Skip to main content

සිරිසේනගේ කෝකටත් තෛලය




Image result for kandy riot

   

 මහනුවර අමනුස්ස ක්‍රියා   ගැන හොයන්නට ජනධිපති විමර්ශන  කමිටුවක්  පත් කරන්ට තීරණය කළ  බව ජනාධිපති  මාධ්‍ය ඒකකය කියා  තිබේ.



කමිටු යනු කෝකටත්  තෛලය  ලෙස  ප්‍රසිද්ධය .


කමිටු වාර්තාව  ජනාධිපති වරයාට  භාර දීමට පෙර තවත් තැනක  දෙමළුන්ට  හෝ මුස්ලිම් මිනිසුන්ට  පහර දීමක් සිදුවීමට   ඉඩ  නැත්තේ  නොවේ.



Related image

කමිටු වාර්තාව  පැමිණි පසුද එවැන්නක් යලි සිදුවීම වැලක්වීමට ආණ්ඩුව  පියවර  ගනු ඇතැයි සැක සහිතය .එයට හේතුව1948  සිට  පැවතී සියලු ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවද ජාතිවාදී  කලකෝලාහල ඉදිරියේ බොක්ක  රත්වෙන නිසාය. දණහිස්  වෙවුලන නිසාය .


සුද්දන්  රට  පාලනය  කරද්දී  1915  සිංහල මුස්ලිම්  කලකෝලාහල ඇතිවූ වූ විට  යලිත් එවැනි කෝලාහලයක්  කරන්නට තියා හිතන්නටවත් බය  හිතෙන  කල්කදුරු සේ  තිත්ත  බෙහෙතක්   සුද්දා මංකොල්ල කාරයන්ට   දුන්නේය  .සු ද්දගේ බෙහෙතේ ආනුභාවය  1956 දක්වාම  පැවතියේය .



Image result for kandy riot

ආණ්ඩුව  කළ  යුත්තේ කමිටු පත් කොට වාර්තාව  එන තුරු  උඩ බලාගෙන  සිටීම නොවේ.  සුද්දා දුන් බෙහෙත මෙන් උගුරේ  සිට  අධෝමාර්ගය දක්වා  දක්වා  පිච්චි යන බෙහෙතක් දීමය . 

බෙහෙත  මෙසේය.  


 මහනුවර ජාතිවාදී කෝලාහලයට සම්බන්ධවූ  කොල්ලා  කුරුට්ටා දක්වා සියල්ලන්ම අත් අඩංගුවට  ගැනීම. 


නඩු අසා අවසන් වෙනතුරු  ඇප  නොදීම.


එම අපරාධ විභාග  කිරීම සඳහා විශේෂ අධිකරණ  පිහිටුවීම


කෝලාහලය  මෙහෙයවූ සියල්ලන්ගේම දේපොළ රාජසන්තක කිරීම .


විනාශ කරන  ලද දේපොළ වෙනුවෙන් වන්දි   ගෙවීම සඳහා,  නායකයන්ගේ  කීමට දේපොළ  විනාශ කිරීමට සම්බන්ධ  වූ  මැරයන්ගෙන්  දඩ  අය කර ගැනීම.


 ( අපේ  සාක්කුවෙන් අය  කර  ගන්නා බදු මුදල්වලින් වන්දි ගෙවනවාට අප එක හෙලාම විරුද්ධ විය යුතුය )


 අධිකරණය විසින්  නියම   කරන  ලද දඩ  මුදල් එකවර ගෙවීමට  නොහැකි අපරාධ කාරයන්ට වසර  පහක් තුළ  කොටස් වශයෙන් ගෙවා අවසන් කිරීමට නියම කිරීම


දේපොළ විනාශ කරද්දී  එය වැලක්වීමටඋත්සහ නොකර අනියමින් සහය දුන් පොලිස්  නිලධාරීන්  සේවයෙන් නෙරපීම.


  එවැනි දැඩි  පියවර  ගැනීමට ආණ්ඩුව සුදානම් නැත්තම් යලි යලි ජාතිවාදී  කලකෝලාහල ඇති කරන්නට ඥානසාර  පරපුරේ අවලම්මු  පාරට  බසින  බව ඒකාන්තය . දිගින් දිගටම එවැනි අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීමේ ප්‍රතිඵලය ලංකාවේ ආර්ථිකය අපාය දක්වාම  පල්ලම් බැසීමය . එවිට ඥානසාර  ලංකවේ  කොල්ලන්ට  කෙල්ලන්ට   රස්සා  හොයාගෙන තමිල්නාඩුවට  , ඇෆ්ගනිස්ථානයට  පවා  යාමට සිදුවිය  හැකිය .





Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...