Skip to main content

කොස් ඇටයක්වත් නොලැබුණු උපවාසය




      හුණු  බිජ්ජකින් පමණක් සෑහි  ' මාරාන්තික' උපවාසය නවතා දැමීම  ගැන උපවාසයට සහභාගී වූ  පස්  දෙනාට පමණක් නොව අන්තරේට ද පෙරටුගාමී සහෝදරවරුන්ටද  ජනතා විමුක්ති පෙරමුණේ  නායක  කාරකාදින්ටද අපි මුව  නොසැහෙන සේ ස්තුති කරමු .හුණු බිජ්ජ  නම් වෙන යමක්  නොව   හර්ෂද සිල්වාගේ ලිපියයි .එම  ලිපියෙන්ද  හර්ෂද  සිල්වා  කිව්වේ වෙන කිසිවක්  නොව   2017 -10-29  දින ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව  නිකුත් කළ  නිවේදනයෙන් ආණ්ඩුව  කියා  සිටි කි දේමය . සයිටමය  අහෝසි කොට මුදල් අය  කරන  එහෙත් ලාභ අපේක්ෂා  නොකරන ආයතනයක්  පිහිටුවන  බව එදා  ආණ්ඩුව  කිවේය . හර්ෂද  සිල්වා ගේ  ලිපියෙන්  යලි තහවුරු  කළේ ද එයමය. එකම වෙනස  නම්  කලින්   නිකුත්  කළ දීර්ඝ  ලිපිය  ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් වරයා අත්සන් කර  තිබිම වන අතර මේ  කෙටි ලිපිය හර්ෂද  සිල්වා  නියෝජ්‍ය ඇමතිවරයා අත්සන් කර  තිබීමය 




                                                             හර්ෂ ද සිල්වා ගේ ලිපිය 

    

                                     ප්‍රවුර්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා  නිකුත්  කළ නිවේදනය 


 උපවාසය ආරම්භ  කළ විට  මා  කිවේ  මස් රාත්තලම  ඉල්ලන්නට ගොස් විජේවීරත් ප්‍රභාකරනුත්  කෙලවා  ගත් බවය .  එබැවින් අන්තරේ  විසින්  මස් රාත්තලම  ඉල්ලන්නට  යාම පරාජයට මාවත  බවය . වෛද්‍ය සංගමය  ආණ්ඩුවේ  ස්ථාවරය  පිළිගෙන  නිහඬ වුයේ මස් රාත්තලම  ඉල්ලන්නට  ගොස්  තියෙන දෙකත් ගැලවෙන්නට ඉඩ තිබෙන බව දැන සිටි නිසාය .එහෙත් කොල්ලන්ට එවැනි බුද්ධියක් නැත . උන්ට උවමනා වන්නේ  සටන්ය. දවාලයේ  පෙළපාලි ගොස් හැන්දෑවට  ගෙදර  ගිය  විට  බත් පිඟාන  මේසය  මත තිබේ. අඳින්නට  කමිසය අම්මා විසින් සෝදා  තිබේ.  සපත්තු දෙක  නංගිට  කියා  පොලිෂ් කරගත හැක .පසුදා පෝස්ටර් අලවන්නට    යන්නට  රුපියල් දෙතුන් සීයක්  ඉල්ලා  කෙඳිරි ගෑවීට බැනුම්  කප්පරක්  සමග   තාත්තාගෙන්   එය ලැබෙන්නේය . තේ  බොන්නට දවල්ට  කන්නට  මහා පොළ ශිෂ්‍යත්වයෙන්  ගතමනාව  ලැබෙන්නේය . එබැවින් ඔවුහු  ඉගනීම දෙකට දමා තමන්ගේ  පක්ෂ  නායකයන් හෝ ශිෂ්‍ය  නායකයන්  කියන  කියන  දේ  කරන්නට  සැදී පැහැදී සිටිති .


ඔවුන්ට  මොලේ  පෑදෙන්නේ ගෙදර  බත් පිඟාන  නැතිවූ දවසටය .


උපවාසයක් ඇරඹුවද ඊට  මහජන සහය නොමැති බව අන්තරේ ලොක්කන්ටත්,  පෙරටුගාමින්ටත් , ජවිපෙටත් තේරුම් ගන්නට හැකිවුයේ දවස්  දෙකක් ගත වීමෙන් පසුවය . එබැවින් ඔවුන්ට  ඕනා වුයේ උපවාසය  නවත්තන්නට කුමක් හෝ  ගැලවිජ්ජාවකි . ආණ්ඩුවේ  ස්ථාවරය අලුත් වචන වලින්  ලියා  හර්ෂද සිල්වා දුන් විට එය  බාර ගෙන  ජාම් බේරා  ගන්නවා  හැර වෙනත් විකල්පයක් ඔවුන්ට  නොවිය.


සයිටමය ජනසතු  කරන තුරු සටන් කරන්නට  ගොස්  සටන අවසන් උනේ එසේය . මාස එකොළහක් තිස්සේ  පන්ති වර්ජනය  කළ සිසුන්ට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවට වග  කියන්නට  කිසිවෙකු නැත .  රටට  සිදුවූ  හානියට වග කියන්නට කෙනෙක් නැත  .දොස්තර වර්ජන නිසා  මිය ගිය  රෝගීන්ට   පන දෙන්නට  කෙනෙක් නැත 

 එහෙත් එක  ශිෂ්‍ය  ජීවිතයක්  හෝ  අහිමි නොවී මෙය මෙසේ අවසන් වීම සියලු පාර්ශවයන් ලැබූ  ජයග්‍රහණයකි .

Comments

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...