
කුවේටයේ සිට කැනඩාවට පැන ගිය සවුදි තරුණිය ,රහාෆ් මොහමඩ් ඊයේ ( 14 ) පළමු වරට මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් කරුණු රැසක් හෙළි කළාය.
අවුරුදු 16 සිට තම පවුලේ අය තමන්ට කායික සහ මානසික හිරිහැර කළ බවත් ජීවිතය පරදුවට තබා පැනයාමට තීරණය කළේ ඒ නිසා බවත් ඇය මාධ්ය වේදීන්ට කිව් බව කැනඩාවේ CBC පුවත්සේවය උපුටමින් අල්ජසීරා පුවත්සේවය වාර්තා කර තිබේ.
සවුදියේ සිටින තුරු පැන යාමට ඉඩක් නැති බැවින් කුවේට් සංචාරය අතර තුර පැනයාමට තමන් සැලසුම් කර සිටි බව ඇය කියා තිබුණි .
පවුලේ අය නින්දට ගිය විට තමා හෝටලයෙන් පැන අවුත් ගුවන් ටිකට් පතක් මිලදීගෙන තායිලන්තයට පැමිණි බවත් තමා අල්ලාගන්නට පිය සහ සහෝදරයෙකු තායිලන්තයට ආවිට දිවි නසා ගන්නට තීරණය කළ බවත් ඒ බව තමන්ගේ මිතුරියනට ලිපි මගින් දැනුම් දුන් බවත් ඇය කියා සිටි ඇය " මම අතුරුදහන් වුවහොත් ඒම ලිපි ලෝකයාට දැනගැනීමට ප්රසිද්ධ කිරීමට තම මිතුරියන් සුදානමින් සිටි බව " ත් ඇය මාධ්යට හෙළි කළාය.
.

" එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හෝටල් කාමරය අසලට ආවිට මන් හිතුව ඒ ගොල්ලෝ සවුදි සහ කුවේට් නිලධාරීන් කියල ඒ නිසා මම දොර ඇරියේ නැහැ . ඒගොල්ලෝ හැඳුනුම් පත් පෙන්නුවමයි මම දොර ඇරියේ "
මට සිදුවූ කරදර සහ සෞදි කාන්තාවනට සිදුවන දේවල් ලෝකයට කියන්නට ඇයට උවමනා වූ බව ඇය ප්‍රකාශ කොට තිබුණි .
පවුලේ අය තමන්ව අත් හැර දැමු බව පණිවිඩයක් ලැබුණු බව කියමින් මාධ්ය සාකච්චාව අතර තුර ඇය හැඩු ඇය ඒ නිසා පවුලේ නම වන අල් ඛුනින් තම නමින් අත්හැර දැමීමට තීරණය කළබව කියා තිබේ .
යාඥා නොකිරීම නිසා ඇයට පවුලේ අය පහර දුන් බවත් කොණ්ඩය කැපීම නිසා හයමසක් කාමරය දමා සිරකර තැබූ බවත් කි ඇය
" අපිට සලකන්නේ භාණ්ඩයක් ලෙස .එහෙමත් නැත්තම් වහලියන් ලෙස .අපිට ඕන දේවල් ගැන තීරණයක් ගන්න අපිට ඉඩ දෙන්නේ නැහැ " ඇය වැඩිදුරටත් කීවාය .
"මම දැන් ඉන්නේ හරි සතුටෙන් . මට දැනෙන්නේ මම ආයිත් ඉපදුනා වගෙයි "
"මම පාසලකට ඇතුලුවෙන්නත් ඉංග්රීසි ඉගන ගන්නත් රැකියාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා
" තව තවත් සවුදි කතුන් නිදහස සොයා සවුදියෙන් පැන යන ඇතැයි මා සිතනවා "
මාධ්ය සාකච්චාව අවසන් කරමින් රහාෆ් මොහමඩ් කීවාය




Comments