Skip to main content

Posts

Showing posts from March, 2016

සිංහල පත්තරේ එතු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ

දක්ෂිණාංශික  කුමන්ත්‍රණයක්ද? චාවකච්චේරියේ නිවසක තිබී හමුවූ  මරාගෙන  මැරෙන  ඇඳුම්  කට්ටලය  සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය  සම්බන්ධයෙන්  නිගමනයකට  එළඹීමට තවමත් කල් වැඩිය. එහෙත් සැක උපදවන  කාරණාද  තිබේ. ColomboTelegraph   හී  පළකොට  තිබු පින්තුරයේ  දැක්වෙන්නේ  පෙරේද ( මාර්තු 28) අසුවූ  මරාගෙන  මැරෙන ඇඳුම් කට්ටලයේ  පින්තුරය  නම්  එම ඇඳුම සිංහල  පත්තර  කඩදාසි වල  ඔතා තිබුනේ  මන්ද? දෙවෙනි සැක  සහිත  ප්‍රශ්නය වන්නේ මෙය සහ  තවත්  බෝම්බත්  චාවකච්චේරියට මන්නරමේ  සිට  ගෙන එන විට අතරමගදී අසු නොවුනේ  මන්ද? උතුරේ  හැම තැනකම හමුදා සිටින බැවින් මෙය අසාධාරණ  ප්‍රස්නයක් නොවේයැයි සිතමි. ආරක්ෂක ලේකම් වරයා  මෙය ඒ තරම් ලොකු සිද්ධියක් ලෙස ගණන් නොගත්තේ  ඇයි? හැංගී තිබෙන සත්‍යය  ඔහු දන්නා  නිසාද? උතරෙන්  හමුදාව  අඩු  කරනවාට, හමුදාව  යටතේ  තිබු සිවිල් වැසියන්ගේ  ඉඩම් ආපසු දෙනවාට  විරුද්ධ  පිරිසක්  හමුදාවේ  සිටිති. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය  සමග  බෝම්බ  හමුවීම  තව  කාලයක් උතුර  හමුදා අධිකාරිය   යටතේ  තබා  ගැනීමට   කවුරු හෝ   කළ කුමන්ත්‍රණයක්ද? එසේත් නැත්තම් එක්සත් ජාතීන්ගේ  මානව අයිතීන් පිලිබඳ  කවුන්ස

අපේ ලිඳ සහ ලෝක යුද්ධය .

මාසයක් හමාරක් වැස්ස  නොමැතිව සිටි අපට අද සවස  පැයකට අධික   කාලයක් ධාරානිපාත වැස්සක් වැස්ස බව මහත් ප්‍රීතියෙන් යුතුව මෙය කියවන්නට දැනුම් දී සිටීමට  කැමතියි. එත් ඔබේ  පළාතට අද වැස්සේ  නැත්තම් කරුණාකර අපට ඉර්ශ්‍යා  නොකරන්න. ඔබටත් හෙට අනිද්දා  වහින  බව අපේ කාලගුණ විදයා  දෙපර්තමෙන්තුවේ අනාවකිවලට වඩා ස්ථිරසාර ලෙස  මට කියන්නට පුළුවන්. ඒත් කණගාටුදායක  කාරනාව    නම් මහා වැස්සක් කඩා වැටුනත් අපේ  ලිඳේ  වතුර මට්ටම අඟලකට වඩා  ඉහල ගොස්  නැති කමයි. මහා පෑවිල්ල නිසා  ලිඳෙන් 5/4ක්ම හිඳී ගොස් තිබුනේ. මන් පුංචි කාලේ නම් අපේ  ලිඳ මාස  තුන හතරක් පැව්වත් වතුර අඩු උනේ  නැහැ. ඒකට හේතුව ඔබ දන්නවා ඇති .එකල අපේ  ගමේ ඕනේ තරම් ගස් තිබුනා පමණක් නොවෙයි ගෙවල් තිබුනෙත් දුරා වාරේ දැන් අල්ලපු වත්තේම ගෙවල් පහක්.ඉස්සර තිබුනේ  එක ගෙයක් පමණයි.ගස් කැපිල්ල නිසා වැසි වතුර නවතින්නේ නැතිව ගලාගෙන යනවා මිසක් රැඳෙන්නේ  නැහැ. ගෙවල්  හැදෙන්න හැදෙන්න තියෙනවතුර ටිකට  අයිති  කාරයෝ වැඩියි. තුන්වන ලෝක   යුද්ධය   ජලයටද? "ජලය  යනු තෙල්ය "කියා අද කියමනක් ඇතිවී තිබෙන්නේ ජලය ඉතා වේගයෙන් හිඟ වෙමින් යන නිසායි.කිසිදු සැකයකින්

රෝහණ විජේවීරගේ බිරිඳ හමුවීම- තුන්වෙනි කොටස

විජේවීරගේ  අනාගත බිරිඳ විජේවීර මහතා  විවාහ වුයේ ලංකා ගුරු සංගමයේ  නිර්මාර්තෘ සහ සභාපති වූ H. N. ප්‍රනාන්දුගේ  නැගණිය  සමගය. මේ වන විට  විජේවීර  ඇය සමග  විවාහ  වී තිබුනේ  නැත. H.N.සහ  ඔහුගේ  බිරිඳ , ඔහුගේ  මව , සහ නැගණිය පදිංචිව සිටියේ  මොරටුවේ  විල්ලෝරාවත්තේය. මා එම  නිවසට විවිධ  උවමනාවන් සඳහා   අවස්ථා කීපයකදී ගොස් තිබේ. දිනක් ජනතා  විමුක්ති පෙරමුනෙන් මට  පණිවිඩයක් ලැබිණ. එදින සවස කිසියම් සාකච්චාවක්  පැවැත්වීම  සඳහා  විල්ලෝරාවත්තේ නිවසට විජේවීර  එන බව H.N.ට දන්වන ලෙසය. සංගම් කාර්යාලයට  එච් එන්. එදින  පැමිණ  තිබුනේ  නැති බැවින් ඔහුගේ  නිවසට ගොස්  එම පණිවිඩය දැනුම් දෙන  ලෙස  මට පැවරිණ. ජවිපෙ ප්‍රසිද්ධියේ  දේශපාලනය  කළද අභ්‍යන්තර සාකච්චා  සියල්ල  කෙරුණේ  ඉතා රහසිගතවය. එවැනි පසුබිමක් තුල විජේවීර සම්බන්ධයෙන් වූ කටයුත්තක් ඉටුකිරීම වරප්‍රසාදයක් ලෙස මා සැලකුවෙමි. විල්ලොරවත්තෙදී  විජේවීරගේ   අනාගත  බිරිඳ  හමුවීම  විල්ලෝරාවත්තට මා   යන විට සවස එකට  පමණ වන්නට ඇත.අවුරුදු 50ක් 60ක් පැරණි එම  නිවස  සාදා  තිබුනේ  ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පයට  අනුවය.ඉදිරිපස මිදුලට මුහුණ දුන් සැලකිය  යුතු ඉඩ කඩක්

රෝහණ විජේවීර හමුවීම (දෙවන කොටස)

විජේවීර  සමග මිත්‍රත්වය. 1989 දිනක   රාත්‍රී දහයට පමණ  අපි විජේවීර  හමුවූවේ අංගොඩ  කොහිලවත්තේ ජවිපෙ  මුද්‍රණාලයට  යාබද  ස්ථානයකදීය. නියමුවා  පත්තරයට  ලිපි ලිවීම  පිළිබඳව  පැවති මෙම සාකච්චාවේදී විජේවීරත් නායකයෙකු වූ දයා   වන්නි ආරච්චිත්  පළමුවෙන්ම  කතා  කරමින් පත්‍රයට  ලිවිය යුතු  ලිපිවල ස්වරුපය  පැහැදිලි  කර දුන්හ.( ඇත්තෙන්ම  නියමුවා පත්තරයේ  ලේඛන ශයිලියට  හා  එහි   ලිපි ගැන මගේ  පැහැදීමක් තිබුනේ  නැත ඒවා හුදෙක්  දේශපාලන  කරුණු අමු අමුවේ  ලියන ලද  ලිපි පමණක් විය.).ඉන් පසු පැමිණ සිටි අය අතර අදහස්  හුවමාරු විය.ලිපි ලියාගෙන පැමිණෙන  ලෙස  උපදෙස්  දී තිබුනද  ලිපියක් ලියාගෙන  ගොස්  තිබුණේ  මා   පමණි.මා  ලියගෙන  ගිය  ලිපිය  ඉල්ලා ගත්  විජේවීර එය  කියවන්නට  පටන් ගත්තේය. පොල්පොට් පාලනය ගැන ලිපියක්  මා   ඒ  ලිපියේ  ලියා   තිබුනේ 1975 කාම්බෝජයේ  බලය අල්ලාගත්  පොල්පොට් පාලනය  ගැන NEW TIMES සඟරාවේ  පළවූ ලිපියක් ඇසුරෙනි .1989 වන විට  වියට්නාම් හමුදා කාම්බෝජයට ගොස් පොල්පොට් හමුදා පරදවා බලය අල්ලාගත් අතර  මොස්කව්  හිතවාදී  පාලනයක් එහි ස්ථාපිත  කර තිබුණි. NEW TIMES පළකරන්නේ  මොස්කව්  නගරයේය. මා

Sorcery in Sri Lanka

In Sri Lanka Sorcery Is Substitute For Pre-Meditated Murder 1 Prof. Gananath Obeyesekere | EPS COLOMBO: In Sri Lanka, sorcery is used as a substitute for premeditated murder and physical violence, says Princeton University’s Emeritus Professor of Anthropology, Gananath Obeyesekere. In his paper: “ Sorcery, Premeditated Murder and Canalization of Aggression” revised in 2014,  Obeyesekere says that sorcery helps canalize a person’s murderous intention or wish to physically harm someone into a non-violent form of aggression which is thought to be as effective as the actual infliction of death or physical injury while being less risky and less messy. This explains the widespread use of sorcery by members of all communities in Sri Lanka – Sinhalese Buddhist, Hindu and Muslim – though users are predominantly Sinhalese Buddhist. The use of sorcery is probably more now than before, because in modern Sri Lanka, sorcery is no longer a crime equivalen

යක්කුන්ට ,දෙවියන්ට කොන්ත්‍රාත් දීම

තම සතුරන්ව මරා   දමන ලෙස   හෝ  ඔවුන්ගේ  අත  පය  කඩා හිංසා පීඩා  කරන ලෙස  දෙවියන්ට   සහ  යක්කුන්ට  කොන්ත්‍රාත් දීම ජාති  ආගම් භේදයකින් තොරව  ලංකාවෙ  සිංහල  බවුද්ධ, හින්දු   සහ  මුස්ලිම් මිනිසුන්  අතර  දැකිය  හැකි බවත් සිංහල බවුද්ධයන් අතර  වැඩි වශයෙන්  එය සිදුවන බවත්  ප්‍රින්ස්ටන් විශ්ව විද්යාලයේ මානව විද්‍යාව පිලිබඳ  හිටපු මහාචාර්ය වරයෙකු වූ  ගනනාත්  ඔබේසේකර  මහතා කියයි.  තවත් අයෙකු මර දැමීමට  හෝ හිංසා පීඩා කිරීමට  තමන්ගේ  හිතේ  තිබෙන  වයිරී  සැලසුම දෙවියනට  හෝ යකුන්ට භාරදී  තමන් ගැලවී සිටීම මෙහි  අරමුණ බව   පර්යේෂණ  ලිපියක් මගින් ඔහු එසේ  කියා  තිබේ. අද ලංකාවවේ මෙය  බහුල වසයෙන්  සිදුවන්නේ  එය  නීතියෙන් තහනම්  නොවීම  නිසා බවත්   රජවරුන්ගේ  පාලන  සමයන්හී  එය  තහනම් කොට  තිබුණු බවත් ,එවැනි ක්‍රියාවල යෙදුනු කට්ටඩියන්ට  රජවරු මරණ දඬුවම  නියම කළ බවත්   ඔහු එම  ලිපියේ වැඩි දුරටත් සඳහන්  කර  තිබේ. බවුද්ධ ස්ථානයක් වන සීනිගම දේවාලය, හින්දු පුදබිමක් වන මුන්වෙශ්වරන් කෝවිල , ශාන්තුවරයෙකුගේ සොහොනක් තිබෙන ගම්පොල  කහටපිටිය මුස්ලිම් දේවස්ථානය  අනුනට  පලි ගැසීමට  යොදා ගන්නා  ලංකවේ  සුප්‍රසිද්ධම ස්ථා

රෝහණ විජේවීර සමග ඇසුරට

ජනතා විමුක්ති පෙරමුණට එකතු වීම 1977 මහා මැතිවරණයේදී සමසමාජ පක්ෂයට  සහ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයට වැලේ වැල්  නැති විය. එකම ආසනයක්වත් දිනා   ගැනීමට  ඔවුන්ට නොහැකි විය. ජේ ආර් ජයවර්ධන 6/5 ක ආසන සංක්‍යාවක් ලබා ආණ්ඩුවක් පිහිටුවූ අතර  විපක්ෂ නායක  කම හිමි වුයේ  ෆෙඩරල්  පක්ෂයේ  අමිර්තලින්ගම්ටය.. එයට හේතු වුයේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය ආසන  8 ක් පමණක් දිනා   ගැනීම  නිසාය. එකල මා  ගුරුවරයෙකි.මා සම්බන්ධව  සිටියේ  කොමියුනිස්ට් පක්ෂය සමගය.මිනිසුන් අතර බින්දුවට වැටුණු කොමියුනිස්ට් පක්ෂය සමග තව දුරටත් සම්බන්ධව සිටීමෙන් ඇති පලේ  කුමක්දැයි කල්පනා කරමින් සිටියෙමි. සමාජවාදී  ලංකාවක් පිහිටුවා ගැනීම  සඳහා දැඩි උවමනාවකින් පෙළුණු මා හමුවීමට දිනක් අවුරුදු 22 ක පමණ මිටි හාදයෙක්  ආවේය .ඔහු සමග  කතා  බහ කිරීමෙන් පසු ලංකාවේ  සමාජවාදී විප්ලවය කිරීම සඳහා  ජවිපෙ  සමග සම්බන්ධ වීමට මා  තීරණය  කලෙමි.ඉන්පසු ජවිපෙ  පැවැත්වූ පන්ති පහටද  සම්බන්ධ වූ අතර දින  6 ක් හෝ හතක තිස්සේ තංගල්ලේ   පැවැත්වූ දේශපාලන කඳවුරකටද  සහභාගී වීමි.මාක්ස්වාදය  පිළිබඳව  යම් තරමක අවබෝධයක් ලබා ගැනීමට එම  කඳවුරු අධ්‍යාපනය මට උදව් විය

රෝහණ විජේවීර හමුවීම

රෝහණ විජේවීර  මහතා මට   පළමුවරට හමුවුයේ එක්තරා දිනක  රාත්‍රී  10 පමණ  සාකච්චාවක්  සඳහාය. එම සාකච්චාව   පාන්දර දෙක වෙන තුරු  පැවතින. ඉන්පසුවද  හත් අට වතාවක්   මට ඔහු  හමුවීය. ඒ පිලිබඳ  සම්පුර්ණ විස්තර මී ළඟ  ලිපියට  ඇතුළු කරන්නට අපේක්ෂා  කරමි. 

මේ කියුබාව නොවේ. ඇමරිකානු යටත් විජිතයක් වූ පිලිපීනයයි.

A desperate place to call home: Heartrending pictures show families forced to live in pipes in Manila's sprawling slums Photographs show families who have made homes inside the many concrete pipes that line the streets in Manila  Youngsters and even babies can be seen sleeping among rubbish that has gathered around the concrete tunnels Roughly one quarter of the country live in poverty, which is defined as surviving on around one US dollar a day By  BECKY PEMBERTON FOR MAILONLINE PUBLISHED:  14:17 GMT, 22 March 2016  |  UPDATED:  16:29 GMT, 22 March 2016           9 View comments Cramped, dirty and without even basic of facilities, these concrete pipes are the most unlikely of homes. But for the desperately poor of the Philippines, they offer a tiny refuge. Families can be seen sleeping and sheltering inside the structures lining the streets of Manila as young children play on the filthy floor.  Some have tried to create privacy by draping

LTTE නායකයන් හමුවීමට ගිය බිහිසුණු ගමන

LTTE නායකයන්  හමුවීම  සඳහා කිලිනොච්චි ගියෙමු. ඒ 2004 වසරයි.  එකල මා  ලංකා ගුරු සංගමයේ  ප්‍රධාන  ලේකම්ය. දේශපාලන  පක්ෂයකට  අයත් නොවූ ලංකා  ගූරු  සංගමය  යුද්ධයෙන් නොව  සාකච්චා  මගින් දෙමල මිනිසුන්ගේ  ප්‍රනවලට විසඳුම් සොයාගත  යුතුය  යන ස්ථාවරයේ  සිටි සංගමයකි.  එකල ක්‍රියාත්මක වූ  යුධ විරෝධී පෙරමුණේද  මා  ක්‍රියාකාරීව සිටියේ ඒ නිසාය..මේ වන විට  ආණ්ඩුව සහ LTTE සංවිධානය   සටන් විරාම ගිවිසුමකට එළඹ තිබිණ.නැවතත් යුද්ධයක් ඇතිවීමේ  අවදානමක්  තිබු බැවින් එය වලක්වා ගැනීම සඳහා දෙපාර්ශවයටම  බලපෑම් කිරීමට    යුධ විරෝධී සංවිධානය  තීරණය   කළ  අතර  ඒ  අනුව  කිලිනොච්චියට ගොස්  LTTE  නායකයන් හමුවීමටත් දෙවනුව  ආණ්ඩුවට ආයාචනා  කිරීමටත් සැලසුම් කරනු  ලැබීය. 2004 දිනක අපි කිලිනොච්චි බල ගියෙමු. නියෝජිත  පිරිස 20 කට  ආසන්න විය. නියෝජිත  පිරිසේ  නායකයා වුයේ   කුමාර් රූපසිංහය .මාදම්පාගම අස්සජී හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා 3නමක් , එවක  කුරුණෑගල බිෂොප් තුමා,  සවුඛ්‍ය අංශයේ වුර්තීය සමිති  නායකයන් වන , සමන් රත්නප්‍රිය සහ රවී කුමුදේශ්  , හිටපු අමාත්‍ය ඉන්දික  ගුනවර්දන , ඉරිදා ලංකාදීප කර්තෘ දොඹගහවත්ත ,නිළි ස්වර්ණා