Skip to main content

මරණ දඬුවම වෙනුවට විකල්පය කුමක්ද?



Paremoremo Prison, north of Auckland, is the country's only maximum security prison.


මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් තැබුවහොත් එයට බහුතර ජනයා කැමැත්ත ප්‍රකාශ කරන බවට සැකයක් නැත .


ජනාධිපතිට අනුව සිර ගෙවල්වල සිටින 24000 න් 15000 ක්ම මත්කුඩු නිසා දඬුවම් ලැබූ අය වේ

එහෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව සැලකිය යුතු පිරිසක්ද සිටිති

කුඩු ව්‍යාපාරිකයන්ද ඔවුන්ගේ ඥාතින්ද විරුද්ධය


මිනීමරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් විරුද්ධය

මානව අයිතීන් ගැන කැපවී සිටින අයද එයට විරුද්ධය,
ඇතැම් රටවල් විරුද්ධය

කුඩු විකුණා මරණ දඬුවමට නියම වූ අය හිර ගෙදර සිට යලි කුඩු ව්‍යාපාරය මෙහෙයවන බව කියනු ලැබේ

මිනි මරා මරණ දඬුවම නියමවූ දුමින්ද සිල්වා වැන්නෝ හිරගෙදර සිට තම ව්‍යාපාර මෙහෙයවන බව කියනු ලැබේ .
හිරගෙදර යනු මුදල් ඇත්නම් ඔනෑම හිරකාරයෙකුට ඔනෑම දෙයක් ලබා ගත හැකි ස්ථානයකි .ඕනෑම දෙයක් යනු ඕනෑම දෙයකි .පන නැති භාණ්ඩ මෙන්ම පන ඇති භාණ්ඩද ලබා ගත හැක


Image result for solitary confinement prison
       

එය මොහොතකට අමතක කරමු ප්‍රධාන මාතෘකාවට යමු .


බිහිසුණු අපරාධ කරුවන් එල්ලා මැරීමට විරුද්ධ අය වෙනත් බරපතල දඬුවමක් ඒ වෙනුවට යෝජනා කරන්නේ ද නැත

නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකදී මුස්ලිම් බැතිමතුන් 50 කට අධික සංඛ්‍යාවක් මරා දැමු සුදු අපරාධ කාරයා එල්ලා මරන්නේ නැත. ඒ එහි මරණ දඬුවම අහෝසි කර තිබීම නිසාය

ඒ වෙනුවට ඔහු ජීවිතාන්තය දක්වා හුදෙකලා සිර මැදිරියක රඳවා තබනු ලැබේ

කිසිවෙකු සමග එකද වචනයක් හෝ කතා කිරීමට කිසිදිනක අවස්ථාවක් නොලැබෙන පරිදි ජීවිතාන්තය දක්වා සිරගත කිරීම (SOLITARY CONFINEMENT) මරණ දඬුවම වෙනුවට කල හැකි ආදේශයකි .


එබැවින් මරණ දඬුවම වෙනුවට ඉහත සඳහන් පරිදි දඬුවම් දීමට නීති සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුවට කාලය පැමිණ තිබේ

Comments

Wijebahu said…
I think it is not good idea to execute people. It is not the answer to corrupt prison system and police system.

As deterrent to others, this will work. Singapore successfully control crime and drug by executing people for 15g of heroine.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...