Skip to main content

චීනය ගොඩ ගෙන ආර්ථික බලවතෙක් කළ නාකියා

 



 ඔහු ඩෙන් ශියාවෝපිං ය

දීර්ඝ කාලින සන්නද්ධ අරගලයකින් පසු 1949 දී චීනයේ බලය ලබා ගත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං විසිනි. ඩෙන් ශියාවෝපිං මාවෝ සමග තුවක්කු ගෙන සටන් කළ නායකයෙකි කොමියුනිස්ට් පක්ෂයේ ඉහල මට්ටමේ සාමාජිකයෙකි

එහෙත් මාවෝ ට චීනයේ ආර්ථිකය නැංවීමට නොහැකි විය

මාවෝ විසින් ගනු ලැබූ මොට්ට තීරණ නිසා වී ඇතුළු ආහාර නිෂ්පාදනය බිඳ වැටි මහා සාගතයක් ඇතිවී 1959-61 අතර මිලියන 30 ක් චීන වැසියන් කෑමට කිසිවක් නැතිකමින් මරණයට පත්වුහ .

ඉහත සාගතය සහ මරණ සිදු වුයේ ' පක්ෂය දියත් කළ මහා ඉදිරිපිම්ම ' නමැති වැඩ සටහන නිසා බව 1981 පැවැත්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී පිළිගන්නා ලදී.
1976 මාවෝගේ මරණයෙන් පසු හැල හැප්පිලි ගණනාවක් සිදුවීමෙන් පසු ඩෙන් ශියාවෝපිං 1978 දී චීනයේ නායකයා බවට පත්විය.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 74කි

.

සමාජවාදී මාවත අසාර්ථක බව ඔහු හොඳින් දැනසිටියේය එබැවින් කොමියුනිස්ට් පක්ෂය රට පාලනය කරන අතර ධනවාදී ආර්ථික ක්රමය මගින් ආර්ථිකය නැංවීම ඔහුගේ වැඩසටහන විය.
"බලලා මීයන් අල්ලනවානම් ඌ සුදු වුවත් කළු වුවත් කමක් නැත"
යනුවෙන් ඔහු කීය

එහි අර්ථය වුයේ රට ගොඩගත හැකි නම් ධනවාදී ක්රමය වුවත් කමක් නැත යන්නය
ඔහු ධනපතිරටවලට චීනයේ ආයෝජනය කරන ලෙස ආරාධනා කළේය ඒවා ජනසතු නොකරන බවත් කම්කරු අයිතීන් සම්බන්ධයෙන් චීන ආණ්ඩුව ඇඟිලි නොගසන බවත් නව නායකයා ආයෝජයනට කීවේය



(අමරිකාවේ සංචාරකයා ගිය ඩෙන්ශියාවෝ ඇමරිකන් ජනාධිපති කාටර් සහ හිටපු ජනාධිපති නික්සන් සමග )


දස දහස් ගණනින් ආයෝජකයෝ චීනයට පැමිණියහ

ව්යාපාර කිරීමට චීන වැසියන්ටද අවසර දුන්නේය

ව්‍යාපාරිකයන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ දොර ඇර සාමාජිකත්වය දුන්නේය
ඔහු කළ තවත් වැදගත් ප්රතිසංස්කරණයක් වුයේ රතු හමුදාව දස ලක්ෂයකින් අඩු කිරීමයි
එමගින් විශාල මුදලක් ඔහු ආණ්ඩුවට ඉතිරි කරගෙන එම මුදල සංවර්ධන වැඩට යෙදෙව්වේය


ඩෙන් ශියාවෝපිං බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වූ මාගරට් තැචර් සමග



වයසක මිනිසෙකු වූ ඩෙන් ශියාවෝපින් චීනය ආර්ථික සමුර්ධිය ගෙනාවේ එසේය

1997 දී ඔහු මියගිය නමුත් ඔහු හඳුන්වා දුන් මාවතම ඉන්පසු බලයට ආ චීන නායකයෝ අනුගමනය කළහ
අද ඇමරිකාවට අභියෝග කිරීමට තරමට චීනය ඉදිරියට පැමිණ ඇත ඊට අත්තිවාරම දැම්මේ ඩෙන් ශියාවෝපිං නාකියා විසිනි



ඩෙන් ශියාවෝපිංගේ ප්‍රතිමාව ට ආචාරය පුදකරන වත්මන් චීන නායක ක්ෂින් පිං

Comments

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...