Skip to main content

Posts

Showing posts from July, 2020

ඒකීය රාජ්ජයේ සිට ලියමි

ලංකාවේ ආණ්ඩුක් ‍ රම ව් ‍ යවස්ථා වේ නම් සඳහන් වෙන්නේ ලංකාව ඒකීය රාජ් ‍ යයක් බවය. ව් ‍ යවස්ථාවේ ඉන්ගිරිසි පිටපතේ ඒ බව ලියා ඇත්තේ මෙසේය THE PEOPLE, THE STATE AND SOVEREIGNTY 1. Sri Lanka (Ceylon) is a Free, Sovereign, Independent and Democratic Socialist Republic and shall be known as the Democratic Socialist Republic of Sri Lanka. 2. The Republic of Sri Lanka is a Unitary State. ඔය ඒකීය හෙවත් Unitary යන වචනය ගිනිගන්නා සුළුය. පුපුරන සුළුය. පාස්කු බෝම්බ තරම් භයානකය ඔය වචනය ව් ‍ යවස්ථාවෙන් ඉවත් කරන්නට ගියහොත් කීප දෙනෙකු පරලොව යනු ඇත සිය ගණනක් තුවාල ලබනු ඇත දාස් ගණනක් පෙලපාලි යනු ඇත මහසොන්නු ගිණි තියනු ඇත එහෙත් ඔය වචනය ව් ‍ යවස්ථාවේ කාලයක් තිස්සේ තිබුනා කියා රට ඒකීය වී තිබේද ? අපි ඉන්නේ ඒකීය රටකද ? ලාංකික පුරවැසියන් හදවත් වලින් ඒකීය ද ? ව් ‍ යවස්ථාවේ ඒකීය වචනය දමාගෙන රට බෙදන්නට අපි බොහෝ දෙනෙකු දායක වී ඇත්තෙමු . සිංහල ඉස්කෝල, දෙමල ඉස්කෝල ,මුස්ලිම් ඉස්කෝල, බෞද්ධ ඉස්කෝල, ක් ‍ රිස්තියානි ඉස්කෝල, හින්දු ඉස්කෝල ,ඉස්ලාම් ඉස්කෝල කියා ජනවර්ගය සහ ආගම මත පාසල් පවත්වාගෙ