ඇතිවී  තිබිණ .එයට  හේතු  තිබෙන්නටද ඇත. විජේවීරගේ අනාගත  බිරිය බවට පත්විය  යුත්තේ  ලංකා ගුරු සංගමයේ  සභාපති එච්. එන් ගේ නැගණිය වූ චිත්රාන්ගනී විය  යුතුයැයි පක්ෂය තීන්දු කරනු  ලැබීය. ඇය ඒ  වන විට උසස්  පෙළ  විභාගයට  ලියා  ප්‍රතිඵල  එනතුරු බල  සිටි  තරුණියක් වූ අතර දේශපාලනය  ගැන  කිසිදු  උනන්දුවක්  දැක්වූ කෙනෙකු  නොවේ. H.N.ගේ  මල්ලි කෙනෙකු වූ දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු ජවිපෙ  ක්‍රියාකාරිකයෙකු වූ  අතර ඔහු මෙම  විවාහ  යෝජනාවට  තදින් කැමති වූ  නමුත් H.N. එයට  විරුද්ධ විය .එයට ප්‍රධානතම  හේතුව  ලෙස  H.N.කියා  සිටියේ  ඇය දේශපාලනය  ගැන  මෙලෝ  හසරක්  නොදන්නා  බැවින්  නොගැලපෙන  බවය. එහෙත් චන්ද්‍ර  ප්‍රනාන්දු මෙම  විවාහය  කළ  යුතුමයි  බළකොට ගෝරි  දැමු  බැවින් අවසානයේදී  මොරටුව  විල්ලොරවත්තේ  නිවසේදී 1980 මාර්තුවේදී විවාහය  සිදු  කරනු ලැබුවේය. විජේවීර විල්ලොරවත්තේ  බින්න  බැසීම  නිසා එච් එන් සිය  බිරිඳගේ මහගෙදර තාවකාලිකව  පදිංචි වූ අතර ඉන්පසුව පානදුරේ  කුලී  නිවසක සිය  බිරිය සමග පදිංචි විය.

1980 ජුලි  මහා වැඩවර්ජනය අවසන් වුයේ 40000ක් රජයේ සේවකයන්ගේ  රැකියා අහිමි වීම  මෙන්ම ජවිපෙ සහ ලංකා  ගුරු  සංගමය අතර  ඉතා  කිට්ටු  සම්බන්ධයද අවසන් වීමෙනි. එයට  හේතු වුයේ 80  ජුලි වර්ජනයට  තමන් උපරිම ලෙස  සහය  දෙන  බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කළ  ජවිපෙ වර්ජනයට එකතු නොවන  ලෙස  ජවිපෙට හිතවත් රාජ්‍ය සහ  පවුද්ගලික අංශවල  සේවකයන්ට  රහසිගතව උපදෙස්  දීමය. මෙය  JR  ජයවර්ධන  ආණ්ඩුවට  වර්ජයකයන් ගෙදර  යැවීමට දෙන කදිම සහයෝගයක් වන  බැවින් මෙම  තීරණය වෙනස්  කරණ  ලෙස  H.N.ජවිපෙ නායක හමුවකදී  ඉල්ලා  සිටි  නමුත්  විජේවීර එයට එකඟ  වුයේ  නැත. වර්ජනය  පරාජය වීමෙන්  පසු වමේ වෘත්තීය සමිති නායකයන් අප්‍රසාදයට පත්වනු  වනු ඇතැයි  ගණන් බලා  සිටි විජේවීර එවිට ඒම සමිතිවල  සාමාජිකත්වය  දරන  තම සාමාජිකයන් හරහා ඒවායේ  බලය අල්ලා  ගත  හැකිවනු ඇතැයි පුර්ව  නිගමනයකට එලඹ සිටියේය.


එහෙත් එය එසේ  සිදුවුයේ  නැත. ජවිපෙ  රහසිගතව වර්ජනය බිඳීමට ගෙන  ගිය වැඩ පිළිවෙල ප්‍රසිද්ධ කිරීමට  ලංකා  ගුරු  සංගමය තීරණය  කිරීම  නිසා ජවිපෙ රහසින්  ගෙන  ගිය වැඩ පිලිවෙල වැඩ  කරන  මිනිසුන් දැනගැනීම  නිසා විජේවීරගේ සැලැස්ම කඩා වැටුනේය. ( මේ  පිලිබඳ  වැඩි  විස්තර   සංගමයේ එවක  ප්‍රධාන  ලේකම් වූ චිත්‍රාල් පෙරේරා  විසින්  ලියන ලද 'තවත් එක්  නඩුවක් නොවේ.' යන  කෘතියෙන් කියවීමට  පුළුවන. පානදුර  ආතර්   වී දියෙස්  මාවතේ පිහිටි ' ජන සංසදය '  කාර්යාලයෙන් එම  කෘතිය ලබා   ගත  හැක.)


H.N. මස්සිනා කම නොබලා කළ මේ හෙළිදරව්ව  නිසා  විජේවීරට  යකා  නැග්ගේය. හම්බන්තොට  ගුරු රැස්වීමකට යමින්  සිටියදී මඩ  පාර්සලයකින්  ඔහුට ගැසීමට ජවිපෙ  ක්‍රියාකාරිකයෙකු  උත්සාහ  කල නමුත් ඉලක්කය වැරදීම නිසා එය අසාර්ථක විය. ඊට  පසු  දිනක ඔහු  රාත්‍රී  කාලයේ නිවසට  යමින්  සිටියදී නිවස  අසල  සැඟවී  සිටි  ජවිපෙ ක්‍රියා කාරිකයෙකු මඩ , ගොම අසුචි මිශ්‍ර  පාර්සලයකින් පහර දීම  නිසා H.N. ඉන් නැහැවී ගියේය.


ලංකා  ගුරු සංගමයේ  බලය තමන්ට අයත්  බව කියමින් ජවිපේ ගුරුවරුන්  කීප දෙනෙකු එච්. එන්. ප්‍රනාන්දු ඇතුළු  සංගමයේ  නායකත්වයට එරෙහිව  නඩුවක් පැවරු  නමුත් ජවිපෙ එම  නඩුවෙන්ද  පරාජය වූ  අතර පසු  කාලීනව  ලංකා  ගුරු සේවා සංගමය  නමින් නව  ගුරු  සංගමයක්  පිහිටුවා ගැනීමට අවසානයේදී  ජවිපේ  තීරණය  කළේය.


විල්ලොරවත්තේ නිවසේ  එච්.එන්.ට අයත්  පොත් දහස්  ගණනක් තිබිණ.සියල්ලම වාගේ  දේශපාලන විෂයන්ට අයත් ඒවා ය.   විජේවීර එහි   පදිංචිව  සිටින  බැවින් ඒවා ලබා   ගැනීම  පහසු නොවන  බව එච්  එන්  දෑන  සිටියේය. විජේවීරද  පොත් වලට මහත් රුචියක් දැක්වූ අයෙකු  බැවින් එම  පොත්  ඔහුටද  රන් ආකාරයකි. දිනක් HN හිටිහැටියේම  තම  බිරිඳ  සමග වාහනයක්  රැගෙන එම  පොත්  ගැනීම සඳහා විල්ලොරාවත්තට  ගියේය. ඔහුගේ  බිරිඳ වුයේ  සුසිලා  නමැති ලංකා ( චීන පිළ )කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කාන්තාවකි. ඔහු විජේවීරට  තදින්ම අකමැතිවූ  කෙනෙකි.. එයට හේතුව  වුයේ විජේවීර මහතා චීන පිළේ කොමියුනිස්ට් පක්ෂය කැඩීමට කටයුතු කර  තිබීම  නිසාය.. HN සහ සුසිලා විල්ලෝරාවත්ත නිවසට  යන විට විජේවීරද එහි  සිටියේය. පොත් පත් පෙට්ටි වලට  අහුරන  විට  විජේවීර ඔවුන්ට  ඔරෝවමින් දෙතුන්වතාවක්  ඔවුන් අසලින් ගිය  නමුත් හැකි  පමණ පොත් පෙට්ටිවලට අසුරා  ගත්  ඔවුහු ඒවා  රැගෙන ආපසු  පැමිණියහ.


උතුරේ යුද්ධය වෙනුවෙන්  රජයේ  සේවකයන්ගේ දිනක වැටුප අඩු  කරගැනීමට  ජේ ආර්.ගේ  ආණ්ඩුව   තීරණය  කළ  අතර  යුද්ධයට තබා  සතයක්වත්  නොදෙන  ලෙස රජයේ සේවකයන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද  එච් .එන්   ඉල්ලා සිටියේය.  පියවරක්  පස්සට  ගත්  ජේ.ආර් යුද්ධය සඳහා ස්වෙච්ච්චාවෙන් දිනක වැටුප  පරිත්‍යාග  කරන ලෙස  යලිත්  රජයේ සේවකයන්ගෙන්  ඉල්ලා  සිටියේය. යුද්ධයට එරෙහිව   මතයක් සිංහල  ගුරුවරුන් අතර ගොඩ  නැගීමට  දිගින් දිගටම  ඔහු  කටයුතු  කළ  බැවින් ඔහු  අත්අඩංගුවට  ගැනීමට ජේ  ආර්.ආණ්ඩුව   සුදානම් වෙන  බවට පණිවිඩයක්   ගුරු  සංගමය වෙත ලැබිණ. ජේ ආර්ගේ දැලින් බේරී  යාපනයට  ගිය එච් එන්ට වසරකට අධික  කාලයක් රැකවරණය  සැලසුවේ එහි  ගුරුවරුය.ඔහු  ආපසු  පැමිණියේ තර්ජනය පහව  ගිය  පසුය.


88-89 සමයේ ජවිපෙ බොහෝ 'ද්‍රෝහීන් ' සොයාගෙන ගිය  මුත් එච්. එන්. සොයා ආවේ  නැත. එසේ  වී  නම්  ගෙදර කචල් ඇතිවී  තමන් සිටින  තැන  හෙළිවී තමන්ටද  ගස්  යන්නට වෙනු  ඇතැයි විජේවීර  අනුමාන  කරන්නට ඇත.


දැන්  HN ජීවතුන් අතර නැත .ඔහුගේ  බාල සහෝදරයා වූ සරත් ලන්ඩනයේ  සිට නිවාඩුවකට ලංකාවට  පැමිණි  විට විල්ලොරවත්තේ  නිවස  ආසන්නයේදී  හමුදාව විසින්  පැහැරගෙන  ගොස් අතුරුදහන් කරනු  ලැබිණ. එච්. එන්ගේ මරණයට  ප්‍රධාන හේතුව සිය  බාල සහෝදරයා පැහැරගෙන යාම  නිසා  ඇතිවූ කම්පනය බව  දිනක්  සුසිලා  මා  සමග කියා සිටියාය.පොත්  කීපයක්  ලියා  පලකළ ඇය   අසනීම  වීම  නිසා මෙයට වසර 5 ට පෙර  මියගියාය.  අනෙත් සහෝදරයා වූ චන්ද්‍ර ප්‍රනාන්දු  සිටින්නේ කොහේදැයි මා දන්නේ  නැත.ඇතැම් විටෙක  ලන්ඩනයේ ජීවත්වෙනවා  විය  හැක .  විජේවීරද හමුදාව  භාරයේ  සිටියදී අතුරුදහන් විය. විජේවීරගේ බිරිඳ , දරුවන් කීප දෙනෙකු  සමග වැලිසර නාවික හමුදා  කඳවුරේ ජීවත් වෙති.


 විජේවීර  හැදු ජනතා  විමුක්ති පෙරමුණද , HN තැනු ලංකා ගුරු සංගමයද ජීවමානව   පවතී. එහෙත් දෙමල  ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ   සහ සංගමය  ඉදිරිපත් කරන විසඳුම අතර  පරතරය කිලෝමීටර් දාහකි.




 

Comments

Manoj said…
විජේවීර ගැන නම් අසා තිබෙනවානේ ඇති තරම්.එත් මේ මස්සිනා ගැන වැඩිය අහලා නැහැ.මේ සටහන කියවනවිට මට හිතුනේ විජේවීරට වඩා HN මස්සිනා ප්‍රගතිශීලි බවකුයි.ඔය අනෙක් මස්සිනා වෙච්චි දොස්තර චන්ද්‍ර ප්‍රනාන්දු නම් වතාවක් පිහියක් පෙන්නලා හාමුදුරු කෙනෙක්ට මොකක්ද අලකලංචියක් කර ගත්තා මතකයි.
Ajith said…
ඉතා අගනා ඓතිහාසික තොරතුරු සහිත ය. තවත් මෙවැනි විස්තර පළ කරන්න.
විජේවීරගේ දොස්‌තර මස්‌සිනා දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයේ ගොදුරක් වූයේද ?
http://transyl2014.blogspot.ca/2015/11/blog-post_29.html
දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු පිලිබඳ එක සිද්ධියක් මෙසේය. ලංකා ගුරු සංගමය ජවිපෙ සමග තිබු සම්බන්ධය අවසන් කළ දිනට පසු දින උදේ 8 ට පමණ මා ගුරු සංගම් කාර්යාලයට අසලට යන විට කවුදෝ කෙනෙකු ශබ්දනගා එච් එන්ට බැන වදිමින් සිටිනු මට ඇසින. මා ඉක්මනින් ඉහල මාලයේ තිබු සංගම් කාර්යාලයට ගියෙමි. ගෝරි දමන්නේ චන්ද්‍ර ප්‍රනාන්දුය. අසාගෙන සිටින්නේ සංගමයේ එවක ලිපිකරුවෙකු වූ දයානන්දය.. ඔහු දිගින් දිගටම එච් එන් ටත් ලේකම් වූ චිත්‍රාල් ටත් බැන්නේය ඒ වෙන කිසි කරුණක් සම්බන්ධයෙන් නොව ජවිපෙ විසින්ව ර්ජනය කඩා කප්පල් කිරීම සඳහා කල කටයුතු මාධ්‍යවලට නිකුත් කිරීම නිසාය. ඒ වන විට එච් එන් හෝ චිත්‍රාල් හෝ පැමිණ තිබුනේ නැත. තවත් පැය බාගයක් හමාරක් බැන වැදුණු ඔහු සංගමයේ ප්‍රධානියෙකු පැමිණීමට පෙර යන්නට ගියේය. ඉන් පසු ඔහු ආපසු පැමිණියේ නැත.
කෙසේ වෙතත් ඔහුගේ චන්ද්‍ර ප්‍රනාන්දුගේ පසු කාලින හැසිරීම විපරම් කල විට පෙනේනේ ඔහු මානසික අසමතුලිත තාවයකින් පෙළුණු බවය.
Aruna Perera said…
වරක් රතු ලේන්සුවක් හිසේ බැඳන් ලේක් හවුස් එක ඉස්සරහ වාහනයක් නවත්වාගෙන එක විකාරයක් කරා. ඔහු යම් අසමතුලිතතාවයකින් හැසිරුනා. පසු කාලයක මානසික රෝහලකත් හිටියා. ඊට කලින් ලිබරේශන් පාත් කියලා පක්ශෙකුත් හදාගත්තා.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...