Skip to main content

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට



                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු 


                      තවමත්  නවීන  ලෝකයට  පිවිස  නැති සවුදි අරාබියේ   රජපවුලේ  අඬු  කැඩීමේ    ප්‍රහාරයක් එහි ඔටුන්න  හිමි කුමාරයා විසින් අරඹා  තිබේ.


     කලින් සිටි  සවුදි රජු වූ අබ්දුල්ලාට  හිතවත්  රජ කුමාරවරු , සව්දි ආණ්ඩුවේ ඇමතිවරු  සහ  ප්‍රාදේශීය  නායකයන්  සහ ව්‍යාපාරිකයන්  අත්අඩංගුවට   ගෙන තිබේ .ඇතැම් රජ  කුමාරවරුන්ට  අත් අඩංගුවේ  සිටියදී වද  හිංසා  කොට කට  උත්තර  ලබාගෙන  තිබේ . ඔවුන්ට  වද  හිංසා  පමුණුවා ඇත්තේ  ඔවුන්ගේ  බැංකු  ගිණුම් පිලිබඳ  විස්තර  ලබා  ගැනීමටය .


සවුදි  රජපවුලේ බලකණු හතරේ දරුවන්  දුර්වල කිරීමේ අරමුණෙන්  මෙම අත් අඩංගුවට ගැනීම අරඹා ඇතැයි විචාරකයෝ කියති .1964 දී  හිටපු සවුදි රජෙකු  බලයෙන් පහකිරීම සඳහා  ඔහුගේ සහෝදරයෙකු  ආරක්ෂක හමුදා  යෙදවීමේ  සිද්ධියෙන්  පසු  සවුදි  රජපවුලේ  මෙවැනි  ඉහල මට්ටමේ  අත්අඩංගුවට ගැනීම් සිදුවූ  පළමු වතාවය .


 පළමු වටයේදී ලේඛකයන් , පුජකයන්   ආර්ථික විද්‍යාඥයන් සහ  ප්‍රසිද්ධ  පුද්ගලයන් අත් අඩංගුවට  ගනු ලැබිය . 


දිනපතාම  අත් අඩංගුවට  ගැනීම සිදුවන  අතර  මේ වන විට  500  කට අධික  පිරිසක් අත් අඩංගුවට  ගෙන තිබේ. ඇතැමෙකු  නිවාස  අඩස්සියට  පත් කොට  තිබේ.



                     අත්අඩංගුවට  ගත් සවුදි කුමාරවරුන්ට  පුටු උඩ සහ  බිම  නිදාගැනීමට සිදුවිය     


මෙසේ  අත්අඩංගුවට  ගනු ලබන්නේ ඔටුන්න   හිමි කුමාරයා වන මොහමඩ් බින් සල්මාන් විසින් දියත්කොට ඇති දුෂණ විරෝධී ක්‍රියාන්විතයක්  යටතේය . ඔහු වත්මන් සවුදි  රජා වන සල්මාන් ගේ  පුතාය .


ඔටුන්න  හිමි කුමාරයාගේ  ඥාති  සහෝදරයා ද නිවාස අඩස්සියට  පත් කොට තිබෙන අතර  ඔහුගේ දේපොළ අයිතිය අත්හිටවා  තිබේ.  දහසක  පමණ  පිරිසකගේ  බැංකු ගිණුම්  සව්දි  රජය විසින්  තහනම්  කර  තිබේ.


සව්දි අරාබියට ආවි ආයුධ  මිලදී ගැනීම් වලදී අතයටින් කුමාවරුන්ට ඩොලර්  ලක්ෂ  ගණනින් ආයුධ සමාගම් විසින්  ලබා දී  තිබීම සොයා  ගැනීම් සඳහා  මෙන්ම වෙනත් අයථා මාර්ග වලින්  මුදල්  යටිමඩි  ගැසීම  පිළිබඳව  සොයා  බැලීම සඳහා මෙම  අත්අඩංගුවට  ගැනීම් ඇරඹි තිබේ.  ඇමරිකාවේ  හිටපු සවුදි තානාපති වරයෙකු වන  බන්ඩාර්  කුමාරයා  බ්‍රිතාන්‍යයේ  අක්කර 2000ක ගම්මානයක් කලකට  පෙර  මිලදී  ගෙන තිබුණු   අතර ඒ ගැන සෙවීමේදී ආයුධ  සමාගමක් විසින්  ඔහුගේ ඇමරිකාවේ  බැංකු ගිණුමකට ඩොලර්  මිලියන  30 ක්  දමා  තිබු  බව  හෙළිවිය .


වත්මන්  සවුදි රජුගෙන් පසු රජකම  ලැබීමට  නියමිත  සල්මාන් කුමාරු විසින්  රජපවුලට එරෙහිව අරඹා ඇති මේ දැවැන්ත  ප්‍රහාරය අනතුරු දායක  මෙහෙයුමක් බව විචාරකයන්ගේ  මතයයි. මෙය  සවුදි රජ  පවුලේ අත්තිවාරමට එරෙහිව  එල්ල  කරන  ලද  ප්‍රහාරයකි . මෙය වැරදි  ගියහොත් අල්ලාගෙන  නැති  රාජකුමාරවරු මොහුගේ සහ  පවුලේ  ඥාතීන්ගේ  බෙලි  කැපීමෙන්   මාලිගා විප්ලවය  ආපසු හරවනු ඇත.


රටේ  ජනගහනයෙන්  බහුතරයක් වන  තරුණයන්ගේ ආකර්ෂණය දිනා   ගැනීම  සඳහා  ඔහු කටයුතු කරමින්  සිටින්නේ  ඒ නිසාය . සවුදි අරාබිය  නවීන ඉස්ලාම්ල  රාජ්‍යයක්  බවට  පරිවර්තනය  කරන  බව ඔහු දැනටමත්  කියා  තිබේ.  ලබන වසරේ  මැද භාගයේ සිට සවුදි  කතුනට  වාහන පැදවීමට  අවසර දීමට  දී  තිබෙන අතර කාන්තාවනට  ක්‍රීඩා තරඟ වලට සහභාගී වීමේ  නිදහසද  ලබා දීමටද තීරනය  කර තිබේ.


සවුදි අරාබිය  කොතරම් දුරකට  වෙනස්  කම් කරනු ඇති  තවමත් කිව  නොහැක  තෙල්  විකිණීමෙන් ලබන  ධනය  හැමදාම  ලැබෙන්නේ  නැත. එබැවින්  වෙනත් ආයෝජනවලට  යාමෙන් මිස  සවුදියට  කලාපයේ බලවතෙකු ලෙස  දිගින් දිගටම  පැවතීමට  නොහැකිය. 


සවුදියේ ඇරඹි ඇති මේ විප්ලවය  එහි පවතින රදල සමාජ  ක්‍රමය අවසන් කොට ධනපති සමාජ  ක්‍රමය වෙත පිවිසීමේ ආරම්භයක්  ලෙස  සැලකිය  හැක .




                                                            සවුදි අරාබියේ රියාද්  නගරය 

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...