Skip to main content

චීනය ගොඩ ගෙන ආර්ථික බලවතෙක් කළ නාකියා

 



 ඔහු ඩෙන් ශියාවෝපිං ය

දීර්ඝ කාලින සන්නද්ධ අරගලයකින් පසු 1949 දී චීනයේ බලය ලබා ගත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං විසිනි. ඩෙන් ශියාවෝපිං මාවෝ සමග තුවක්කු ගෙන සටන් කළ නායකයෙකි කොමියුනිස්ට් පක්ෂයේ ඉහල මට්ටමේ සාමාජිකයෙකි

එහෙත් මාවෝ ට චීනයේ ආර්ථිකය නැංවීමට නොහැකි විය

මාවෝ විසින් ගනු ලැබූ මොට්ට තීරණ නිසා වී ඇතුළු ආහාර නිෂ්පාදනය බිඳ වැටි මහා සාගතයක් ඇතිවී 1959-61 අතර මිලියන 30 ක් චීන වැසියන් කෑමට කිසිවක් නැතිකමින් මරණයට පත්වුහ .

ඉහත සාගතය සහ මරණ සිදු වුයේ ' පක්ෂය දියත් කළ මහා ඉදිරිපිම්ම ' නමැති වැඩ සටහන නිසා බව 1981 පැවැත්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී පිළිගන්නා ලදී.
1976 මාවෝගේ මරණයෙන් පසු හැල හැප්පිලි ගණනාවක් සිදුවීමෙන් පසු ඩෙන් ශියාවෝපිං 1978 දී චීනයේ නායකයා බවට පත්විය.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 74කි

.

සමාජවාදී මාවත අසාර්ථක බව ඔහු හොඳින් දැනසිටියේය එබැවින් කොමියුනිස්ට් පක්ෂය රට පාලනය කරන අතර ධනවාදී ආර්ථික ක්‍රමය මගින් ආර්ථිකය නැංවීම ඔහුගේ වැඩසටහන විය.
"බලලා මීයන් අල්ලනවානම් ඌ සුදු වුවත් කළු වුවත් කමක් නැත"
යනුවෙන් ඔහු කීය

එහි අර්ථය වුයේ රට ගොඩගත හැකි නම් ධනවාදී ක්‍රමය වුවත් කමක් නැත යන්නය
ඔහු ධනපතිරටවලට චීනයේ ආයෝජනය කරන ලෙස ආරාධනා කළේය ඒවා ජනසතු නොකරන බවත් කම්කරු අයිතීන් සම්බන්ධයෙන් චීන ආණ්ඩුව ඇඟිලි නොගසන බවත් නව නායකයා ආයෝජයනට කීවේය



(අමරිකාවේ සංචාරකයා ගිය ඩෙන්ශියාවෝ ඇමරිකන් ජනාධිපති කාටර් සහ හිටපු ජනාධිපති නික්සන් සමග )


දස දහස් ගණනින් ආයෝජකයෝ චීනයට පැමිණියහ

ව්‍යාපාර කිරීමට චීන වැසියන්ටද අවසර දුන්නේය

ව්‍යාපාරිකයන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ දොර ඇර සාමාජිකත්වය දුන්නේය
ඔහු කළ තවත් වැදගත් ප්‍රතිසංස්කරණයක් වුයේ රතු හමුදාව දස ලක්ෂයකින් අඩු කිරීමයි
එමගින් විශාල මුදලක් ඔහු ආණ්ඩුවට ඉතිරි කරගෙන එම මුදල සංවර්ධන වැඩට යෙදෙව්වේය


ඩෙන් ශියාවෝපිං බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වූ මාගරට් තැචර් සමග



වයසක මිනිසෙකු වූ ඩෙන් ශියාවෝපින් චීනය ආර්ථික සමුර්ධිය ගෙනාවේ එසේය

1997 දී ඔහු මියගිය නමුත් ඔහු හඳුන්වා දුන් මාවතම ඉන්පසු බලයට ආ චීන නායකයෝ අනුගමනය කළහ
අද ඇමරිකාවට අභියෝග කිරීමට තරමට චීනය ඉදිරියට පැමිණ ඇත ඊට අත්තිවාරම දැම්මේ ඩෙන් ශියාවෝපිං නාකියා විසිනි



ඩෙන් ශියාවෝපිංගේ ප්‍රතිමාව ට ආචාරය පුදකරන වත්මන් චීන නායක ක්ෂින් පිං

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...