Skip to main content

මුස්ලිම් සමාජයට අභියෝග කළ සවුදි කෙල්ල

                                              රහාෆ් මොහමඩ් අල්ඛනුන් 

    

ඇගේ නම රහෆ් මොහමඩ් අල්ඛනුන්  ය. වයස අවුරුදු 18 කි.ඇයට සහෝදර සහෝදරයන් 9 දෙනෙකි .උපන්නේ සවුදි අරාබියේය. සවුදියේ  කාන්තාවන්ට  නිදහසක් නොමැතිවුයෙන් එයින් මිදී වෙනත් රටකට  පැනගොස් නිදහසේ ජීවත් වීමට ඇයට අවශ්‍ය විය . එහෙත් එසේ  පැනයාමට මෙයට පෙර උත්සහ  කළ තරුණියන්ට සවුදි ගුවන්තොටුපොලකින්  පිටවීමට ඉඩ ලැබුනේ නැත .  එයට හේතුව  සවුදි කාන්තාවන්ට තනියෙන් ගමන් යාමට  එහි ඉඩ නැති නිසාය .


පසු ගිය දිනක  ඔහුගේ  පවුලේ අය ඇයත්  සමග  කුවේටයේ සංචාරය  කළහ. තම සැලැස්ම  ක්‍රියාත්මක කිරීමට තීරණය  කළ ඇය ඔස්ට්‍රේලියාවට  පැනයාමට ගුවන් ටිකට්  පතක් රහසිගතව  මිලදී  ගත අතර  වහාම ගුවන් තොටුපොළට ගිය ඇය බැංකොක්  හරහා ඔස්ට්‍රේලියාවට යාමට  ගුවන්  යානයකට ගොඩ වුවාය  . ජනවාරි 5 ඇය බැංකොක් ගුවන් තොටුපලට  පැමිණි නමුත්  එහි සවුදි තානාපතිවරයා ඇගේ  ගමන් බලපත්‍රය  බලහත්කාරයෙන් ගත් බැවින් ඇයට  ඉන් ඉදිරියට  ගමන් කිරීමට  නොහැකි විය .

  තායි බලධාරීන් ඇය තොටුපොළේ  හෝටල් කාමරයකැ  රැඳවු පසු  ඇතුලෙන් අගුලු දාගත් ඇය දොර  බලෙන්  විවුර්ත   කිරීම වැලක්වීමට  කාමරයේ තිබු ඇදන් සහ අනෙකුත් ගෘහ භාන්ඩ දොරට  හිර කොට , සමාජ මාධ්‍ය  මගින් තමන් ට  පවුලේ අය  කරන හිරිහැර ගැනත්, බලහත්කාරයෙන් ඇය ආපසු යවනු ලැබුවහොත් පවුලේ අය ඇය  මරා දමනු ඇති  බවත්   කියා සිටියාය. එබැවින් ඕස්ට්‍රේලියාවේ  හෝ වෙනත්  බටහිර රටක රැකවරණය  ලබා දෙන   ලෙස ඉල්ලා  සිටියාය.



Image result for rahaf mohammed al qanun

                    කාමරය  තුලට වී twitter  මගින්  ලෝකයේ  පිහිට ඉල්ලන අයුරු 

ඇය ආපසු යැවීමට  බැංකොක් බලධාරීන් සුදානමින් සිටියත් එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයත්, අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානයක් වන  Human Rights Watch  සංවිධානය ඇයට පිහිට වීමට  ඉදිරිපත් වීම නිසා  ඇය ආපසු නොයැවීමට තායිලන්තය  තීරණය  කළේය  .



Image result for rahaf mohammed al qanun

    එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ නියෝජිතයා සහ තායි බලධාරීන් සමග 

 

ඉන්පසු එක්සත් ජාතීන්ගේ  සරණාගත සංවිධානය ඇයට බැංකොක් නගරයේ තවකාලික නවාතැන් සැපයු අතර ඇය පවුලේ අය අත් හැර  යාමට  හේතු විමසුහ.

 

ඇය තම  කොණ්ඩය  කොටට  කැපීම නිසා  පවුලේ සාමාජිකයන් ඇය  කාමරයකට දමා  මාස  හයක් හිරකර තැබූ බවත් එම  කාලය තුල ඇයට  කායිකව සහ මානසිකව  හිරිහැර  කළ බවත් ඉතා  සුළු දෙයටත්  තමා  මරා  දමන  බවට  තම  පවුලේ අය  තර්ජනය  කරන බවත්  කියා සිටියාය . තම පවුලේ අය සවුදි අරාබියේ  බලවත් පවුලක් බව ඇය  කි නමුත් ඔවුන් කවුදැයි ඇය මාධ්‍යවලට  හෙළි කොට   නැත . ආපසු ගියහොත් නොවරදවාම  ඔවුන් ඇයව  මරා  දමනු ඇතැයි ඇය තව දුරටත්   කියා සිටියාය  .


ඇය  කොහේ ගියත්  ඇයව පැහැරගෙන  ආපසු ගෙනියන බවට සවුදි බලධාරීන් සහ කුවේට් ගුවන් සේවයේ නිලධාරීන් දැනටමත්  තර්ජනය  කර ඇති බව  වැඩි දුරටත් අල් ඛනුන් කියා තිබේ .


මේ අතර ඇය රැගෙන  යාමට  ඇගේ  පියා  බැංකොක් නගරයට  පැමිණියත් ඇය  මුණගැසීමට තායි බලධාරීන් ඔහුට  ඉඩ දුන්නේ  නැත .


 ඇගේ  ඉල්ලීම  අනුව ඔස්ට්‍රේලියාව ඇයට සරණාගත තත්වය  දිය යුතුද නැද්ද  කියා එහි ආණ්ඩුව  සාකච්චා  කරමින් සිටින අතර  තුර  කැනඩාව ඇය  භාරගැනීමට කැමැත්ත  ප්‍රකාශ  කළේය.  එය  භාරගැනීමට අල් ඛනුන්   වහාම කැමැත්ත  ප්‍රකාශ  කළාය .


Image result for rahaf mohammed al qanun

                                                   කැනඩාවට පැමිණ  


ඒ අනුව  ඇය සිකුරාදා   (11 ) රාත්‍රී කැනඩාව  බලා  යාමට ගුවන් යානයකට ගොඩ වුවාය . ඇය ගුවන් තොටුපොල වෙත  කැඳවාගෙන ගියේ  තායිලන්තයේ කැනඩා තානාපතිවරයා විසිනි .  බුර්කාව විසි කොට තායිලන්තයට  පැමිණි ඇය, කොට සායක් හැඳ කැනඩාවේ ටොරොන්ටෝහි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට  ඇය ගොඩ බට  විට  කැනඩාවේ විදේශ ඇමතිනි ක්‍රිස්ටියා ෆ්රීලන්ඩ්  මල්  දී  ඇය සාදරයෙන් පිළිගනු ලැබුවාය 

Image result for costi in caNADA

                                     

                               කැනඩා විදේශ ඇමතිනිය ඇය පිළිගනිමින් 


කැනඩාවේ දී   කරන  පළමු කාර්යය  ඉංග්‍රීසි ඉගැනීම බව  ඇය  කිවාය. ඇයට දැනටමත් සැලකිය යුතු  ඉංග්‍රීසි දැනුමක් තිබේ .

  Image result for costi in caNADA


කැනඩාවේ සරණ ලබා දීමට එහි ආණ්ඩුව  තීරණය  කළ බැවින් වසරක් යනතුරු ඇයට ආණ්ඩුවේ  උදව් උපකාර ලබා ගත  හැක .ඒ අතර COSTI    නැමති රාජ්‍ය නොවන  සංවිධානයක් විසින් ඇයට අවශ්‍ය අනෙකුත් උපකාර  ලබා දීමට ඉදිරිපත්ව සිටි .දැනට ආරක්‍ෂිත ස්ථානයක නවාතැන් ගෙන  සිටින ඇයට ස්ථිර  නවාතැනක් සොයා දීමට ඔවුන් කටයුතු කරන බව  කියා තිබේ.




        

Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...