හිර ගේ කඩමු!
අපේ රටේ සිංහල බහුතරය අපෙන් බාහිර ලෝකයට ඇත්තේ පුදුම බයකි.ප්‍රධාන වශයෙන්ම සිංහලයන් තුල මේ බය ගොඩ නැගුවේ තුළ විජේවීර මහතාත් ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම්ද විසිනි .විශේෂයෙන්ම ඉන්දියාව අපව ගිල ගන්නා රාක්ෂයෙක් ලෙස සිංහලයන්ගේ සිත් තුල භයානක චිත්‍රයක් ඔවුහු තාර වලින් ඇඳ තිබේ.
ETCA ගිවිසුම තවමත් කෙටුම්පත් කර නැතත් ඇතැමෙකු එයට විරෝධය දැක්වීමට මිනිසුන් පොළඹවන්නේ එය තම දෑසින් දුටුවාක් මෙනි.රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ අරමුණින් සිටින ආණ්ඩුවක් ඉන්දියාවේ මිනිසුන්ට අපේ රටේ රැකියා දීමට කැමති වෙද යන්න අපේ මිනිස්සු කල්පනා කරන්නේ නැත.
ජපානය මෙහෙයවන ආසියානු සංවර්ධන බැංකුව ඉන්දියාව සහ ලංකාව යා කරමින් පාලමක් තනන ලෙස ඉන්දියාවට යෝජනා කර තිබේ,ඒ අතර ඉන්දියාව අවට රටවල් හා සම්බන්ධ කරමින් ගොඩබිම් මාර්ග තනන්නට යන අතර එම මාර්ග පකිස්ථානයට චීනයට , කොරියාවට සහ යුරෝපයට ය කිරීමට් අපේක්ෂා කෙරේ.
අනාගතයේ තනන්නට යන තවත් දැවැන්ත ව්‍යාපෘතියක් වන්නේ බ්‍රිතාන්‍යයේ සිට රුසියාව හරහා ඇමෙරිකාවට අධී වේගී මාර්ගයක් තැනීමය. මෙය යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රුසියාවය.
කලක සිටම යුරෝපයේ සිට( රුසියාව හරහා ) චීනය දක්වා දුම්රිය මාර්ගයක් තිබේ.
ලෝකය ගොඩබිම් මාර්ග හරහා නව මහා මාර්ග තැන්නේ එමගින් ඔවුන්ගේ රටවල් දියුණු කර ගැනීමට හැකි වනු ඇතැයි සහතිකයක් ඔවුන්ට තිබේන නිසාය.
ලෝකය හා එකතු නොවී මේ දුපතට වී දුප්පතුන් ලෙස සිට මැරී යාමට සිංහලයන් පොළඹවන දේශපාලකයනට අනාගත පරම්පරවල්වලින් නම් සමාවක් නොලැබෙනු ඇත.
Comments