Skip to main content

Posts

Showing posts from October, 2018

සිරිසේන අඩි හයේ වල කපාගනී

       ඇතිවී තිබෙන්නෙ බරපතල දේශපාලන  අර්බූදයකි එය ආර්ථික අර්බූදයක් දෙසට ගමන් කරමින් තිබේ.සෑම පැයකම දේශපාලන  අර්බූදය උග්‍ර අතට හැරෙමින් තිබේ.එය ලේ ගැලීම දක්වා පැතිරෙමින් යයි. තව මිනිස් ජීවිත ගණනාවක් බිලිගනු ඇත. මේ අර්බූදය ඇරඹුනේ රාත්‍රි කාලයේ රහසිගතව අගමැති ලෙස මහින්ද  රාජපක්ශ  මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසාය. එහෙත් මේ මොහොත වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට බහුතර මංත්‍රිවරු  පිරිසක් සහයෝගය ප්‍රකාශ  කර තිබේ ඔවුන් විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් කථානායකවරයා ට භාරදීමට යනබව වාර්තාවී තිබේ.  ඔහුට සහය දෙන මංත්‍රි සංඛ්‍යාව  125 ඉක්මවා තිබෙනබව පෙනේ.  එක්සත් ජාතික පක්ශයේ  මංත්‍රිවරු  පිරිසක් ජනාධිපති ට සහය දීමට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ශා කර තිබූ නමුත් එම බලාපොරොත්තු කඩවෙමින් තිබේ. ආනන්ද අලුත්ගමගේ  මංත්‍රිවරයා හැර අන් සියලුම එජාප පෙරමුනේ මංත්‍රිවරු  රනිල් වටා රැස්වී ඔහු ආරක්ශා කිරිමට ඉදිරියට පැමින සිටී. දැන් සිදුවෙමින් තිබෙන්නේ ජනාධිපති වරයා කිසිසේත්ම අපේක්ශා  නොකල  පෙරලියකි.ඔහුගේ පක්ශයේ  ප්‍රධාන  සංවිධායක  වන දුමින්ද දිසානායකද ඇමතිවරයා ද අරලියගහ මංදිරයට

අමතක නොවෙන චිත්‍රපටියක් Lion

                 මා  ඉතා ආශාවෙන් නැරඹූ චිත්‍රපටියක්  වන Lion  නරඹන ලෙස ඔබට කියන්නේ එය ඔබට බොහෝ කාලයක් යනතුරු අමතක නොවන බව මා දන්නා නිසයි. මා එය නැරඹූවේ වසරකට පෙර උවත් එය නැරඹීමෙන් මා ලැබූ ආශ්වාද ජනක මිහිර  තවමත්  මා සිත තුල සැරිසරමින් තිබෙනවා . මේ චිත්‍රපටය  සත්‍ය කතාවක් මත ඕස්ට්‍රේලියානු සිනමා කරුවෙකු නිපදවනු ලැබුවේ 2016 වසරේ අග භාගයේදි. ඩොලර් ලක්ශ මිලියන් 16 ක් වැය කොට නිපදවනු  ලැබු Lion  නැමති මේ චිත්‍රපටය   ඩොලර් මිලියන 140 ඉක්මවා ආදායම්  ඉපයා තිබෙනවා.එමෙන්ම ඔස්කාර් සම්මාන හයක් ද ලබා තිබෙනවා. Garth Devis විසින් අධ්‍යක්ෂනය කළ මේ චිත්‍රපටයේ දේව් පටෙල්,  සහ නිකොල් කිඩ්මන්  රගපානවා. මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ ඇත්තටම සිදුවූ ලොකු කතාවක් පදනම් කරගෙනයි. ඇත්ත සිදුවිම මෙසේයි ඉන්දියාවේ  කන්ද්වා දිස්ත්‍රික්කයේ  ඈත ගමක ජීවත්වූ ශෙරූ (සිංහයා) අවුරුදු 5 දරුවෙක්.ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියක් සිටිනවා. පියා ඔවුන් අතහැර ගොස් බැවින් මව ඉතා දුකසේ දරුවන් උස්මහත් කර ගැනිමට වෙහෙසෙනවා. දුගී කම නිසා ළමුන් පාසල් යැවීමටද  ඇයට හැකිවෙන්නෙ නැහැ. දිනක් ශෙරූගේ වැඩිමහල්  සොයුරෙක් වූ ගුඩ්ඩ