Skip to main content

LTTE නායකයන් හමුවීමට ගිය බිහිසුණු ගමන

LTTE නායකයන්  හමුවීම  සඳහා කිලිනොච්චි ගියෙමු.

ඒ 2004 වසරයි.  එකල මා  ලංකා ගුරු සංගමයේ  ප්‍රධාන  ලේකම්ය. දේශපාලන  පක්ෂයකට  අයත් නොවූ ලංකා  ගූරු  සංගමය  යුද්ධයෙන් නොව  සාකච්චා  මගින් දෙමල මිනිසුන්ගේ  ප්‍රනවලට විසඳුම් සොයාගත  යුතුය  යන ස්ථාවරයේ  සිටි සංගමයකි.  එකල ක්‍රියාත්මක වූ  යුධ විරෝධී පෙරමුණේද  මා  ක්‍රියාකාරීව සිටියේ ඒ නිසාය..මේ වන විට  ආණ්ඩුව සහ LTTE සංවිධානය   සටන් විරාම ගිවිසුමකට එළඹ තිබිණ.නැවතත් යුද්ධයක් ඇතිවීමේ  අවදානමක්  තිබු බැවින් එය වලක්වා ගැනීම සඳහා දෙපාර්ශවයටම  බලපෑම් කිරීමට    යුධ විරෝධී සංවිධානය  තීරණය   කළ  අතර  ඒ  අනුව  කිලිනොච්චියට ගොස්  LTTE  නායකයන් හමුවීමටත් දෙවනුව  ආණ්ඩුවට ආයාචනා  කිරීමටත් සැලසුම් කරනු  ලැබීය.

2004 දිනක අපි කිලිනොච්චි බල ගියෙමු. නියෝජිත  පිරිස 20 කට  ආසන්න විය. නියෝජිත  පිරිසේ  නායකයා වුයේ   කුමාර් රූපසිංහය .මාදම්පාගම අස්සජී හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා 3නමක් , එවක  කුරුණෑගල බිෂොප් තුමා,  සවුඛ්‍ය අංශයේ වුර්තීය සමිති  නායකයන් වන , සමන් රත්නප්‍රිය සහ රවී කුමුදේශ්  , හිටපු අමාත්‍ය ඉන්දික  ගුනවර්දන , ඉරිදා ලංකාදීප කර්තෘ දොඹගහවත්ත ,නිළි ස්වර්ණා  මල්ලවාරච්චි , කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම කාරක සභිකයෙකු වූ එස්. ආර්. එඩ්වර්ඩ් සහ තවත් කීප දෙනෙකු මෙම නියෝජිත  පිරිසට අයත් වුහ.

උදේ 8 ට  පමණ කොළඹින් පිටත් වූ අපි එදින රාත්‍රිය   ගත  කළේ අනුරාධපුරයේය. දෙවෙනි දින  උදැසන අනුරාධපුරයෙන් පිටත් වූ අපි   දවල් 10 පමණ වන විට ඔමන්ත හමුදා මුරපොල  පසු  කොට  LTTE මුරපොල වෙත  පැමිණියෙමු. එහිදී LTTE සංවිධානයේ  කීප දෙනෙකු අපව සුහදව පිළිගත් අතර  අපගේ  වාහන  ඉදිරිපස  විශේෂ ලේබල අලවනු  ලැබිණ.එම  ලේබල නිසා කිසිදු  පරීක්ෂාවකින් සහ බාධාවකින් තොරව කිලිනොච්චියේ LTTE සාම ලේකම් කාර්යාලය  දක්වා  එක දිගට යාමට අපට  හැකි විය.  අතර මග  තැන තැන්වල  සන්නද්ධ  LTTE  තරුණයන් සහ  තරුණියන්ද  සිටි අතර නොනවත්වා ඉදිරියට යන ලෙස  ඔවුහු අපට සංඥා කළහ.

තමිල් සෙල්වම් හමුවීම. 

සාම ලේකම් කාර්යාලයට ආසන්නයේ  තිබු ගොඩනැගිල්ලකදී තමිල් සෙල්වම්  හමුවීමට  යොදා ගෙන තිබිණ අපි එහි ගොස්  ටික වෙලාවකින් තමිල් සෙල්වම් සිනහ මුසු මුහුණකින්  යුතුව  පැමිණ  අපව  පිළිගත්තේය.තමිල් සෙල්වම් කුඩා පුද්ගලයෙකි, ඔහු ගමන් කරන්නේ  එක් කිහිලි කරුවක් ආධාරයෙනි. එයට හේතුව සටනකදී කකුලකට වෙඩි වැදී   අබ්බගාත විම  නිසාය. LTTE දේශපාලන  අංශයේ  නායකත්වයට ඔහු  පත් කර  තිබු බැවින්  ආණ්ඩුව සමග  පැවති සාම සාකච්චවලදී LTTE නියෝජිත  කණ්ඩායමේ  නායකයා වුයේ  ඔහුය.  නිතර  සිනහමුසු මුහුණකින් සිටින  ඔහු ප්‍රසන්න  මිනිසෙකි. 
  ඉන් පසු  ඔහු අපව  සාකච්චාව  සඳහා   ගොඩනැගිල්ල  තුලට කැඳවාගෙන  ගියේය. අපගේ  අදහස් සිංහල බසින් ඉදිරිපත්  කල අතර LTTE පරිවර්තක  එය  දෙමලටද  තමිල් සෙල්වම් දෙමලෙන් දැක්වූ අදහස්  සිංහලටද  පරිවර්තනය  කරනු  ලැබීය.එක් අවස්ථාවකදී අපි සමග ගිය එඩ්වර්ඩ් සහෝදරයා දෙමල පරිවර්තනයේ ඇතැම්  දෝෂ නිවැරදි  කලේ   බොහෝ  කලකට පෙර  යාපනයේ සිංහල මහා විධයාලයේ .සිංහල උගන්වද්දී දෙමළ බස  ඉගන ගෙන තිබු නිසාය. සමන් රත්නප්‍රිය  සහ රවී කුමුදේශ්  තම කරුණු දැක්වීම් කරන අතර තුර   LTTE   පාලන ප්‍රදේශවල  තිබු රෝහල්වල සේවකයන් හමුවී වුර්තීය සමිති  කටයුතු වලට ඔවුන් සම්බන්ධ  කර  ගැනීමට කැමති බව  කීහ.එයට පිළිතුරු ලෙස  තමිල් සෙල්වම් කීවේ  වුර්තීය  සමිති  කළ හැක්කේ  ස්ථිර  සාමයක් තිබේනම්  පමණක් බවයි.ඉරිදා ලංකාදීප කර්තෘ දොඹගහවත්ත කිසිවක් කතා  නොකළ අතර සම්පුර්ණ  කාලයම  ගත  කලේ අප අතර පැවැත්වුණු සාකච්චාව සටහන් කරගැනීමටය.ඊට සතියකට  පසු අපගේ  සාකච්චාව  පිලිබඳ  ලිපියක් ලංකාදීප පිටුවක් පුරරා  ඔහු  පළකොට තිබිණ.
පැය දෙකකට අධික වෙලාවක්  සාකච්ඡාව  පවතී අතර සාකච්චාව  අවසානයේ  ගැටුම්  නිරාකරණය ගැන  ලියවුනු  ඉංග්‍රීසි පොත්  50 කට  ආසන්න  ප්‍රමාණයක් යුධ විරෝධී පෙරමුණ වෙනුවෙන් කුමාර් රූපසිංහ  මහතා විසින්  තමිල් සෙල්වම්ට පරිත්‍යාග  කළේය.ඉතා  කැමැත්තෙන් ඒවා භාර ගත ඔහු  දිවා ආහාරය සඳහා  අපට  ආරාධනා  කර සිටියේය.
දිවා  ආහාරය සුදානම් කර තිබුනේ  යාබද  ගොඩනැගිල්ලකය.තරු 5 දිවා ආහාරයක් එහි සුදානම් කොට  තිබිණ. එහි සේවකයන් අපට  මහත්සේ  ගරු සරු දක්වමින්  සංග්‍රහ  කළහ.

පුලිදේවන් හමුවීම

දිවා ආහාරයෙන් පසු අපි තමිල් සෙල්ව්ම් සමග සාකච්චා  පැවැත්වූ  ගොඩ නැගිල්ලේ  මිදුලේ  අඹ ගස් සෙවනට පුටු කීපයක් ගෙන්නා  ගෙන විවේකයක් ගතිමු.සවස දෙකට  අපි  පුලිදේවන් හමුවීමට  යොදා ගෙන තිබින.ඔහුගේ  කාර්යාලය වුයේ  අපි විවේක  ගත ස්ථානයට අල්ලපු ඉඩමේය.එය  LTTE සාම ලේකම් කාර්යාලයයි.නොර්වේ  ආණ්ඩුව වෙනුවෙන් එහි නියෝජිත එරික් සෝල්හයිම් LTTE සංවිධානය සමග සාකච්චා පැවතුවේ පුලිදේවන්ගේ  එම කාර්යාලයේදීය.   ආණ්ඩුවෙ කොළඹ සාම ලේකම් කාර්යාලය සමග සම්බන්ධතා  පවත්වා ගෙන  ගියේ LTTE සාම ලේකම් කාර්යාලයේ  ප්‍රධානියවූ පුලිදෙවන්ය.ඔහු  උස මහත පුද්ගලයෙකි.ඔහුගේ  මුහුණේ  රුදුරු ගතියක් තිබුනේ  නම්  නැත.
සවස්වරුවේ  අපි සාම ලේකම් කාර්යාලයේදී ඔහු සමග සාකච්චා  පැවැත්වුයෙමු. LTTE සංවිධානය විසින් අප පිරිසේ  පරිවාර  නිලධාරියා  ලෙස  පත් කර තිබුනේද  පුලිදෙවන්ය.  සාකච්චාව  අවසන් වීමෙන් පසු  ඔවුන්ගේ රණවිරුවන්ගේ ගම්මානයක්  තනන  ස්ථානයකටද  පුලිදේවන් අපව  රැගෙන  ගියේය, එක් තැනකදී මට ඔහුව තනිව  හමු වූ විට ලංකා ගුරු සංගමයේ  ලේකම් ලෙස  සඳහන්  මගේ  සම්බන්ධීකරණ  කාඩ් පත ඔහුට දුන් අතර ඔහුගේ  කාඩ්  පත දෙන්නට දැයි මගෙන් අසා මා   එයට කැමැත්ත  ප්‍රකාශ  කල පසු ඔහු එය ම ඇත  තැබීය.
එදින  රාත්‍රිය  අපට  ගත කිරීම සඳහා  LTTE සංවිධානය  කිලිනොච්චි නගරයේ  හෝටලය වෙන් කර තිබු අතර  පුලිදේවන් අපව  එහි කැඳවා ගෙන  ආවේය.රැ බෝවූ   පසු රාත්‍රී ආහාරය සඳහා  වෙනත් ස්ථානයකට අපිව  LTTE සංවිධානය  කැඳවා ගෙන  ගිය  අතර යලිත් එම ස්ථානයට  පැමිණි  පුලිදේවන්  අපගේ අවශ්‍යතාවයන් සොයා බැලීය.
රාත්‍රී කාලය  හෝටලයේ  ගත  කළ  අතර අපගෙන්  කීප දෙනෙකු  පසුවදා  උදැසන කොළඹ  බලා  පිටත් වීමට තීරණය  කල අතර ඔවුන් සමග මමද එකතු වීමි.එයට පෙර උදේ  ආහාරය ගැනීම සඳහා අපි කිලිනොච්චි  නගරයේ තිබු ආපන ශාලාවකට ගියෙමු. ඇත්තෙන්ම එය විශාල නිවසකි පිරිසිඳු  කම ඉහලින්ම  තිබිණ. එවැනි ආපන ශාලා  පවත්වාගෙන  යන්නේ  LTTE සන්විධානය  බව  අපට දැනගන්නට  ලැබිණ.

යුද්ධය  ඇරඹීම 

යුද්ධය  නැවත ඇතිවීම වැළක්විය  නොහැකිය  යන සිතුවිල්ල මා   තුළ විය. යම් දිනක මේ  නගරය මුළුමනින්ම විනාශ විය  හැකි  නොවේද  යැයි  කල්පනා කරමින් නගරයත් එහි මිනිසුන් දෙසත් මා  බැලුවේ  සංවේගයෙනි.
Thamil Selvan Erik Solheim and Nimal Siripala de Silva


Thamil Selvan before LTTE peace secretariat


Pulidevan

Kilinochchi water tank  after the war.

Thamil Selvan' was killed in 2007 by air force.

Pulidevan was killed in the final,battle in 2009.


End of the war.



















Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා