Skip to main content

Posts

Showing posts from 2019

ජවිපෙ පැදුරෙන් බිමට වැටුනේ ඇයි

ජවිපෙ මෙවර අඩු වශයෙන් ලක්ෂ 8 ක් ගනු ඇතැයි බොහෝ අය ගණන් හැදුහ.මගේ විශ්වාසය වුවේද එයය . ජවිපෙ හිතවතුන් අනුමානය ඊටත් වඩා වැඩි විය .ලක්ෂ 10- 15 අතර සංඛ් ‍ යාවක් ගනු ඇතැයි ඔවුහු සිතුහ එයට හේතුද තිබිණ . ඉකුත් මහමැතිවරණයේදී චන්ද 544,154 ක්ද ගිය වසරේ පැවැත්වූ පලාත් පාලන චන්දයේදී ලක්ෂ 7 ඉක්මවාද ජවිපෙ ලබාගැනීම මෙන්ම ගාලු මුවදොර පිටිය පුරවා රැළියක් පැවැත්වීම සහ ජනාධිපතිවරණයේ ඔවුන්ගේ රැලි වලට සතුටුදායක මට්ටමේ සහභාගිත්වයක් තිබීම එවැනි අනුමාන කිරීම් වලට පදනම විය එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී චන්ද 418,553 (3.16%) පමණක් ජවිපෙ ප් ‍ රමුඛ සන්ධානය ලැබීම ජවිපෙ බරපතල ලෙස මානසික කඩාවැටීමකට පත් කරනු ලැබිය අවසාන ප් ‍ රතිඵලය ප් ‍ රකාශ කරන අවස්ථාවට අනුර කුමාර නොපැමිනිමෙන්ම එය පෙනේ. එහෙත් මැතිවරණ සමයේදී ජවිපෙ කියා සිටියේ ගොටාභයට බය නැති බවත් ඔහු බලයට පැමිණියහොත් මහජනයාට වන හිරිහැරවලදී ඊට මුහුණ දීමට තමන් ඉදිරිපත් වන බවත්ය . සිංහල සමාජයේ අති විශාල පිරිසක් දෙමල සහ මුස්ලිම් ප් ‍ රජාවෙන් තමන්ට තර්ජනයක් ඇතැයි විශ්වාස කරන බව මෙම ජනාධිපතිවරණ ප් ‍ රතිඵලවලින් අනුමාන කිරීමට සිදුවී තිබේ . 27

ගෝටාභය දිනුවොත් ?

    ' නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  කවුරු දිනාවිද ?'යන්න අනුමාන කිරීම තවමත් දුෂ්කරය . ග්‍රාමීය සිංහල ප්‍රදේශවල ගෝටාභය මහතාට වාසි සහගත බවක් ඇතත්  රටේ සෑම දිස්ත්‍රික්කයක්ම සලකා බැලු කළ  ගෝටාභය සහ සජිත් කරට  කර සිටින බව බැලු බැල්මට  පෙනේ . ගෝටාභය මහතා ජයග්‍රහණය කළොත් ඔහු ඒකාධිපතියෙකු වෙනු ඇතැයි බොහෝ අය තුල බියක් ඇතිවී තිබේ .විශේෂයෙන්ම ලංකාවේ වාමාංසික මත දරන්නන් සැලකිය යුතු පිරිසක්  මෙන්ම නිදහස් මත දරන්නන් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය  පළකරන්නේ ඒ නිසාය . 'ගෝටා බිය' තමනට අවාසි බව ජවිපෙ දනී. ඒ නිසා අනුර කුමාර මහතා සහ ජවිපෙ කියමින් සිටින්නේ ගෝටා ජනාධිපති උනත් 19 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති බලතල කපා ඇති බැවින් බිය විය යුතු නැති බවය .  මේ ලිපියේ ප්‍රධාන  අරමුණ  ගෝටාභය 16 වන දා ජයග්රහනය කළහොත් ඉන් පසු ආසන්න සමයේ සිදුවිය හැක්කේ කුමක්ද යන්න විග්‍රහ කර ගැනීමය .  දින 52 පාලන සමය යලි ඔබට සිහියට නගා ගත හැකි නම් ගෝටාභය මහතා බලයට  පත් වුවහොත්  සිදුවිය හැකි බිහිසුණු තත්වය වටහා  ගත  හැක . අර්ජුන රණතුංග ඇමතිවරයා තෙල් සංස්ථාවේ කාර්යාල

ගෝටාභය අනුරාධපුරයේ දී කී කතාව

         ඊයේ අනුරාධපුරයේ පැවැත්වූ පොහොට්ටු රැස්වීමේදී කතා කළ ගෝටාභය මහතා සිර ගත කොට සිටින හමුදා සාමාජිකයන් ජනාධිපති වූ දිනම නිදොස් කොට නිදහස් කරන බව කීවේය . . ලංකාවේ නීති අනුව සිර කරුවන් නීදොස් කොට නිදහස් කිරීමට හැකියාව තිබෙන්නේ දඬුවම් කල උසවියට ඉහල උසාවිය විසින් යලිත් නඩු අසා නිවැරදි කරු වුවේ නම් පමණි . ඒ සඳහා වුවද උසාවියට කිසියම් කාලයක් ගතවේ . එහෙත් ඊයේ අනුරාධපුරයේ පැවති පොහොට්ටුවේ මංගල මැතිවරණ රැලියේදී කතා කල ගොටාභය මහතා කිවේ හිර ගෙවල්ව සිටින හමුදා සාමාජිකයන් තමා ජනාධිපති වූ පළමු දිනයේම නිදොස් කොට නිදහස් කරන බවය . සියලු ශිෂ්ට රටවල මෙන්ම අපේ රටේද නිතිය අනුව ප් ‍ රධාන බලකෙන්ද් ‍ ර 3 කී. ඒ පාර්ලිමේන්තුව ,විධායකය,සහ අධිකරණයයි බලය ස්ථාන තුනකට බෙදා හැර තිබෙන්නේ එසේ නොවුනහොත් පාලකයා එකාධිපතිවී රට ඉවර කරන නිසාය . එහෙත් ගොටාභය මහතා කිවේ ආණ්ඩුක් ‍ රම ව් ‍ යවස්ථාව උල්ලංඝනය කරමින් ඒකාධිපතියෙකු බවට පත්වෙමින්අධිකරණ බලයද තම අතට ගනිමින් වැරදි කල එවුන් පළමු දිනයේදීම නිදහස් කරන බවය. චන්දයෙන් බලයට ආ හිට්ලට් ඒකාධිපතිවුයේ ඔය විදිහටමය .චන්දය දුන්නේද මිනිස්සු

ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද ?

"දිනන්නේ අපේ පක්ෂයේ අපේක්ෂකයා" යනුවෙන් ප් ‍ රධාන පක්ෂ තුනේම නායකයෝද, උප නායකයෝද , පුංචි නායකයෝද. පක්ෂ දේශපාලන ලේ  බෙල්ලේ සිට කකුලේ සුලැඟිල්ල තෙක් දුවන සාමාජිකයෝද කියනු මේ දිනවල අපට අසන්නට , කියවන්නට ලැබේ. පක්ෂ දේශපාලනය අතහැර දමා බොහෝ කාලයක් ගත වන මට ස්ථිරවම කිව හැකි නොවරදින අනාවැකිය වන්නේ හංසයාගෙන් සහ පොහොට්ටුවෙන් ඉල්ලන අපේක්ෂකයන් දෙදෙනා හැර අන් සියල්ලෝම පරදින බවය . එසේම තවත් අනාවැකියක් කිව හැකිය. එම අනාවැකිය නම් මාලිමාව තුන්වන ස්ථානය දිනාගන්නා බවය.           වැඩිම චන්ද ගන්නේ සජිත්ද පොහොට්ටුවද යන්න කීම තවමත් අසීරුය ජවිපෙ නායකයෝ මෙන්ම සාමාජිකයෝ සහ අනුගාමිකයෝද දේශපාලන වශයෙන් අවංක පිරිසක් බව මගේ මෙන්ම බොහෝ අයගේ විශ්වාසයයි .එහෙත් මේ රටේ අඩකට ආසන්න චන්ද දායකයන් සංඛ් ‍ යාවක් ජීවත්වන්නේ ශතවර්ෂ කීපයකට පෙර බැවින් මෙන්ම ජවිපෙ අතීත ක් ‍ රියාකාරකම් විසින් බහුතරයක් මිනිසුන් තුල ඇති කරන ලද අකමැත්ත ද නිසා ජවිපෙ අපේක්ෂකයා ජනාධිපති කිරීමට ඔවුහු සුදානම් නැත . ජවිපෙට සැහෙන චන්ද සංඛ් ‍ යාවක් ලබාගන්නට තිබුණු හැකියාව ජවිපෙ නායකත්වය විසින්