Skip to main content

සිරිමා කෑ පරිප්පුව









කාටත් පාහේ දැන් පරිප්පු කන්නට සිදුවී ඇත

ඉස්සරහටත් පරිප්පු කන්නට සිදුවේද ?.

පෙනෙනෙන හැටියට පරිප්පු කෑම සුඛෝපභෝගී කෑමක් වන්නට යන්නේය එ නිසා ඉදිරි කාලයේදී පරිප්පු කන්නට ලැබේදැයි සැකය .

ඒ සැකය ඇති උනේ මේ නිසාය .

ඊයේ කඩේකට ගොස් කප් පරිප්පු නමින් හඳුන්වන ලොකු ඇට පරිප්පු කිලෝවක් ඉල්ලීමි ඒ සමගම මිලද ඇසීමි පරිප්පු කිරන්නට සිටියේ හීන්දැරී තරුණියකි .

"කිලෝවක් සුපියල් 298 යි "ඇය කීවාය

"නැහැ . අලුත් තොගේ රු 320 යි " මුදලාලි පිටිපස සිට කෑගසමින් ඉදිරියට ආවේය .

"මේ විකුණන්නේ පරණ තොගේ නේ ?" මම කීමි .

"නැහැ මහත්තය අලුත් ඒවා . කිලෝවක් මටම වෙලා තියෙනවා රු 314 ක් "මුදලාලි කීය .

"මිනිස්සුන්ට පරිප්පු ටිකක්වත් කන්නට බැරිවෙනවා ඉස්සරහට " මුදලාලි තව දුරටත් කීවේය.

පරිප්පු කිලෝව මිලදී ගෙන එන විට මට මතක් වුයේ ඇසු පරණ කතාවකි.

කතාව මෙසේය .

චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර පළාතේ මහා ඇමති සමයේ මතුගම අධ්යාපන කලාපයේ පාසලක් වන කඹුරාවල මහා විද්යාලයේ විවෘත කිරීමකට ඇයට ආරාධනා කර තිබුණි .උදේ වරුවේ හොරණ පැත්තේ විවෘත කිරීම් කීපයක්ද යොදා තිබුන බැවින් ඇයට දිවා භෝජන සංග්රහයක් කඹුරාවල පාසැල විසින් සුදානම් කර තිබුනේය .

ඇය පාසලට ආවේ ප්රමාද වීය විවෘත කිරීමේ උත්සවය අවසන් වන විට සවස හතරට පමණ වී තිබුණි ඉන්පසුව දිවා භෝජනයට ඇයව විදුහල්පතිනිය විසින් කැඳවා ගෙනයනු ලැබුවාය.

දිව භෝජනයට පරිප්පු ව්යංජනයක්ද තිබුණි.
භෝජනය ගන්නා අතරතුර කීපවාරයක් පරිප්පු බෙදා ගත් චන්ද්රිකා මෙසේ කීවාය.

"අපේ අම්ම 77 පැරදුනෙත් පරිප්පු නිසා තමා "

කතාව මට කීවේ එවක එම පාසලේ විදුහල්පතිණිය විසිනි.

(සිරිමා බණ්ඩාරනායක 1970 සිට -77 දක්වා අගමැති වූ අතර 1972-75 අතර කාලයේ පරිප්පු ආනයනය නවත්වා තිබුණු බැවින් පරිප්පු ඇටයක් වත් දකින්නට තිබුනේ නැත .එකල පරිප්පු අද පරිප්පු වලට වඩා රසවත් විය එබැවින් දවසට වරක් හෝ පරිප්පු හොද්දක් හදාගෙන කෑම කාගේත් පුරුද්දක් වී තිබුණි එබැවින් පරිප්පු නැතිවීම මිනිස්සුන්ට මරු නගින කාරණාවක් විය.

1976 සිට පරිප්පු ඇතුළු ආහාර ආනයනය නැවත ඇරඹීම නිසා ආහාර හිඟය අවසන් උනත් 1977 මැතිවරණයෙන් සිරිමා බණ්ඩාරනායක ගේ ශ්රීලංකා නිදහස් පක්ෂයට හිමිවුයේ මන්ත්රි ධුර 8 ක් පමණි විපක්ෂ නායකත්වය වත් ලැබුනේ නැත එය දෙමල එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම්ට හිමිවිය ජේ ආර් ජයවර්ධන නායකත්වය දරු එජාපයට මන්ත්රි ධුර 140 ක් හෙවත් 5/6 ක බලයක් හිමිවිය )

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...