Skip to main content

කොස් ඇටයක්වත් නොලැබුණු උපවාසය




      හුණු  බිජ්ජකින් පමණක් සෑහි  ' මාරාන්තික' උපවාසය නවතා දැමීම  ගැන උපවාසයට සහභාගී වූ  පස්  දෙනාට පමණක් නොව අන්තරේට ද පෙරටුගාමී සහෝදරවරුන්ටද  ජනතා විමුක්ති පෙරමුණේ  නායක  කාරකාදින්ටද අපි මුව  නොසැහෙන සේ ස්තුති කරමු .හුණු බිජ්ජ  නම් වෙන යමක්  නොව   හර්ෂද සිල්වාගේ ලිපියයි .එම  ලිපියෙන්ද  හර්ෂද  සිල්වා  කිව්වේ වෙන කිසිවක්  නොව   2017 -10-29  දින ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව  නිකුත් කළ  නිවේදනයෙන් ආණ්ඩුව  කියා  සිටි කි දේමය . සයිටමය  අහෝසි කොට මුදල් අය  කරන  එහෙත් ලාභ අපේක්ෂා  නොකරන ආයතනයක්  පිහිටුවන  බව එදා  ආණ්ඩුව  කිවේය . හර්ෂද  සිල්වා ගේ  ලිපියෙන්  යලි තහවුරු  කළේ ද එයමය. එකම වෙනස  නම්  කලින්   නිකුත්  කළ දීර්ඝ  ලිපිය  ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් වරයා අත්සන් කර  තිබිම වන අතර මේ  කෙටි ලිපිය හර්ෂද  සිල්වා  නියෝජ්‍ය ඇමතිවරයා අත්සන් කර  තිබීමය 




                                                             හර්ෂ ද සිල්වා ගේ ලිපිය 

    

                                     ප්‍රවුර්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා  නිකුත්  කළ නිවේදනය 


 උපවාසය ආරම්භ  කළ විට  මා  කිවේ  මස් රාත්තලම  ඉල්ලන්නට ගොස් විජේවීරත් ප්‍රභාකරනුත්  කෙලවා  ගත් බවය .  එබැවින් අන්තරේ  විසින්  මස් රාත්තලම  ඉල්ලන්නට  යාම පරාජයට මාවත  බවය . වෛද්‍ය සංගමය  ආණ්ඩුවේ  ස්ථාවරය  පිළිගෙන  නිහඬ වුයේ මස් රාත්තලම  ඉල්ලන්නට  ගොස්  තියෙන දෙකත් ගැලවෙන්නට ඉඩ තිබෙන බව දැන සිටි නිසාය .එහෙත් කොල්ලන්ට එවැනි බුද්ධියක් නැත . උන්ට උවමනා වන්නේ  සටන්ය. දවාලයේ  පෙළපාලි ගොස් හැන්දෑවට  ගෙදර  ගිය  විට  බත් පිඟාන  මේසය  මත තිබේ. අඳින්නට  කමිසය අම්මා විසින් සෝදා  තිබේ.  සපත්තු දෙක  නංගිට  කියා  පොලිෂ් කරගත හැක .පසුදා පෝස්ටර් අලවන්නට    යන්නට  රුපියල් දෙතුන් සීයක්  ඉල්ලා  කෙඳිරි ගෑවීට බැනුම්  කප්පරක්  සමග   තාත්තාගෙන්   එය ලැබෙන්නේය . තේ  බොන්නට දවල්ට  කන්නට  මහා පොළ ශිෂ්‍යත්වයෙන්  ගතමනාව  ලැබෙන්නේය . එබැවින් ඔවුහු  ඉගනීම දෙකට දමා තමන්ගේ  පක්ෂ  නායකයන් හෝ ශිෂ්‍ය  නායකයන්  කියන  කියන  දේ  කරන්නට  සැදී පැහැදී සිටිති .


ඔවුන්ට  මොලේ  පෑදෙන්නේ ගෙදර  බත් පිඟාන  නැතිවූ දවසටය .


උපවාසයක් ඇරඹුවද ඊට  මහජන සහය නොමැති බව අන්තරේ ලොක්කන්ටත්,  පෙරටුගාමින්ටත් , ජවිපෙටත් තේරුම් ගන්නට හැකිවුයේ දවස්  දෙකක් ගත වීමෙන් පසුවය . එබැවින් ඔවුන්ට  ඕනා වුයේ උපවාසය  නවත්තන්නට කුමක් හෝ  ගැලවිජ්ජාවකි . ආණ්ඩුවේ  ස්ථාවරය අලුත් වචන වලින්  ලියා  හර්ෂද සිල්වා දුන් විට එය  බාර ගෙන  ජාම් බේරා  ගන්නවා  හැර වෙනත් විකල්පයක් ඔවුන්ට  නොවිය.


සයිටමය ජනසතු  කරන තුරු සටන් කරන්නට  ගොස්  සටන අවසන් උනේ එසේය . මාස එකොළහක් තිස්සේ  පන්ති වර්ජනය  කළ සිසුන්ට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවට වග  කියන්නට  කිසිවෙකු නැත .  රටට  සිදුවූ  හානියට වග කියන්නට කෙනෙක් නැත  .දොස්තර වර්ජන නිසා  මිය ගිය  රෝගීන්ට   පන දෙන්නට  කෙනෙක් නැත 

 එහෙත් එක  ශිෂ්‍ය  ජීවිතයක්  හෝ  අහිමි නොවී මෙය මෙසේ අවසන් වීම සියලු පාර්ශවයන් ලැබූ  ජයග්‍රහණයකි .

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...