Skip to main content

කතානායකගෙන් ජනාධිපතිගේ මුහුණ සමතලා වන පිළිතුරක්




  

         පාස්කු ඉරිදා  ප්‍රහාරය  වලක්වාගැනීමට නොහැකිවීමට හේතු සොයා  බැලීම සඳහා පාර්ලිමේන්තුව  පත්කළ තේරීම් කාරක සභාව ඉදිරියේ ජාතික  බුද්ධි සේවා  ප්‍රධානි සිසිර මෙන්ඩිස්,  හිටපු ආරක්ෂක ලේකම්  හේමසිරි ප්‍රනාන්දු ,අනිවාර්ය  නිවාඩු යවා  සිටින පොලිස්පති පුජිත ජයසුන්දර හිටපු නියෝජය පොලිස්පති නාලක සිල්වා යන දුන් සාක්ෂි මගින්  ජනාධිපතිවරයා ගේ  වැරදි ක්‍රියාමාර්ග  නිසා එම ත්‍රස්ත ප්‍රහාර වලක්වා  ගැනීමට නොහැකි වී තිබෙන බව මුළු රට හමුවේ හෙළිවෙමින් තිබීම නිසා වියරුවට පත් ජනා ධිපතිවරයා තේරීම් කාරක සභාව අත් හිටවන  ලෙස කතානායක වරයාට යවන ලද ලිපියට පිළිතුරු ලෙස කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපතිවරයාගේ මුහුණ සමතලා වෙන  ප්‍රකාශයක් අද දින  නිකුත් කර තිබේ 

එය පහත දැක්වේ .

මාධ්‍යය නිවේදනයයි


මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුව වෙත වාර්ථා කිරීමේ විශේෂ කාරක සභාවේ රැස්වීම් සහ අදාළ සාක්ෂි විමසීමේ අවස්ථාවන් මාධ්‍ය වෙත විවෘත කිරීම පිළිබඳව පාර්ශව කිහිපයක් විසින් විවිධ මත දක්වා ඇති බව පෙනී යයි.


විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් විසින්ද මෙම කරුණ අරභයා මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇති බැවින්  කරුණු පැහැදිළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් වේ.

අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුව අංශ කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් සිටී. ඉන් ප්‍රධානතම කොටසක් වනුයේ ජාතික ආරක්ෂාව සහ දිගුකාලීන සංහිඳියාව ගොඩනැඟීමත් සියළු අන්තවාදයන් පිටුදැකීමත් සඳහා වන නීති සම්පාදනය කිරීම වෙනුවෙන් අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවන් අඛණ්ඩව රැස්වෙමින් පුළුල් ක්‍රියාදාමයක නිරතව සිටීමයි.

එහි ප්‍රථිඵලයක් ලෙස මේ වන විටත්පාර්ලිමේන්තුවේ සියළු ප‍ාර්ශවයන් ගේ එකඟත්වයෙන් සහ විවිධ ආගමික නායකයන් දැක්වූ අදහස් සැළකිල්ලට ගෙන ආගමට මුවා වී සිදු කෙරෙන බහු විවාහ, ළමා විවාහ ආදිය රටේ පොදු නීතියට යටත් කිරීම අන්තවාදය පතුරුවන පාසල් සහ සියළු අන්දමේ අධ්‍යාපන ආයතන පිළිබඳව පියවර ගැනීම අනන්‍යතාවය වසන් කරන ඇඳුම් විලාසිතා සම්බන්ධව පියවර ගැනීම ජාතීන් අතර භේද ඇතිකරන වෛරී කථනයන්ට එරෙහිව ආදී තීරණාත්මක කරුණු රැසක් සම්බන්ධව පොදු එකඟතාවයන්ට පැමිණීමට හැකිව තිබේ.


මේ හැරුණුකොට අප්‍රේල් 21 වන දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්ථා කිරීම පිණිස පත් කරන ලද  විශේෂ කාරක සභාවද සිය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත. මෙම කාරක සභාව පත්කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟත්වයකට පැමිණ අත්සන් කරන ලදුව ගනු ලැබූ තීන්දු අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකිනි. එළෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ කාරක සභාවේ සමාජිකත්වයට මන්ත්‍රීවරු 12 දෙනෙකු (ආණ්ඩු පක්ෂය 7 – විපක්ෂය 5) නම් කෙරිණි (මෙම කාරක සභාවට විපක්ෂයෙන් ලැබුණේ අර්ධ සහභාගීත්වයක් පමණක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් කළ සාමාජිකයන් කමිටුව වර්ජනය කරන ලදි. ඔවුන්ද සහභාගී වූයේ නම්, මෙහි අවධානය යොමු කරන ගැටළුව කාරක සභාව තුළදීම විසඳාගත හැකිව තිබිණි.)


පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව ස්ථාවර නියෝග ප්‍රකාරව පැවැත්වෙන මෙම කාරක සභාවේ කටයුතු ජනමාධ්‍ය වෙත විවෘත කිරීම ද පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීය. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් පවතින රටකට නුහුරු අත්දැකීමක් නොවේ. මෑතක දී ඇමරිකා එක්සත් ජනපදයේ නීතිපතිවරයා සහ රහස් තොරතුරු සේවයේ (CIA) අධ්‍යක්ෂ වරයා ඇමරිකානු මහජන කොන්ග්‍රසය විසින් පත් කළ කාරක සභාවක් හමුවට කැඳවා ප්‍රශ්ණ කරන අයුරු ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍යය සජීවීව විකාශය කළ ආකාරය ද මෙහි ලා පෙන්වා දිය හැක. එය ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව ලොව දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල සාමාන්‍ය ලක්ෂණයකි.
කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම අදාළ දිවුරුම ලබා දීමෙන් පසු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි අදහස් කෙරෙන කරුණු මාධ්‍යය ආවරණයෙන් බාහිරව ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බව පැහැදිළිව දැණුම් දෙනු ලැබේ.


පසුගිය සතියේ ජනාධිපති ලේකම් වරයා වෙත නීතිපතිවරයා විසින් එවන ලද ලිපියක් කථානායකවරයා වෙත යොමු කර තිබිණි. එහි සඳහන් වූයේ කාරක සභාව හමුවේ හෙළිවන ඇතැම් කරුණු දැනට පැවැත්වෙන පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බවයි. එම ලිපිය ලද විගස අදාළ කමිටු සාමාජිකයන් ට ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙස කථානායකවරයා විසින් දන්වන ලද අතර කිසිඳු අයුරකින් ජාතික ආරක්ෂාවට අගතියක් නොවන ලෙස කටයුතු කිරීමට උපරිම වශයෙන් අවධානය යොමු කරන ලෙස ද දැණුම් දෙන ලදි. ඊට අමතරව කාරක සභා සාමාජිකයන් කැඳවා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා උපදෙස් ලබා දෙන ලදි.


කෙසේ වෙතත් 2019.06.07 දින අතිගරු ජනාධිපතිතුමා ජනමාධ්‍යය ඉදිරියේ සඳහන් කරන ලද්දේ එකී ලිපිය එතුමාගේ නියෝගයක් බවත් එය පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා විසින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබූ බවත්ය.


ජනාධිපතිවරයා විසින් යොමු කරන සංදේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ සභාවට එහි ඇති අදාළත්වය අනුවය. කාරක සභාවක කටයුත්තක් සම්බන්ධව ජනාධිපතිලේකම්වරයා විසින් එවන ලද ලිපියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.


එලෙසින්ම පැහැදිළි කල යුත්තේ ස්ථාවර නියෝගයන් ට අනුව පොදු එකඟතාවයකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද ක්‍රියාදාමයන් නැවැත්වීමේ අවසන් බලය පාර්ලිමේන්තුව සතුවම පවතින බැවින් මෙම විශේෂ කාරක සභාවේ  කටයුතු වැළැක්වීම කථානායක වරයාගේ අභිමතය පරිදි සිදුකළ නොහැකි බවයි.


එසේ හෙයින් උක්ත කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යයන්ට විවෘතකිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය ගැනීමට එම කාරක සභාවට හැකියාව ඇත. ඒ පිළිබඳව කථානායකවරයා පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට ද ඉදිරියේ දී පියවර ගනු ඇත.
කෙසේ වුවද වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිළි අවබෝධයක් ඇති බව ද නිසැකය.
කිසිවිටකත් පාර්ලිමේන්තුව ජනාධිපතිතුමන්ගේ බලතල අභියෝගයට ලක් නොකරන නමුත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද කාරක සභාවක ක්‍රියාදාමය විවේචනයට ලක්වීම තුළින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි මතයක් පිළිබඳව නිවැරදි තොරතුරු සැළකිරීම සඳහා පමණක්ම මෙම කරුණු සද්භාවයෙන් යුතුව දැණුම් දෙන බවද අවධාරණය කරමු.

කතානායක කාර්යාලය  


Comments

Anonymous said…
ඔක්තෝබර් 26 දා අටවපු අගමැති මහින්දගේ නීති විරෝධී ආණ්ඩුව නිසා ඇතිඋන අලාභය ගැන සොයන්නත් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්න ඕනෑ. එතකොට සිරිසේන රටට කරපු හානිය ජනතාව දැන ගනීවි.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...