අගමැතිවරයාට එරෙහි අප්‍රියෙල් 4 වනදා පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරාවිද නැතහොත් පරදිවිද යන්න ගැන අනුමාන කිරීමට නම් 2015 මහමැතිවරණයේ ප්‍රතිඵල සහ ඉන්පසු ඇතිවූ දේශපාලන හැලහැප්පිලි ගැන විමසීමක් කර බැලිය යුතුය . ඉකුත් මහා මැතිවරණයේ ප්‍රතිඵල යලි මතකයට ගමු . එක්සත් ජාතික පෙරමුණ 106 එක්සත් ජනතා නිදහස් සන්ධානය 95 දෙමල ජාතික සන්ධානය 16 ජනතා විමුක්ති පෙරමුණ 6 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1 ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1 අප්‍රියෙල් 4 දිනට නියමිත චන්ද විමසීමේදී ඒ.ජා.පෙ.මන්ත්‍රීවරු 106 න් 102 දෙනෙකු විශ්වාස භංගය පරාජය කිරීමට චන්දය දෙනු ඇතැයි අපේක්ෂා කළහැකිය. කතානායක වරයාගේ චන්දය පාවිච්චි කරනු ඇත්තේ දෙපැත්තම සම වුවහොත්ය රතන හිමියන් රනිල්ට විරුද්ධව චන්දය දෙන බව දැනටමත් කියා තිබේ. විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති කමින් පැන්නීමට එජාප මන්ත්‍රීවරු කටයුතු කළ බැවින් ඔවුන්ට පාඩමක් ඉගැන්වීමේ අපේක්ෂාවෙන් වි
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත