Skip to main content

Posts

Showing posts from April, 2023

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොගොස් චීනයේ සහය ඉල්ලිය යුතුද ?

  වමේ පක්ෂ මෙන්ම සිංහල ආධිප්තයවාදී මත දරන පතුරු පක්ෂද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගැනීමට විරුද්ධය ඔවුන්ගේ මතය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගත් කිසිවෙකු ගොඩ ගියේ නැති බවය. තවත් හිඟමනට වැටුණු බවය. ඇත්ත වශයෙන්ම ගොඩ ගිය රටවල් ගණනවක් තිබේ අසාර්ථකවූ රටවල් කීපයක්ද තිබේ   අසාර්ථක වුයේ නම් ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රශ්නයක් නොව එම රටවල ආර්ථිකය මෙහෙයවන්නන්ගේ දුර්වල කම් නිසා බව සමහරු කියති   මේ ගැන වටිනා විග්‍රහයක් ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කබීර් හෂීම් මහතා කළේය YOU TUBE හි මෙම කතාව තිබිය හැක. එය සවන්දීමට වටිනා කතාවකි මන්ද ඔහු මධ්‍යස්ත ලෙස සිටිමින් එම කතාව කළ නිසාය   ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විකල්පයක් ඉදිරිපත් කරමින් කතා කලේ විමල් වීරවංශ පමණි ඔහු උදාහරණයක් ලෙස එල් සැල්වදෝරය දැක්වීය චීනය එල් සැල්වදෝරයේ ණය පවරාගෙන ණය සහ පොලිය අදාළ ආයතනවලට ගෙවීමට සුදානම් බවත් එල් සැල්වදෝරය මේ සම්බන්ධයෙන් චීනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වෙමින් සිටින බවත් ඔහු කීය   මේ ගැන මවිසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය වුයේ චීනය එවැනි යෝජනාවක් එල් සල්වදෝරයට කර ඇති නමුත් එරට තවමත් ඒ ගැන ත

හමුවී ,නැතිවී ,යලි හමුවී, නැතිවී ගිය මගේ ලඟම මිතුරා

අපි පළමු වරට හමුවුයේ මීරිගම ඉංග්‍රීසි ගුරුවිදුහලට පුහුණුව සඳහා ගිය විටය ඒ 1984 දීය අපි දෙදෙනාම එකම බෝට්ටුවේ අය වූ බැවින් අපි හනික මිතුරන් වූයෙමු 1980 ජුලි වැඩ වර්ජනයට ඔහු පේරාදෙණිය ගුරු විදුහලේදී එකතු වූ අතර ජේ ආර් ආණ්ඩුව ඔහු අවුරුදු තුනකට ගෙදර යැව්වේය මම මහරගම ගුරු විදුහලේ ගුරු පුහුණුව ලබමින් සිටින අතරතුර 1980 ජුලි වැඩ වර්ජනයට සහභාගිවීම නිසා ජේ.ආර් .ආණ්ඩුව මා අවුරුදු තුනකට ගෙදර යැව්වේය අවුරුදු 3කට පසු ඔහු සේවයේ පිහිටවූ අතර මා ද අවුරුදු 3 කැට පසු සේවයේ පිහිටුවන ලැබිණි ඔහුත් ලංකා ගුරු සංගමයේය මමත් ලංකා ගුරු සංගමයේය ඔහුත් සමාජවාදී මත දැරිය මමත් සමාජවාදී මත දැරීමි ඔහුත් ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබීය මමත් ඉංග්‍රීසි ගුරු පුහුණුව ලැබීමි මිරිගම දී අපි දෙදෙනාම නවාතැන් ගත්තේ එකම බෝඩිමේය 1984 අගදී අපි පුහුණුව අවසන් කොට වෙන්වී ගියෙමු එකල දුරකථන නොවුයෙන් අදහස් හුවමාරු කරගත්තේ තැපාලෙනි. ඔහු ජවිපෙට හිතවත් මත දැරූ අතර මාද එම මතයට ගන්නට උත්සහ කළේය 1987-88-89 භිෂණ සමය උදාවිය ඉන්පසු ඔහුගෙන් එකම ලිපියක් වත් ආවේ නැත ඔහු භීෂණයට ගොදුරු වෙන්නට ඇතයි අනුමාන කලෙමි එහෙත් ඔහුට ලිපි දෙකක් තුනක් යවමින් පණපිට