යහපාලන ආණ්ඩුවට චන්දය දුන් කවුරුත් පාහේ මේ දවස්වල ඉන්නේ තිගැස්සීමෙනි. කම්මුල් දෙකේ අත් තබාගෙනය . කුමන වින්නැහියක් වෙන්නට යන්නේදැයි හිතා ගැනීමටත් නොහැකිවය . මෛත්‍රී +UNP ආණ්ඩුව වෙනුවට මෛත්‍රී+මහින්ද ආණ්ඩුවක් ඒවිද? නැතහොත් UNP+ TNA ආණ්ඩුවක් පැමිණේද? ජනවාරි 8 පොරොන්දු මෛත්‍රී පොළොවේ ගසා කුඩුපට්ටම් කරාවිද ? නව ව්‍යවස්ථාව ඉපදීමටත් පෙර අවසන් ගමන් යාවිද? හොරු ඇල්ලීමේ පොරොන්දු අපි පුංචිකාලයේ සුන්දර ලෝකයකට ගෙන ගිය සුරංගනා කතාවක් බවට පමණක් පත්වේද ? කොටින්ම 62 ලක්ෂයක් ජනතාවට මෛත්‍රී කොකා පෙන්නාවිද? යහපාලනයට චන්දය දුන් බහුතරයක් මිනිස්සුන්ට මේ දිනවල සිතන්නට බළකොට තිබෙන්නේ එවැනි ප්‍රශ්න ගැනය . ජනවාරි 8 දා හැට දෙලක්ෂයක් මිනිස්සු මෛත්‍රීට චන්දය දුන්නේ මහත් බලාපොරොත්තු ඇතිව බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් දුන් පොරොන්දු වලින් ආණ්ඩුව තවමත් ඉටු කර ඇත්තේ කීපයක් පමණි. ඇතැම් ඒවා ඉටු කළේ එතරම්ම උනන්දුවකින්ද නොවේ. මයිත්‍රී +UNP හවුල හෙල්ලෙන්නට පටන් ගත්තේ බැඳුම්කර කොමිසම ඉදිරියේ හොරකම එළ
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත