Skip to main content

Posts

Showing posts from January, 2022

බිත්තර සහ බෝම්බ

         දේශපාලකයනට කුණු බිත්තර හෝ කුණු තක්කාලි වලින් ගැසීම මහජනයා විසින් අහිංසක ආකාරයෙන් ඔවුන්ට විරෝධය දැක්වීමක් ලෙස සැලකේ . පසුගිය දිනක අවුරුදු 17 ගැටයෙකු ඕස්ට් ‍ රේලියාවේ ස්වාධින සෙනෙට් සභිකයෙකු වන Frasar Anning ළඟටම ගොස් ඔහු ගේ තට්ටයට බිත්තරයකින් ගැසුවේය . සෙනෙට් සභිකයා ගැටයාගේ මුහුනට අත මිට මොලොව පහර දුන්නේය පොලිසිය ගැටයා අල්ලා උසාවි දැම්මේය උසාවියෙන් ඇප දුන්නේය මේ නිසා ගැටයා වටා ඕස්ට් ‍ රේලියානු ජනතාව එකතු විය සෙනෙට් සභිකයාට එරෙහිව නිතිය අඩුවකින් තොරව ක් ‍ රියාත්මක විය යුතු බව ඔස්ට් ‍ රේලියානු අගමැති කීය ගැටයාගේ නඩුවට වියදම් කිරීම සඳහා සහ තව බිත්තර මිලදී ගැනීම සඳහා අරමුදලක් ආරම්භ කරන ලදී මේ වන විට 3000 කට අධික පිරිසක් ඕස්ට් ‍ රේලියානු ඩොලර් 63000 කට වඩා මෙම අරමුදලට ප් ‍ රදානය කර තිබේ . පසුව බ් ‍ රිතාන් ‍ ය අගමැතිවූ ඩේවිඩ් කැමරන් ට 2010 අප් ‍ රියෙල් මාසයේදී ශිෂ් ‍ යයෙකු විසින් බිත්තරයකින් පහර දුන්නේය පොලිසිය ඔහුව ටික වෙලාවකට අත් අඩංගුවට ගත් නමුත් උසාවියට ඉදිරිපත් කලේ නැත . බ් ‍ රිතාන් ‍ ය දේශපාලකයෙකුවූ Ed Milibandට එක වරකට වඩා බිත්තර ප් ‍ රහාර වලට මුහුණ දීමට සිදුව

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය  ඩොනල්ඩ් ස්ටුඩියෝව තුල පින්තුර ගත් හැටිද, කාරයක නැගී ආපසු ආ හ

සිරිමා කෑ පරිප්පුව

කාටත් පාහේ දැන් පරිප්පු කන්නට සිදුවී ඇත ඉස්සරහටත් පරිප්පු කන්නට සිදුවේද ?. පෙනෙනෙන හැටියට පරිප්පු කෑම සුඛෝපභෝගී කෑමක් වන්නට යන්නේය එ නිසා ඉදිරි කාලයේදී පරිප්පු කන්නට ලැබේදැයි සැකය . ඒ සැකය ඇති උනේ මේ නිසාය . ඊයේ කඩේකට ගොස් කප් පරිප්පු නමින් හඳුන්වන ලොකු ඇට පරිප්පු කිලෝවක් ඉල්ලීමි ඒ සමගම මිලද ඇසීමි පරිප්පු කිරන්නට සිටියේ හීන්දැරී තරුණියකි . "කිලෝවක් සුපියල් 298 යි "ඇය කීවාය "නැහැ . අලුත් තොගේ රු 320 යි " මුදලාලි පිටිපස සිට කෑගසමින් ඉදිරියට ආවේය . "මේ විකුණන්නේ පරණ තොගේ නේ ?" මම කීමි . "නැහැ මහත්තය අලුත් ඒවා . කිලෝවක් මටම වෙලා තියෙනවා රු 314 ක් "මුදලාලි කීය . "මිනිස්සුන්ට පරිප්පු ටිකක්වත් කන්නට බැරිවෙනවා ඉස්සරහට " මුදලාලි තව දුරටත් කීවේය. පරිප්පු කිලෝව මිලදී ගෙන එන විට මට මතක් වුයේ ඇසු පරණ කතාවකි. කතාව මෙසේය . චන්ද් ‍ රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර පළාතේ මහා ඇමති සමයේ මතුගම අධ්යාපන කලාපයේ පාසලක් වන කඹුරාවල මහා විද් ‍ යාලයේ විවෘත කිරීමකට ඇයට ආරාධනා කර තිබුණි .උදේ වරුවේ හොරණ පැත්තේ විවෘත කිරීම් කීපයක්ද යොදා තිබුන බැවින් ඇයට දිවා

ඉන්දු ලංකා පාලම කෙලවර වන්නේ කැරැල්ලකින්ද ?

         ඉන්දියාව සතුව තිබු   ත්‍රිමලේ තෙල් ටැංකි  ගිවිසුමක් මගින්    ආපසු ලංකාවට පවරා ගත් බවට ගම්මන්පිල ඇමතිවරයා කිව්  අතර ගම්මන්පිල අත්සන් කළ ගිවිසුම මගින්  තෙල් ටැංකි ටික ඉන්දියාවට  දී ඇතැයිද  එය අපගේ ස්වයිරි භාවයට, භෞමික අඛණ්ඩ තාවයට තර්ජනයක් යයි ජවිපෙ කියයි .  ජවිපෙ එතනින් නවතින්නේ නැත  ඊයේ ( 12  වනදා) මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ ජවිපෙ නායකයෙකු වන හඳුනෙත්ති කියා සිටියේ  අත්සන් කළ ගිවිසුම  ඉන්දියාවේ ධනුෂ්කොඩිය හරහා තලේමන්නරමට පාලමක්  දමා එහි සිට ගොඩබිමින්  ත්‍රිමලේ තෙල් ටැංකිවලට තෙල් ගෙන ඒමට නල පද්ධතියක් එලීම දක්වා  දිගුවෙන බවය  මෙම තෙල් ටැංකි ඉන්දියාවට අයිතිව තිබූ බව තහවුරු කිරීමට  ගම්මන්පිල කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොකරන අතර දෙරට යා කරමින්  පාලමක් ඉදිකරන බව තහවුරු කිරීමට  කිසිදු ලිඛිත  සාක්කියක්  හඳුනෙත්ති ද  ඉදිරිපත් නොකරයි. ඉන්දියාව සහ ලංකාව යා කරන පාලමක් ඉදිකිරීමෙන් ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වෙයිද ? 1964  ට පෙර කොටුවේ දුම්රියපොලෙන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන මිනිස්සු ඉන්දියාවට ගියහ INDU-LANKA EXPRESS     නමින් හඳුන්වන ලද එම දුම්රිය අරඹන ලද්දේ 1914 දී සුද්දන් විසිනි  මෙම දුම්රිය ඉ

චීනය ගොඩ ගෙන ආර්ථික බලවතෙක් කළ නාකියා

   ඔහු  ඩෙන් ශියාවෝපිං ය දීර්ඝ කාලින සන්නද්ධ අරගලයකින් පසු 1949 දී චීනයේ බලය ලබා ගත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං විසිනි. ඩෙන් ශියාවෝපිං මාවෝ සමග තුවක්කු ගෙන සටන් කළ නායකයෙකි කොමියුනිස්ට් පක්ෂයේ ඉහල මට්ටමේ සාමාජිකයෙකි එහෙත් මාවෝ ට චීනයේ ආර්ථිකය නැංවීමට නොහැකි විය මාවෝ විසින් ගනු ලැබූ මොට්ට තීරණ නිසා වී ඇතුළු ආහාර නිෂ්පාදනය බිඳ වැටි මහා සාගතයක් ඇතිවී 1959-61 අතර මිලියන 30 ක් චීන වැසියන් කෑමට කිසිවක් නැතිකමින් මරණයට පත්වුහ . ඉහත සාගතය සහ මරණ සිදු වුයේ ' පක්ෂය දියත් කළ මහා ඉදිරිපිම්ම ' නමැති වැඩ සටහන නිසා බව 1981 පැවැත්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී පිළිගන්නා ලදී. 1976 මාවෝගේ මරණයෙන් පසු හැල හැප්පිලි ගණනාවක් සිදුවීමෙන් පසු ඩෙන් ශියාවෝපිං 1978 දී චීනයේ නායකයා බවට පත්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 74කි . සමාජවාදී මාවත අසාර්ථක බව ඔහු හොඳින් දැනසිටියේය එබැවින් කොමියුනිස්ට් පක්ෂය රට පාලනය කරන අතර ධනවාදී ආර්ථික ක් ‍ රමය මගින් ආර්ථිකය නැංවීම ඔහුගේ වැඩසටහන විය. "බලලා මීයන් අල්ලනවානම් ඌ සුදු වුවත් කළු වුවත් කමක් නැත" යනුවෙන් ඔහු