Skip to main content

යක්කුන්ට ,දෙවියන්ට කොන්ත්‍රාත් දීම

තම සතුරන්ව මරා   දමන ලෙස   හෝ  ඔවුන්ගේ  අත  පය  කඩා හිංසා පීඩා  කරන ලෙස  දෙවියන්ට   සහ  යක්කුන්ට  කොන්ත්‍රාත් දීම ජාති  ආගම් භේදයකින් තොරව  ලංකාවෙ  සිංහල  බවුද්ධ, හින්දු   සහ  මුස්ලිම් මිනිසුන්  අතර  දැකිය  හැකි බවත් සිංහල බවුද්ධයන් අතර  වැඩි වශයෙන්  එය සිදුවන බවත්  ප්‍රින්ස්ටන් විශ්ව විද්යාලයේ මානව විද්‍යාව පිලිබඳ  හිටපු මහාචාර්ය වරයෙකු වූ  ගනනාත්  ඔබේසේකර  මහතා කියයි.  තවත් අයෙකු මර දැමීමට  හෝ හිංසා පීඩා කිරීමට  තමන්ගේ  හිතේ  තිබෙන  වයිරී  සැලසුම දෙවියනට  හෝ යකුන්ට භාරදී  තමන් ගැලවී සිටීම මෙහි  අරමුණ බව   පර්යේෂණ  ලිපියක් මගින් ඔහු එසේ  කියා  තිබේ.
අද ලංකාවවේ මෙය  බහුල වසයෙන්  සිදුවන්නේ  එය  නීතියෙන් තහනම්  නොවීම  නිසා බවත්   රජවරුන්ගේ  පාලන  සමයන්හී  එය  තහනම් කොට  තිබුණු බවත් ,එවැනි ක්‍රියාවල යෙදුනු කට්ටඩියන්ට  රජවරු මරණ දඬුවම  නියම කළ බවත්   ඔහු එම  ලිපියේ වැඩි දුරටත් සඳහන්  කර  තිබේ.
බවුද්ධ ස්ථානයක් වන සීනිගම දේවාලය, හින්දු පුදබිමක් වන මුන්වෙශ්වරන් කෝවිල , ශාන්තුවරයෙකුගේ සොහොනක් තිබෙන ගම්පොල  කහටපිටිය මුස්ලිම් දේවස්ථානය  අනුනට  පලි ගැසීමට  යොදා ගන්නා  ලංකවේ  සුප්‍රසිද්ධම ස්ථාන බව  කියන මහාචාර්යවරයා ජාති ආගම භේදයකින් තොරව  මෙම ස්ථානවලට මිනිසුන්  යන බව  කියයි.

 බවුද්ධ්යන්  හෙන ඉල්ලා අල්ලාටද වැඳ වැටෙති

වෙනත් වචන වලින් කියතොත්  සිංහල බවුද්ධයන්  පන්සල්වල  තිබෙන දේවාල වලට  පමණක්  නොව අල්ලා  දෙවියන්ගේ  සහ දෙමල දෙවිවරුන්ගෙනුත් ,දෙමල මිනිසුන් බවුද්ධ  සහ මුස්ලිම් සිද්ධස්තානවලටත්  මුස්ලිම් මිනිස්සු බවුද්ධ  සහ හින්දු ආගමික  ස්ථානවලටත් ගොස් තම සතුරන්ට  හෙනහත  ඉල්ලති.

දේශපාලකයෝ අද බහුල වශයෙන් තම සතුරු දේශපාලකයනට එරෙහිව එම ස්ථානවලට ගොස්  පලි ගසන  බව කියන ඔහු කපුවන් සහ කට්ටඩියන් වනාහී  කුලියට මිනී මරන්නන් බවත්  ඇතැම් විටෙක  කුලියට මිනීමරන්නන්ට වඩා ඔවුන්ගේ  සිත්  දරුණු බවත් ඔහු එම ලිපියේ  සඳහා  කර තිබේ.
මෙම ස්ථානවලට   යන බහුතරය ග්‍රාමීය පිරිස්වලට වඩා  නාගරික කරණය වූ   අය බව ඔහු කියා සිටී.

INDIAN EXPRESS හී  පළකර තිබු ඉංග්‍රීසි  වාර්තාව  මෙම බ්ලොගයේ වෙනම  පළ කෙරේ.






Prof. Gananath Obeyesekere | EPS



Comments

Dayal Bathee said…
තමන්ගේ දෙවියො තම ජාතියට අදින නිසා වෙන්නැති වෙනත් ජාතියට අයට කොන්ත්‍රාත් භාරදෙන්නේ.
කට්ටඩියෝද වස්කවි ලියන්නෝද ජාතිවාදියෝද කුලියට මිනිමරණ එවුන්ට වඩා දරුණු සිත් ඇති කාලකන්නියෝය.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ල