Skip to main content

සිරිසේනගේ කෝකටත් තෛලය




Image result for kandy riot

   

 මහනුවර අමනුස්ස ක්‍රියා   ගැන හොයන්නට ජනධිපති විමර්ශන  කමිටුවක්  පත් කරන්ට තීරණය කළ  බව ජනාධිපති  මාධ්‍ය ඒකකය කියා  තිබේ.



කමිටු යනු කෝකටත්  තෛලය  ලෙස  ප්‍රසිද්ධය .


කමිටු වාර්තාව  ජනාධිපති වරයාට  භාර දීමට පෙර තවත් තැනක  දෙමළුන්ට  හෝ මුස්ලිම් මිනිසුන්ට  පහර දීමක් සිදුවීමට   ඉඩ  නැත්තේ  නොවේ.



Related image

කමිටු වාර්තාව  පැමිණි පසුද එවැන්නක් යලි සිදුවීම වැලක්වීමට ආණ්ඩුව  පියවර  ගනු ඇතැයි සැක සහිතය .එයට හේතුව1948  සිට  පැවතී සියලු ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවද ජාතිවාදී  කලකෝලාහල ඉදිරියේ බොක්ක  රත්වෙන නිසාය. දණහිස්  වෙවුලන නිසාය .


සුද්දන්  රට  පාලනය  කරද්දී  1915  සිංහල මුස්ලිම්  කලකෝලාහල ඇතිවූ වූ විට  යලිත් එවැනි කෝලාහලයක්  කරන්නට තියා හිතන්නටවත් බය  හිතෙන  කල්කදුරු සේ  තිත්ත  බෙහෙතක්   සුද්දා මංකොල්ල කාරයන්ට   දුන්නේය  .සු ද්දගේ බෙහෙතේ ආනුභාවය  1956 දක්වාම  පැවතියේය .



Image result for kandy riot

ආණ්ඩුව  කළ  යුත්තේ කමිටු පත් කොට වාර්තාව  එන තුරු  උඩ බලාගෙන  සිටීම නොවේ.  සුද්දා දුන් බෙහෙත මෙන් උගුරේ  සිට  අධෝමාර්ගය දක්වා  දක්වා  පිච්චි යන බෙහෙතක් දීමය . 

බෙහෙත  මෙසේය.  


 මහනුවර ජාතිවාදී කෝලාහලයට සම්බන්ධවූ  කොල්ලා  කුරුට්ටා දක්වා සියල්ලන්ම අත් අඩංගුවට  ගැනීම. 


නඩු අසා අවසන් වෙනතුරු  ඇප  නොදීම.


එම අපරාධ විභාග  කිරීම සඳහා විශේෂ අධිකරණ  පිහිටුවීම


කෝලාහලය  මෙහෙයවූ සියල්ලන්ගේම දේපොළ රාජසන්තක කිරීම .


විනාශ කරන  ලද දේපොළ වෙනුවෙන් වන්දි   ගෙවීම සඳහා,  නායකයන්ගේ  කීමට දේපොළ  විනාශ කිරීමට සම්බන්ධ  වූ  මැරයන්ගෙන්  දඩ  අය කර ගැනීම.


 ( අපේ  සාක්කුවෙන් අය  කර  ගන්නා බදු මුදල්වලින් වන්දි ගෙවනවාට අප එක හෙලාම විරුද්ධ විය යුතුය )


 අධිකරණය විසින්  නියම   කරන  ලද දඩ  මුදල් එකවර ගෙවීමට  නොහැකි අපරාධ කාරයන්ට වසර  පහක් තුළ  කොටස් වශයෙන් ගෙවා අවසන් කිරීමට නියම කිරීම


දේපොළ විනාශ කරද්දී  එය වැලක්වීමටඋත්සහ නොකර අනියමින් සහය දුන් පොලිස්  නිලධාරීන්  සේවයෙන් නෙරපීම.


  එවැනි දැඩි  පියවර  ගැනීමට ආණ්ඩුව සුදානම් නැත්තම් යලි යලි ජාතිවාදී  කලකෝලාහල ඇති කරන්නට ඥානසාර  පරපුරේ අවලම්මු  පාරට  බසින  බව ඒකාන්තය . දිගින් දිගටම එවැනි අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීමේ ප්‍රතිඵලය ලංකාවේ ආර්ථිකය අපාය දක්වාම  පල්ලම් බැසීමය . එවිට ඥානසාර  ලංකවේ  කොල්ලන්ට  කෙල්ලන්ට   රස්සා  හොයාගෙන තමිල්නාඩුවට  , ඇෆ්ගනිස්ථානයට  පවා  යාමට සිදුවිය  හැකිය .





Comments

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...