Skip to main content

අස්ගිරියේ ෂරියා බණ




 අස්ගිරි මහනාහිමි ෂාරියා බණ වදාරා තිබේ .

ශාපි දොස්තර  උපදින්නට සිටි සිංහල දරුවන් ලක්ෂ ගණනක් මරා දමා ඇති බවත්  එය සත්‍යයක් නම් ඔහු වැනි ද්‍රෝහීන්ට ගල් ගසා මරා  දැමිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා නා හිමි දේශනා  කර තිබේ 

ගල් ගසා  මරා දමනු ලබන්නේ ශාරියා නිතිය  යටතේය  සවුදි අරාබියේ එය ක්‍රියාත්මක වේ  ISIS ත්‍රස්ත  පාලනය පවතී ප්‍රදේශවලද එවැනි දඬුවම් ක්‍රියාත්මක කරනු ලැබිණ 


අස්ගිරි මහනාහිමි භික්ෂුවක් ලෙස  තව දුරටත් සැලකිය හැකිද ?


පහත වීඩියෝව නරඹා ඔබ එය තීරණය කරන්න 

Comments

Anonymous said…
අමාත්‍ය අති ගෞරවනීය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසින් සිදුකර ඇති අධිකතර අතිවිශාල සමාජ ආගමික සේවය ගත්කළ ඒ උතුමන් ලංකාවේ ජනාධිපතිධූරයටද සුදුසුයයි මල්වතු විහාරයේ හන්තාන සදගිරි මහ සෑ විහාරාධිපති පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක මහ නාහිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඇමති ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ‍්‍රී සුදර්මාරාම විහාරයේ පැරණි ධර්මශාලා ගොඩනැගිල්ල වර්ණ ගන්වා අලුත්වැඩියා කර නැවතත් සඟසතු කොට පූජාකිරීම හා නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදි අනුශාසනාවක් සිදුකරමිනි.

පුද්ගලික අංශයේ ආධාර, දානපතියන් දෙන ආධාර මුදල් ලබා රජයේ ප‍්‍රතිපාදනද ඇතුළුව රුපියල් මිලියන 1.3 ක් ගරු ඇමතිතුමාගේ උපදෙස් පරිදි වැයකිරිමට නියමිතයි.

මෙහිදි අනුශාසනාව සිදුකළ ගඟසිරිපුර ධම්මාලෝක හිමි "අතිගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ශාසනයේ උන්නතිය වෙනුවෙන් අතිවිශාල අතිශය වැදගත් විශිෂ්ට සේවාවක් සිදුකර තිබෙනවා, එතුමා මේ වන විට කිසිදු අමාත්‍යවරයෙකුට සිදුකළ නොහැකි වූ මහනුවර දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන අතිවිශාල ප‍්‍රමාණයක පිවිසුම් දොරටු, මල් අසුන් ආදිය සංවර්ධනය කළා."

"ශාසනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙමින් ශාසනය නගාසිටුවීමට විශාල දායකත්වයක් ලබාදෙන උතුම් බෝසතුන් වහන්සේ කෙනකු වශයෙන් මෙතුමා අපිට අගය කළ හැකියි, අතිගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සම්බන්ධයෙන් පසුගිය දිනක පුවත්පතක හා වෙබ් අඩවි කිහිපයක විශේෂ පුවතක් පළ වී තිබුණා ඒ එළඹෙන 2020 ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන්.

මහනුවර දිස්ත‍්‍රික්කයේ වැඩිම ජනපදනමක් ඇති අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පිළිබඳව මහා සංඝරත්නය වශයෙන් අපගේ අදහස වන්නේ මෙම වෙබ් සයිට් හා පුවත්පත් මගින් පළකර තිබෙන පුවත අනුව ඉදිරියේදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාහට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති වුවහොත් අපගේ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් හා කන්ද උඩරට ප‍්‍රදේශ සංවර්ධනය කිරිම උදෙසා එතුමන්ගෙන් විශාල සේවාවක් සිදුවෙනවා නොඅනුමානයි. ගරුතර මහා සංඝරත්නය වශයෙන් අපි එතුමාට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායැයි ප‍්‍රාර්ථනා කරනවා"

– අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය ඒකකය
මගෙ අදහස මෙතනදි අපි (මෙතන අපි කිව්වේ සිංහල බෞද්ධයන්ට ඔයාට නෙමෙයි) පාර වරද්දගෙන තියෙනවා.

බුදුදහමට අනුව යම් රටක වර්ග 5ක මිනිස්සු ඉන්නවා.
එනම් භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා, මිත්‍යා දෘෂ්ඨික හැටියට.
නායක භික්ෂුන් වහන්සේලා බලාගත යුත්තේ භික්ෂු භික්ෂුණීන්ගේ කටයුතු හා අගමික කටයුතු විතරයි.

උපාසක උපාසිකා වන් වෙනුවෙන් වෙනම සංවිධානයක් තිබිය යුතුයි.
භික්ෂූන් ගිහියන්ගේ නියෝජියන්ලෙස කටයුතු කරන්න යාමෙන් ඔයවගේ තත්ව ඇතිවෙනවා.

අපේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ බදුදහමට ප්‍රමුඛත්වය දෙනබව සඳහන්. එනිසා රජයෙන් වැටුප් ලබන ගණින්නාන්සේලා වැනි පිරිසකගෙන් සමන්විත බෞද්ධ ගිහියන්ි වෙනුවෙන් වැඩකරන සභාවක් අවශ්‍යයි. එහි නායකයා ගිහියෙක් නිසා ඔහු ශරියා බණ කීමේ වරදක් නෑ.

ප්‍රේමලාල් බර්ටි රණවීර මහතා තව මාස කීපයකින් පැවිදිවී පරමාදර්ශී භික්ෂු දිවියක් ගතකරන්න යනබව සැලයි.
Anonymous said…
වරකාගොඩ ඥානරතන
කියන කතා අතන මෙතන
බුදු දහමට නිගා දෙවන
කතාය සසුනම කෙළසන
Anonymous said…
දහමට අගරු වෙති
ශක්තික හිරේ යති
වෛරයම පතුරුවති
තෙරණුවෝ කුටියේම වැජඹෙති!

එක රටක් එක නීතියක්
ඊට ගරු වෙන ජාතියක්
බිහිනොවෙන දේශයක්
සදාකාලික පාපයක්!!

මුස්ලිම් ජනතාවට දෙමළ බාශාව හංවඩුගැසීමේ , මනෝ ගනේශන්ගේ වෑයම හෙලා දකිමු,
නැගෙනහිර පලාත තුල අරාබි බසට දෙමළ හා සම තැන ලබාදීමට ආණ්ඩුවට බලකරමු.
V Weerasinghe said…
පැවිද්දන් ය'යි කියාගන්නා උදවිය විසින් කියැවෙන මෙවන් තුච්ඡ, ම්ලේච්ඡ වචන පිළිකුල් සහගත යි. සෝචනීය යි.

කණගාටුයි කියන්න. විවිධ වෙබ් සයිට් වල වැටෙන වාර්තා හා කමෙන්ට්ස් දිහා බැලුවම, සිංහල-මුස්ලිම් අසමගිය ඇතිකිරීමෙහිලා සහ්රාන් ආදීන්ගේ අභිමතාර්ථය ඉහළින් ම සඵල වුණු බවක් පෙනෙන්නට තියෙනවා. එක අතකින් අප්පුඩි ගැසිය නො හැකිය. ඉස්ලාමීය අන්තවාදයට මුස්ලිම් ප්‍රජාවෙන් කොටසක් ගොදුරු වුවා සේම, ජාතිවාදී දක්ෂිණාංශික මත දරන 'බෞද්‍ධ' පැවිද්දන් සහ 'කතෝලික' කාදිනල්වරු ඇතුළු අවස්ථාවාදී බලවේග වල පටු අභිප්‍රායයන්ට සිංහලයා රැල්ලට ගොදුරු වන ආකාරය අතිශයින් ම සෝචනීයයි. මුසල්මානුවාගේ පමණක් නොව, සිංහලයාගේ ද නො මේරු, වහල්, ගෝත්‍රික මනස මෙයින් දැඩි සේ පිළිබිඹු වේ.

මේවා ලංකාව වගේ රටක ප්‍රසිද්ධියේ කථා කිරීමෙන් තේරුමක් ඇත්දැයි මම දන්නේ නෑ. 1983 දෙවන වරටත් රිපීට් වෙනකන් අපේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.


වී. වීරසිංහ
V Weerasinghe මහත්තයා
බලන්න අපේ සිංහලයෝ කොච්චර නෝටිද. ඒ වුනාට දෙමල මිනිස්සුනම් දෙවිවරු වගේ.

ඒත් 1983 මොකද්ද වුනේ?
මම අහලා තියෙන හැටියට අපේ අම්මගේ වැඩිමල්ම අක්කගේ බාල දුව 1983 අවුරුද්දේ කොටහලු වුනාලු.
ඊටත් වඩා වැදගත් දෙයක් ගැන මං දන්නෙ නෑ

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා