Skip to main content

යක්කුන්ට ,දෙවියන්ට කොන්ත්‍රාත් දීම

තම සතුරන්ව මරා   දමන ලෙස   හෝ  ඔවුන්ගේ  අත  පය  කඩා හිංසා පීඩා  කරන ලෙස  දෙවියන්ට   සහ  යක්කුන්ට  කොන්ත්‍රාත් දීම ජාති  ආගම් භේදයකින් තොරව  ලංකාවෙ  සිංහල  බවුද්ධ, හින්දු   සහ  මුස්ලිම් මිනිසුන්  අතර  දැකිය  හැකි බවත් සිංහල බවුද්ධයන් අතර  වැඩි වශයෙන්  එය සිදුවන බවත්  ප්‍රින්ස්ටන් විශ්ව විද්යාලයේ මානව විද්‍යාව පිලිබඳ  හිටපු මහාචාර්ය වරයෙකු වූ  ගනනාත්  ඔබේසේකර  මහතා කියයි.  තවත් අයෙකු මර දැමීමට  හෝ හිංසා පීඩා කිරීමට  තමන්ගේ  හිතේ  තිබෙන  වයිරී  සැලසුම දෙවියනට  හෝ යකුන්ට භාරදී  තමන් ගැලවී සිටීම මෙහි  අරමුණ බව   පර්යේෂණ  ලිපියක් මගින් ඔහු එසේ  කියා  තිබේ.
අද ලංකාවවේ මෙය  බහුල වසයෙන්  සිදුවන්නේ  එය  නීතියෙන් තහනම්  නොවීම  නිසා බවත්   රජවරුන්ගේ  පාලන  සමයන්හී  එය  තහනම් කොට  තිබුණු බවත් ,එවැනි ක්‍රියාවල යෙදුනු කට්ටඩියන්ට  රජවරු මරණ දඬුවම  නියම කළ බවත්   ඔහු එම  ලිපියේ වැඩි දුරටත් සඳහන්  කර  තිබේ.
බවුද්ධ ස්ථානයක් වන සීනිගම දේවාලය, හින්දු පුදබිමක් වන මුන්වෙශ්වරන් කෝවිල , ශාන්තුවරයෙකුගේ සොහොනක් තිබෙන ගම්පොල  කහටපිටිය මුස්ලිම් දේවස්ථානය  අනුනට  පලි ගැසීමට  යොදා ගන්නා  ලංකවේ  සුප්‍රසිද්ධම ස්ථාන බව  කියන මහාචාර්යවරයා ජාති ආගම භේදයකින් තොරව  මෙම ස්ථානවලට මිනිසුන්  යන බව  කියයි.

 බවුද්ධ්යන්  හෙන ඉල්ලා අල්ලාටද වැඳ වැටෙති

වෙනත් වචන වලින් කියතොත්  සිංහල බවුද්ධයන්  පන්සල්වල  තිබෙන දේවාල වලට  පමණක්  නොව අල්ලා  දෙවියන්ගේ  සහ දෙමල දෙවිවරුන්ගෙනුත් ,දෙමල මිනිසුන් බවුද්ධ  සහ මුස්ලිම් සිද්ධස්තානවලටත්  මුස්ලිම් මිනිස්සු බවුද්ධ  සහ හින්දු ආගමික  ස්ථානවලටත් ගොස් තම සතුරන්ට  හෙනහත  ඉල්ලති.

දේශපාලකයෝ අද බහුල වශයෙන් තම සතුරු දේශපාලකයනට එරෙහිව එම ස්ථානවලට ගොස්  පලි ගසන  බව කියන ඔහු කපුවන් සහ කට්ටඩියන් වනාහී  කුලියට මිනී මරන්නන් බවත්  ඇතැම් විටෙක  කුලියට මිනීමරන්නන්ට වඩා ඔවුන්ගේ  සිත්  දරුණු බවත් ඔහු එම ලිපියේ  සඳහා  කර තිබේ.
මෙම ස්ථානවලට   යන බහුතරය ග්‍රාමීය පිරිස්වලට වඩා  නාගරික කරණය වූ   අය බව ඔහු කියා සිටී.

INDIAN EXPRESS හී  පළකර තිබු ඉංග්‍රීසි  වාර්තාව  මෙම බ්ලොගයේ වෙනම  පළ කෙරේ.






Prof. Gananath Obeyesekere | EPS



Comments

Dayal Bathee said…
තමන්ගේ දෙවියො තම ජාතියට අදින නිසා වෙන්නැති වෙනත් ජාතියට අයට කොන්ත්‍රාත් භාරදෙන්නේ.
කට්ටඩියෝද වස්කවි ලියන්නෝද ජාතිවාදියෝද කුලියට මිනිමරණ එවුන්ට වඩා දරුණු සිත් ඇති කාලකන්නියෝය.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...