Skip to main content

Posts

Showing posts from June, 2019

ප්‍රේමදාස ජනාධිපතිට යට නොවූ කාටුන් ශිල්පියා

         ජෙෆ්රි යුනුස් ගැන වැඩි දෙනෙකු දන්නේ ඇත්ත පත් ‍ රයේ කාටුන් ශිල්පියා වශයෙනි .එහෙත් ඔහු ඇත්ත පත් ‍ රයට ඒමට පෙර සේවය කලේ ලේක් හවුසියේය Daily News සහ තිනකරන් පත් ‍ රවලට ඔහු කාටුන් ඇන්දේය .       ඔහුගේ ආණ්ඩු විරෝධී කාටුන් නොරිස්සු ලේක් හවුස් අධිකාරිය ඔහු අලෙවි පර්යේෂණ අංශයට මාරු කළේය .එයට අකමැතිවූ යුනුස් 1968 දී කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පත්රයට බැඳුනේය.      ඔහුට ඉන්නට ගෙයක් තිබුනේ නැත .ජේ.ආර්, ජයවර්ධන සමයේ ප් ‍ රේමදාස මහතා නිවාස ඇමති විය .ඔහුගේ නිවසට ඇත්ත පත් ‍ රය ගෙන යන අය අත යුනුස් තමාට ගෙයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ප් ‍ රේමදාසට ලියුමක් යැව්වේය.     ප් ‍ රේමදාස වහාම මාලිගාවත්ත නිවාස සංකීර්ණයෙන් ඔහුට ගෙයක් ලබා දුන්නේය.      ප් ‍ රේමදාස 1988 දී ජනාධිපති විය . යුනුස් ප් ‍ රේමදාස පාලනයට එරෙහිව් කාටුන් ඇන්දේය .        ආර්. ප් ‍ රේමදාස යුනුස් තමන්ගේ පැත්තට බිලිබාගැනීම සඳහා ලේක් හවුසියේ ඉහල රස්සාවක් දුන්නේය .එහෙත් යුනුස් එය බාරගත්තේ නැත . "සල්ලිවලට මගේ ආත්මය පාවා දෙන්න බෑ." යුනුස් කිවේය.     1992 අගෝස්තු මාසයේ දිනක වාහන තුනකින් යුනුස්ගේ නිවසට මැරයෝ ආහ.

මරණ දඬුවම වෙනුවට විකල්පය කුමක්ද?

මරණ දඬුවම ක් ‍ රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් තැබුවහොත් එයට බහුතර ජනයා කැමැත්ත ප් ‍ රකාශ කරන බවට සැකයක් නැත . ජනාධිපතිට අනුව සිර ගෙවල්වල සිටින 24000 න් 15000 ක්ම මත්කුඩු නිසා දඬුවම් ලැබූ අය වේ එහෙත් මරණ දඬුවම ක් ‍ රියාත්මක කිරීමට එරෙහිව සැලකිය යුතු පිරිසක්ද සිටිති කුඩු ව් ‍ යාපාරිකයන්ද ඔවුන්ගේ ඥාතින්ද විරුද්ධය මිනීමරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් විරුද්ධය මානව අයිතීන් ගැන කැපවී සිටින අයද එයට විරුද්ධය, ඇතැම් රටවල් විරුද්ධය කුඩු විකුණා මරණ දඬුවමට නියම වූ අය හිර ගෙදර සිට යලි කුඩු ව් ‍ යාපාරය මෙහෙයවන බව කියනු ලැබේ මිනි මරා මරණ දඬුවම නියමවූ දුමින්ද සිල්වා වැන්නෝ හිරගෙදර සිට තම ව් ‍ යාපාර මෙහෙයවන බව කියනු ලැබේ . හිරගෙදර යනු මුදල් ඇත්නම් ඔනෑම හිරකාරයෙකුට ඔනෑම දෙයක් ලබා ගත හැකි ස්ථානයකි .ඕනෑම දෙයක් යනු ඕනෑම දෙයකි .පන නැති භාණ්ඩ මෙන්ම පන ඇති භාණ්ඩද ලබා ගත හැක         එය මොහොතකට අමතක කරමු ප් ‍ රධාන මාතෘකාවට යමු . බිහිසුණු අපරාධ කරුවන් එල්ලා මැරීමට විරුද්ධ අය වෙනත් බරපතල දඬුවමක් ඒ වෙනුවට යෝජනා කරන්නේ ද නැත නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකදී මුස්ලිම් බැතිමතුන් 50

මි ළඟ මහා චන්දයෙන් පසු කුමක් වේද?

            දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයගේ සිත්වල නිතර හොල්මන් කරන  එක් ප්‍රධාන  ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ  පක්ෂයෙන් සහ ප්‍රතිවාදී පක්ෂයෙන්  ඉදිරිපත් කරන  ජනාධිපති අපේක්ෂකයා වන්නේ කවුරුද යන්නය . මහින්ද පාක්ෂිකයෝ ගෝටා එනතුරු දත කට මැදගෙන බලාසිටින අතර එක්සත් ජාතික පාක්ෂිකයෝ තුනකට බෙදී රනිල් , සජිත් සහ කරු මුරුංගා අත්තට උස්සා තබමින් තම තම ගැලවුම් කාරයා එනතුරු හුස්ම නොගෙන බලාගෙන සිටිති . ඒ අතර ශ් ‍ රීලනිප නායකයෝ කෙසේ හෝ සිරිසේන යලි ජනාධිපති කරවා ගැනීමේ දොළ දුකෙන් පසුවෙති .       ඇත්තටම ඉහත සඳහන් අයගෙන් කවුරු හෝ මීළඟ ජනාධිපති වුවහොත් ශ් ‍ රී සෞභාග් ‍ යය දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පහල වෙනු ඇත්ද ? ඒ පිළිබඳව හරි හමං වැටහීමක් ඇති කරගැනීමට නම් ප් ‍ රධාන පක්ෂ දෙකේ නළුවන්ගේ පැටිකිරි යන්තන් හෝ අතපතගා බැලිය යුතුය . 1977 ජේ ආර් ජයවර්ධන මහතා බලයට ඒමට පෙර මන්ත් ‍ රීවරුන්ට ආණ්ඩුව කාර් දුන්නේ නැත බාර් ලයිසන් දුන්නේ නැත ආණ්ඩුවේ කොන්ත් ‍ රාත් කරන්නට දුන්නේ නැත .ආණ්ඩුවට සම්බන්ධ ආයතන සමග ව් ‍ යාපාර කරන්නට දුන්නේ නැත එසේ කොට අසුවූ අයට සිදුවුයේ උසා