Skip to main content

ජනමතවිචාරණ ආරංචියට පොහොට්ටුවට හීන්දාඩිය



Image result for g.l peiris


ගලේ පැහැරු බළලෙක් බවට පත්වී සිටින සිරිසේන මහතාට ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් පැවැත්වීමට උවමනා වී තිබේ. එහෙත් ඊට නීති ප්රතිපාදන නැති බැවින් ජනමත විචාරණයක් මගින් ඊට මහජන අනුමැතිය ලබා ගත හැකි දැයි ඔහු විසින් නීති පතිගෙන් විමසා ඇතැයි පෙරේදා වාර්තා විය.


මෙය දැනගත් පොහොට්ටුව හොඳටම හොල්මන් වී තිබෙන බවද පෙනේ. ජනමත විචාර 10 ක් තබා අනුමැතිය ලබාගත්තත් මහමැතිවරණයක් කලින් තැබීමට නීති නැති බව ජි.එල් පිරිස් ලොක්කා වහාම පුවත් පත් සාකච්චාවක් පවත්වා කියා සිටියේය.


බළලා නොදැනුවත්වම පැන්නේ පඩිපෙලේ නීතිඥයාගේ කටින්ය . යූඑන්පියට වාසි, අපිට අවාසි ජනමත විචාරණයක් පවත්වන්නේ මන්දැයි ගම්මන්පිල මහතා ඊයේ අසා සිටියේය.


ජනමත විචාරණයකදී මුළු රටම එකම චන්ද කොට්ඨාශයකි .එවැනි චන්දයකින් පොහොට්ටුවට ජයග්රහණය කල නොහැකි බව ගම්මන්පිළ වටහා ගෙන තිබේ . ජි එල් පිරිස් ඇතුළු පොහොට්ටුවද එය වටහාගෙන තිබෙන බවට විශ්වාස කල හැක .ඊට හේතුව වන්නේ සිංහල මිනිස්සු බහුතරයක් පොහොට්ටුව සමග සිටියත් රටේ චන්ද දායකයන් බහුතරය පොහොට්ටුවට චන්දය නොදෙන නිසාය .විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමල ජනයාගේ චන්දය කිසිසේත් පොහොට්ටුවට ලැබෙන්නේ නැත .


එසේ නම් මුළු රටම එකම චන්ද කොට්ඨාශයක් බවට පත්වන ජනාධිපතිවරණයකින් පොහොට්ටුව ජයග්රහණය කරන්නේ කෙසේද ?


සිරිසේන මහතාට මහමැතිවරණයක් කලින් පැවත්වීමට උවමන වී තිබෙන්නේද ජනාධිපතිවරණයකදී රනිල් ජනාධිපති වෙනු ඇතැයි යන බිය නිසාය. එසේ වුවහොත් සැනසිල්ලේ තමන්ට විශ්රාම සුවයෙන් ගෙදර සිටීමට නොහැකි වෙනු ඇතැයි ඔහු බියවී සිටින බව පෙනේ. ආණ්ඩුක්රම ව්යවස්ථාව කීප වරක්ම ඔහු උල්ලංඝනය කර ඇති බැවින් එහි විපාක ඔහු පසු පස ඒමට ඉඩ තිබෙන බව ඔහු දනී .


එහෙත් සජිත් ජනාධිපති වුවහොත් තමන්ට කිසිදු කරදරයක් නොවෙන බව ඔහුට දැඩි විශ්වාසයක් තිබේ. සජිත් ඉදිරියට ගැනීමට පසුගිය අවුරුදු දෙකක් කාලයක් සිරිසේන මහතා උත්සාහ කලේ ඒ නිසා විය යුතුය .


තරුණ නායකයෙකු එජාපයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම් තමන්ගේ සහයද ඔහුට දෙන බවට සිරිසේන මහතා පසු ගියදා කියා සිටියේ ඒ නිසා බව අමුතුවෙන් කිව යුතුද ?


වඳ කන්දර හරහාද , බදුර්දීන් විරෝධය හරහාද ,ජාතිවාදය අවුස්සා පොහොට්ටුවට වාසි ලබා ගැනීමට පොහොට්ටු නායකයෝද, දිවයින පත්තරයද ,රතන හිමිද , දොස්තර සංගමයද දැවැන්ත කුමන්ත්රණයක් ඉකුත් මාස දෙක තුල  දියත් කළද ඒ සියල්ල  තමන්ටම  පාරා වළල්ලක් බවට  දැන්  පත්වෙමින්  තිබේ

Comments

Wijebahu said…
I am confused, even UNP said referendum could not dissolve Parliament before 4.5 years.

If so, why would anyone (SLPP) be scared of a referendum? Is UNP nominated S Premadasa? Today cartoon has Ranil, Karu and Sajith on musical chair game, what is that tell us?

Is this just gossip news republished?
Anonymous said…
Hey English bro, why do you worry about what is happening in Sri Lanka?
If its really itching come back from Australia and be a grassroot campaigner here.
By the way, it looks like you don't know, there is a thing called 'Google'. Search it and find a way to try writing in Sinhala when commenting for Sinhala blogs.
Have a Gooday Mate!
Wijebahu said…
G'day mate, My writing in Sinahala or English is non of your business. Owner of this blog can remove it if he so wish.

FYI, I am not English, I am Sinhala and Sri Lankan businessman living both in AUS and SL.
Anonymous said…
I know. Some 'Sinhala' people want to show off that they don't know Sinhala. (and know English only)
When in Colombo some try atleast broken English to reply a question asked in Sinhalese. You do the same here, commenting in English in Sinhala blog.
What can I say. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි ගැන කතාවක් තියෙනවනේ.
Good for you mate!
Keep on writing in English.
Wijebahu said…
I have nothing to show off mate. I am from South and know Sinhala and English enough.

Non of the blog owners have problems about commenting in English, as long as people communicate, I am not the only one doing this. (This is my last comment on this off topic discussion)

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා