Skip to main content

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල






           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය .


' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'


         


          ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )



 "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය .

" මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය . 

 ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අවුරුදු 78 ක් වූ මවද ,සහෝදරයාද  සහෝදරයාගේ බිරිදද ඔවුන්ගේ   දරුවන් දෙදෙනාද ගාල්ලේ නිවසේදී ජවිපෙ මරා දමා තිබිණ.ජවිපෙ එය  කරන  ලද්දේ  උඩුගම්පොල මරා දැමීමට    උත්සාහ  කොට  අසාර්ථකවූ විටය . එම සමුහ ඝාතනයට හවුල්වූ සියලු දෙනාම අල්ලාගන්නට තමා  සමත්වූ  බව  කිව්  උඩුගම්පොල  ඔවුන්  එකිනෙකා  මරා දමන අයුරු ඔහු  අධීක්ෂණය  කළේය .


"ඔවුන් මට කිසි අනුකම්පාවක් දැක්වුවේ නැහැ.මම ඔවුන්ට කිසි අනුකම්පාවක් දැක්වුවේ නැහැ " උඩුගම්පොල හැඟී හොරා  නැතිවම  ගුප්තාට  කිවේය


වත්මන්  ජවිපෙ සාමාජිකයනට අනුව නම් උඩුගම්පොලගේ මව ඇතුළු ඥාතීන්  මැරුවේ ජවිපෙ නොව ආණ්ඩුවේම  කල්ලියක් විසිනි .


හමුදා  පවුල් මැරීමට  ජවිපෙ ගත් තීරණය  ජවිපෙ ජවිපෙ විනාශයට හේතුවූ බව ජවිපෙ කැරැල්ල  ගැන දීර්ඝ පර්යේෂණයක්  කළ ධර්මන් වික්‍රමරත්න මාධ්‍යවේදියා කියා  තිබේ . ඔහුට අනුව ජවිපෙ  දේශපාලන මණ්ඩලය  ඒම තීරණය ගෙන තිබෙන්නේ 1989 ජුනි දෙවන සතියේය . ඒ අනුව නිවේදනයක් නිකුත් කළ එම සංවිධානය 1989 ජුලි 15 වන දා  නිවේදනයක් නිකුත් කරමින්  1989 අගෝස්තු 20 ට පෙර  ඉල්ලා අස්වන  ලෙස  පෝස්ටර්  මගින් හා ජවිපෙ ගුවන්  විදුලි සේවය  වූ 'රණහඩ' මගින් සන්නද්ධ හමුදාවනට දැනුම් දුන්නේය .එසේ අස් නොවුයෙනම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට  දඩුවම්  කරන  බව  කියා සිටියේය . ඇතැම් අයට  ලිපි මගින්ද  දැනුම් දෙනු ලැබිණ 

   

  1999 ජවිපෙ  ජනාධිපති අපේක්ෂයා වූ  නන්දන ගුණතිලක මා සමග  කළ සාකච්චාවකදී එවැනි නියෝගයක්  ජවිපෙ සන්නද්ධ අංශය  කළ  බව පිළිගත්තේය . එකළ සන්නද්ධ  නායකයෙකු වූ ඔහුට  එම නියෝගය   ලැබුනත්  තමන් එය ක්‍රියාත්මක නොකළ  බව  ඔහු  කිවේය .


ජවිපෙ  නියෝගයට 99% ක්  හමුදා භටයන් අවනත නොවූ බැවින් ජවිපෙ දේශප්‍රේමී ව්‍යාපාරය නියෝගය ක්‍රියාත්මක කිරීම ආරම්භ  කළේය අගෝස්තු 22 න්  පසු එක සතියක් තුල  ස්ථාන 25 කදී   හමුදා  පවුල් ජවිපෙ විසින් ඝාතනය  කළ  බව ධර්මන් වික්‍රමරතන මහතා  කියයි .


කෙසේ වෙතත් එක කාරණාවක් පැහැදිලිය .ප්‍රේමදාස උඩුගම්පොලගේ  ගාල්ලේ  බද්දේගම නිවසට  ගිනි තබා  ඔහුගේ මව සහ ඥාතින්  මරා දැමුවේ 1988  බැවින්  එය ජවිපෙ දේශපාලන  මණ්ඩලය ගත්  තීන්දුවක් අනුව කරන ලද්දක් නොව ජවිපෙ ප්‍රාදේශීය  නායකත්වය  ගත් තීන්දුවක් අනුව  ඒම ඝාතන කළා විය යුතුය. ජවිපෙ දේශපාලන මණ්ඩලය එම තීන්දුව ගත්තේ 1989 ජුනි මාසේය .ඔහු  නුවරට  එන්නට පෙර දකුණු පළාතේ  සේවය කළ බැවින් එහිදී ඔහු ජවිපෙ මර්දනය කිරීමට කරන  ලද  අනුකමපා විරහිත ක්‍රියා නිසා ප්‍රාදේශීය නායකත්වය මෙම  පලි ගැනීම  කරන්නට තීරණය  කරන්නට ඇතැයි සිතීම සාධාරණය .


The Sunday Times පුවත්පතට ආරක්ෂක  තොරතුරු පිළිබඳව වසර  ගණනක් ලිපි ලිවූ ඉක්බාල් අතාස් UPI පුවත් සේවයට ලියන  ලද  ලිපියකට අනුව ඔහුට දුරකතනයෙන් කතා  කළ  උඩුගම්පොල , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රෙජිස්ටාර් වරයාවූ T.E. නාගහවත්ත මහතා දිවා  ආහාරයට  නිවසට  යාමට මෝටර් රථයට  නගින විට    ජවිපෙ විසින් ඔහුට  වෙඩි තබා  මරා දැමීමෙන් පසු  එහි කඩා වැදුණු කණ්ඩායමක්  එහි සේවකයන් 14 දෙනෙකු අල්ලාගෙන   ඔවුන්ගෙන්  6 දෙනෙකුගේ බෙලිකපා සරසවි භුමියේ  කුඩා  පොකුණක් වටා තබා  තිබෙන බවත් අනෙක් 8 දෙනාට වෙඩි තබා  මරා දමා  තිබෙන බවත් කියා   තිබේ. 'කන්ද උඩරට  උකුස්සෝ ' නැමති සංවිධානයක්  විසින්  රෙජිස්ටාර්වරයා මර දැමීමට  පලිගැනීමක් ලෙස   එය  කර ඇති බව  උඩුගම්පොල වැඩි දුරටත් ඉක්බාල් අතාස් ට  කියා  තිබේ  . ඒම ඝාතන උඩුගම්පොලගේ නියෝගයකින් හෝ  ආශිර්වාදයෙන්  කෙරුණු බවට සිතීම සාධාරණය 


 ජවිපෙ විනාශ කිරීම  තම එකම රාජකාරිය  කර  ගත් අය අතර උඩුගම්පොල ප්‍රමුඛයෙක් විය. නීති රීති  බල්ලට දමා  ජවිපෙ  කරන ආකාරයෙන්ම  මිනිසුන් ඝාතනය  කරන ලෙස  ආණ්ඩුවට  යෝජනාකරන ලද්දේ ඔහු බව  කියනු ලැබේ.


හමුදා  පවුල් තුනක් ඝාතනය  කිරීමට  පලි ගැනීමක් ලෙස  උඩුගම්පොලගේ රාජකාරී ප්‍රදේශයට අයත්  මැණික්හින්නේ  මිනිසුන් 150 ක් එක දිනකදී  මරා දමනු ලැබිණ .


 විජේවීර අල්ලා ගෙන ගිය  බව ආරංචි වූ පසු උඩුගම්පොල  ඒම ස්ථානයට පැමිණි  බව කියනු ලැබේ .එහෙත් ඔහුගේ බිරිඳ සහ දරුවන් ඒ වන විටත් නිවස අතහැර  ගොස් තිබුණු බැවින් ඔවුන්ගේ ජිවිත අනුනමයෙන් ගැලවුණු බවට අනුමාන කළ හැකිය  .


1992 දී  ප්‍රේමදාස උඩුගම්පොල සේවයෙන්  විශ්‍රාම ගිය අතර ඔහුගේ  බිරිද  1995 ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණය ඉල්ලා එහි  පදිංචි වූවාය.  ඇගේ දරුවන්  හතර දෙනාද එහි ගියහ . උඩුගම්පොල බිරිඳට 2012 සිට ඇමරිකානු පුරවැසි භාවය  ලැබිණ.


 ප්‍රේමදාස  උඩුගම්පොලද සරණාගත  පදනම මත ඇමරිකාවට වීසා  ඉල්ලු නමුත් ඔහුගේ  ඝාතන අතීතය හේතු කොට ගෙන  තානාපති කාර්යාලය විසා දීම  ප්‍රතික්ෂේප කළේය  . ඔහුගේ බ්රින්ද සහ දුවක් වූ  බියන්කා ඇමරිකාවේ අධිකරණයට  ගොස් අධිකරණ නියෝගයක්  මගින්  විසා  ගැනීමට දෙවරක්  උත්සහ  කළද උසාවිය  දෙවාරයේම ඔහුට විසා  දෙන  ලෙස  නියෝග  කිරීම  ප්‍රතික්ෂේප  කළේය. එයට හේතුව ලෙස උසාවිය කියා සිටියේ   ඔහු ත්‍රස්තවාදී  ක්‍රියාවන්ට සම්බන්ධ  බවය .


 විශ්‍රාම යාමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ අතර  ඔහු ප්‍රේමදාසගේ  ගජයෙක් බවට  පත්විය . ප්‍රේමදාසට එරෙහිව  ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක නායකත්වය දුන් අවස්ථාවේදී   උඩුගම්පොලද එයට එක් වීම නිසා ප්‍රේමදාස ඔහුගෙන් පලි ගැනීමට  සුදානම් විය.  මෙය දැනගත් උඩුගම්පොල ඉන්දියාවට  පැන ගිය අතර  යලි  ඔහු ලංකාවට  පැමිණියේ  ප්‍රේමදාස  මහතා  කොටි බෝම්බයෙන්1993 දී මිය යාමෙන් පසුවය .



        ඉන්දියාවට  පැනගිය  උඩුගම්පොල ආපසු එනවිට කටුනායක ගුවන් තොටුපොලේදී 


එක්සත්  ජාතික  පක්ෂය සමග  යලිත් දේශපාලනය  කළ  ඔහු 2010 ජනාධිපතිවරණයේදී සරත්  ෆොන්සේකා  දිනවීමට වෙහෙස  මහන්සිවී  කටයුතු කළේය . ජවිපෙද සරත් ෆොන්සේකා දිනවීමට මුලිකත්වය ගෙන  තිබු  බැවින්  පරම සතුරන් දෙදෙනෙකු එක අරමුණක් වෙනුවෙන් එකතු වීම    88-89  මියගිය අයට කරන  ලද සරදමක් ලෙස ඇතැමෙකු දකිනු ඇත .   


2011  සැප්තැම්බර් මුලදී  ඔහු එක්සත්  ජාතික  පක්ෂය අතහැර  තවත්  පිරිසක්  සමග  ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයට එකතුවිය . ඒ  පළාත් පාලන චන්දයක්ක්  පැවතී වකවානුවකි  එක්සත්  ජාතික  පක්ෂය   කල්ලි කණ්ඩායම් වලට  බෙදීම  නිසා ඒ ගැන  කලකිරී එයින් ඉවත්වූ බව උඩුගම්පොල  The Island පුවත්පතට කියා තිබුණි .එම පුවත් පතට  තව දුරටත් කරුණු කියමින් ජවිපෙ විනාශ කිරීම සදහා  තමා  නායකත්වය දුන් බවත් තමන් ඒ ගැන ආඩම්බර වෙන බවත් තමන්ගේ සේවා වාර්තාවේ  කිසිදු කැළලක්  නැති බවත්  තමන්ට එරෙහිව දුෂණ  චෝදනා  කිසිවක් නැති  බවත් කියා සිටියේය  .


දිට්ට ධම්ම වේදනීය කර්මය සත්‍යයක් නම් ඔහු බොහෝ දුක්විද  මිය යායුතුව  තිබිණි.  නැතහොත් කොටි බෝම්බයකට අසුව මිය  යා යුතුය එහෙත් ඔහු  අවුරුදු 84 ක් ජීවත්වූ  අතර  මිය ගියේ කෙටි කාලයක්  පමණක්  අසනීප වී සිටීමෙන් පසුවය . 


ඔහුගේ අණ යටතේ තොග පිටින් සිංහල  තරුණයන් ඝාතනය  කිරීම නිසා බොහෝ අය ඔහු පිළිකුල් කරමින්  මුහුණු පොතේ බොහෝ දේ  ලියා  තිබුණි. එහෙත් උඩුගම්පොලලා සියගණනක් උතුරු නැගෙනහිරද සිටියහ . සාමාන්‍ය අසරණ දෙමල වැසියන් සහ දරුවන් දහස්  ගණනක් ඔවුන් අතින් මරණයට  පත්වුහ .එයින් එක සිද්ධියක් ලෙස මිරිසුවිල් ඝාතනය දැක්විය හැක .දර  කඩන්නට  ගිය අවුරුදු 13 ළමුන් දෙදෙනෙකුද අවුරුදු 5 ක ළමයෙකුද ඇතුළුව 8 දෙනෙකු  2000  වසරේදී බෙලි කපා මරා වැසිකිලි වලකට දමනු ලැබිණ . එය හෙළි වුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එය වාර්තා වීම නිසා ඒ ගැන  පරීක්ෂණයක් කිරීමට  හමුදාවට සහ  පොලිසියට සිදුවීම  නිසාය . එහි  ඝාතනවලට මුලිකත්වය ගත්  සුනිල් රත්නායක  නැමති ගජබා රෙජිමේන්තුවේ සාජන්ට් වරයා ට වසර  ගණනවක නඩු විභාගයෙන් පසු  මරණ දඩුවම  නියම විය . ඔහු යුධ වීරයෙකු ලෙස කියමින්  ඔහු නිදහස්  කරන  ලෙස  ඉල්ලන  ප්‍රකාශ වරින් වර දැකිය හැකිය .   ඒ  ඔහු  මරා දැම්මේ සිංහලයන් නොව දෙමලු නිසාය.




                       මිරිසුවිල් ඝාතනය  කරන ලද ස්ථානය බැලීමට ගිය විනිසුරුවන් 



Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...