Skip to main content

කැනඩාවට පැන ආ සවුදි තරුණිය පළමු වරට තොරතුරු රැසක් හෙළි කරයි



Image result for rahaf mohammed



     කුවේටයේ සිට  කැනඩාවට  පැන  ගිය සවුදි තරුණිය ,රහාෆ්  මොහමඩ් ඊයේ ( 14 ) පළමු වරට මාධ්‍ය සාකච්චාවක්  පවත්වමින්  කරුණු රැසක් හෙළි  කළාය.

අවුරුදු 16 සිට තම පවුලේ අය තමන්ට කායික සහ මානසික හිරිහැර කළ බවත් ජීවිතය පරදුවට තබා පැනයාමට තීරණය කළේ ඒ නිසා බවත් ඇය මාධ්ය වේදීන්ට කිව් බව කැනඩාවේ CBC  පුවත්සේවය උපුටමින් අල්ජසීරා පුවත්සේවය වාර්තා කර තිබේ.



සවුදියේ සිටින තුරු පැන යාමට ඉඩක් නැති බැවින් කුවේට් සංචාරය අතර තුර පැනයාමට තමන් සැලසුම් කර සිටි බව ඇය කියා තිබුණි .


පවුලේ අය නින්දට ගිය විට තමා හෝටලයෙන් පැන අවුත් ගුවන් ටිකට් පතක් මිලදීගෙන තායිලන්තයට පැමිණි බවත් තමා අල්ලාගන්නට පිය සහ සහෝදරයෙකු තායිලන්තයට ආවිට දිවි නසා ගන්නට තීරණය කළ බවත් ඒ බව තමන්ගේ මිතුරියනට ලිපි මගින් දැනුම් දුන් බවත් ඇය කියා සිටි ඇය   " මම අතුරුදහන් වුවහොත් ඒම ලිපි ලෝකයාට දැනගැනීමට ප්රසිද්ධ කිරීමට තම මිතුරියන් සුදානමින් සිටි බව " ත් ඇය මාධ්යට හෙළි කළාය.


.Image result for rahaf mohammed


Image result for rahaf mohammed



 " එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හෝටල් කාමරය අසලට ආවිට මන් හිතුව ඒ ගොල්ලෝ සවුදි සහ කුවේට් නිලධාරීන් කියල ඒ නිසා මම දොර ඇරියේ නැහැ . ඒගොල්ලෝ හැඳුනුම් පත් පෙන්නුවමයි මම දොර ඇරියේ "

Image result for rahaf mohammed

මට සිදුවූ කරදර සහ සෞදි කාන්තාවනට සිදුවන දේවල් ලෝකයට කියන්නට ඇයට උවමනා වූ බව ඇය ප්‍රකාශ කොට තිබුණි  .


පවුලේ අය තමන්ව අත් හැර දැමු බව පණිවිඩයක්  ලැබුණු බව කියමින් මාධ්ය සාකච්චාව අතර තුර ඇය හැඩු ඇය ඒ නිසා පවුලේ නම වන අල් ඛුනින් තම නමින් අත්හැර දැමීමට  තීරණය කළබව කියා තිබේ .

යාඥා නොකිරීම නිසා ඇයට පවුලේ අය පහර දුන් බවත් කොණ්ඩය කැපීම නිසා හයමසක් කාමරය දමා සිරකර තැබූ බවත් කි ඇය

" අපිට සලකන්නේ භාණ්ඩයක් ලෙස .එහෙමත් නැත්තම් වහලියන් ලෙස .අපිට ඕන දේවල් ගැන තීරණයක් ගන්න අපිට ඉඩ දෙන්නේ නැහැ " ඇය වැඩිදුරටත් කීවාය .

"මම දැන් ඉන්නේ හරි සතුටෙන් . මට දැනෙන්නේ මම ආයිත් ඉපදුනා වගෙයි "

"මම පාසලකට ඇතුලුවෙන්නත් ඉංග්රීසි ඉගන ගන්නත් රැකියාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා


" තව තවත් සවුදි කතුන් නිදහස සොයා සවුදියෙන් පැන යන ඇතැයි මා සිතනවා "


මාධ්ය සාකච්චාව අවසන් කරමින් රහාෆ් මොහමඩ් කීවාය


Image result for rahaf mohammed




Image result for rahaf mohammed




Image result for rahaf mohammed



Image result for rahaf mohammed



Image result for rahaf mohammed


Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...