Skip to main content

ජවිපෙ පැදුරෙන් බිමට වැටුනේ ඇයි




Image may contain: 1 person


ජවිපෙ මෙවර අඩු වශයෙන් ලක්ෂ 8 ක් ගනු ඇතැයි බොහෝ අය ගණන් හැදුහ.මගේ විශ්වාසය වුවේද එයය . ජවිපෙ හිතවතුන් අනුමානය ඊටත් වඩා වැඩි විය .ලක්ෂ 10- 15 අතර සංඛ්යාවක් ගනු ඇතැයි ඔවුහු සිතුහ

එයට හේතුද තිබිණ . ඉකුත් මහමැතිවරණයේදී චන්ද 544,154 ක්ද ගිය වසරේ පැවැත්වූ පලාත් පාලන චන්දයේදී ලක්ෂ 7 ඉක්මවාද ජවිපෙ ලබාගැනීම මෙන්ම ගාලු මුවදොර පිටිය පුරවා රැළියක් පැවැත්වීම සහ ජනාධිපතිවරණයේ ඔවුන්ගේ රැලි වලට සතුටුදායක මට්ටමේ සහභාගිත්වයක් තිබීම එවැනි අනුමාන කිරීම් වලට පදනම විය


එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී චන්ද 418,553 (3.16%) පමණක් ජවිපෙ ප්රමුඛ සන්ධානය ලැබීම ජවිපෙ බරපතල ලෙස මානසික කඩාවැටීමකට පත් කරනු ලැබිය අවසාන ප්රතිඵලය ප්රකාශ කරන අවස්ථාවට අනුර කුමාර නොපැමිනිමෙන්ම එය පෙනේ. එහෙත් මැතිවරණ සමයේදී ජවිපෙ කියා සිටියේ ගොටාභයට බය නැති බවත් ඔහු බලයට පැමිණියහොත් මහජනයාට වන හිරිහැරවලදී ඊට මුහුණ දීමට තමන් ඉදිරිපත් වන බවත්ය .


සිංහල සමාජයේ අති විශාල පිරිසක් දෙමල සහ මුස්ලිම් ප්රජාවෙන් තමන්ට තර්ජනයක් ඇතැයි විශ්වාස කරන බව මෙම ජනාධිපතිවරණ ප්රතිඵලවලින් අනුමාන කිරීමට සිදුවී තිබේ . 27 අවුරුදු යුද්ධය , විජේවීරගේ ජවිපෙ විසින් ආරම්භයේ සිටීම දේශප්රේමයට මුවාවී ද්රවිඩ විරෝධී මතවාදයක් සිංහල සමාජය තුලට කැවීම සහ සහරාන්ගේ බෝම්බ ප්රහාර ප්රධාන වශයෙන් එම බිය සිංහල සමාජයේ විශාල පිරිසක් තුල පැලපදියම් කිරීමට බලපෑ හේතු ලෙස සැලකිය හැක .


එවැනි පසුබිමක් තුල චන්ද එකතු කළ හැකි කෙමන වන්නේ සිංහල ජාතියේ වීරයෙක් හැටියට පෙනී සිටීමය. අනුරකුමාර ගේ ජවිපෙ විජේවීරගේ ජවිපෙන් වෙන්වෙමින් ජාතික සමගිය ගොඩ නැගීමේ අවශ්යතාවය වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් එය සිංහල කනට අමිහිරිය .කොපමණ රජයේ දේපොළ හොරකම් කළද දෙමලාට තම්බියට විරුද්ධ පෙනී සිටින්නේ නම් ඔහුට චන්දය දීමට සිංහල මිනිසුන් අති විශාල පිරිසක් එක හෙලා සුදානම් බව මෙම මැතිවරණ ප්රතිඵල පෙන්නුම් කරයි .ජවිපෙට චන්ද අඩු වීමට හේතුවූ ප්රධාන කාරණාවක් වන්නේ එය යන්න මගේ විශ්වාසයයි .


මැතිවරණයට පෙර හැදු සන්ධානයෙන්අනුර කුමාර නොව වෙනත් කීර්තිමත් පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයි දුෂණයට එරෙහි බොහෝ අය බලා සිටියහ . විකල්ප බලවේගයක් ගොඩ නැගීමට එමගින් මහත් පිටුවහලක් වනු ඇතැයි බොහෝ අයගේ අපේක්ෂාව විය එහෙත් අනුර ඉදිරිපත් කිරීම විකල්පය විසිරවා හරිනු ලැබිමට ප්රධාන සාධකය විය . අනුර ඉදිරිපත්වීම විශාල පිරිසකගේ බලාපොරොත්තු කඩ කළ බව ගිය වසරේ පලාත්පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ පුරපති ධුරයට ජවිපෙන් ඉදිරිපත් කළ විශේෂඥ වෛද්ය රනිල් ජයසේන මහතා කියා සිටීම එය තහවුරු කරයි .


ජවිපෙට උරුම වූ පරම්පරගත් රෝගයක් තිබේ .එම රෝගය නම් තමන් පමණක් නිවැරදි ලෙස දැකීමත් අන් අය අවිශ්වාස කිරීමත්ය. එය විජේවීර විසින් බෝ කරන ලද රෝගයකි . එබැවින් පුළුල් ව්යාපාරයක් ගොඩ නැගීමට ජවිපෙ ඇත්ත වශයෙන්ම බයය. තමන්ගේ පාලනයට යටත්වූ සන්ධාන මිස පුළුල් සන්ධාන ගොඩ නැගීමට ජවිපෙ සුදානම් නැති බව ඉතිහාසය පරික්ශා කළ විට දැකිය හැක.

 
ජවිපෙට දෙමල චන්ද ලබා ගැනීමට ද නොහැකි වී තිබේ එයට හේතුව ඔවුන් දෙමල ජනයාගේ ප්රමුඛ ප්රශ්නයට විසදුම ලෙස බලය බෙදා හැරීමට කීසිසේත් එකඟ නොවීමය . එහිදී ඔවුන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයටද පසුපසින්ය .


වැටි ඇති වලෙන් ගොඩ ඒමට ජවිපෙට මාවත් දෙකක් තිබේ .එකක් නම් සිංහලයාගේ වීරයා වීමට ජාතිවාදය වැළඳ ගැනීමය. අනෙත් මග වන්නේ එජාපයට සහ පොහොට්ටුවට එරෙහි බලවේග සහ දෙමල සහ මුස්ලිම් පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩ නැගීමය .


ඉදිරියේදී ජවිපෙ තොර ගන්නේ කුමන මාවතදැයි අපි බලාසිටිමු.

Comments

Anonymous said…
ජෙවිපෙට මෙම ජනාධිපතිවරනයේදී ගැනීමට තිබු තීරණය සජිත්ට සහය දීමයි. නැතිනම් ජන්දයට ඉදිරිපත් නොවී 2015 මෙන් කටයුතු කිරීමයි.

එසේ කරා නම්,
1) සජිත් දිනුවොත්,
මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ශක්තිමත් විපක්ෂයක් සැදීමේ අරමුණින් ජෙවිපෙට එජාප පාක්ෂිකයන්ගේ චන්දය ලබා ගැනීමට පවා තිබුනා. මොකද ගෝටා නමැති මිනීමරුවා පැරදවීමට සජිත්ට ජන්දය දෙන බොහෝ දෙනෙක් ඉන් පසු එන පාර්ලිමේන්තු ජන්දේදී ජෙවිපෙට චන්දය දීමට සුදානම්ව සිටි නිසා

2) ගෝටා දින්නා නම්,
ඉදිරියේ එන මිනීමරු පැසිස්ට්වාදී ගෝටාභයගේ මිනීමරු රෙජිමයට එරෙහිව ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඉල්ලීමේ සදාචාරාත්මක අයිතිය භාවිතා කරන්න ජෙවිපෙට තිබ්බා. හැබැයි ජෙවිපේ ජනාධිපතිවරනේදී කරේ ගෝටාගේ පාලනයක් ආවත් බය වෙන්න දෙයක් නැහැ, එයාට් කරන්න පුළුවන් දෙයක් නැහැ වගේ මැතිවරණ ප්‍රචාරණයක්. මොකද ජෙවිපේ බය උනා ගෝටා එනවට බයේ මිනිස්සු සජිත්ට ජන්දේ දෙයි කියලා. හැබැයි ජෙවිපේ ගනන් බැලීම වැරදි. ඊලග පාර්ලිමේන්තු ජන්දෙන් ආසන 4 ක් වත් ගනීද කියලා ෂුවර් නැහැ. අධිතක්සේරුවෙන් හිටපු ජෙවිපෙට ලැබෙන්න ඕනි ප්රතිඵලය ලැබී තියෙනවා.
Anonymous said…
අනේ අන්කල් නොදන්නා කතා කියන්න එපා.........නහින දෙහින කාලේ බණක් දහමක් කරගෙන ඉන්ඩකෝ බොරු නොකියා.......
මම දන්නා ජේවීපී කාරයෝ හැම දෙනාම බලාපොරොත්තු උනේ උපරිම ලක්ෂ 7ක් විතර......කිසිම ජේවීපී කාරයෙක් චන්ද ලක්ෂ 10-15 බලාපොරොත්තු උනේ නෑ.
ජේවීපී නොවන අය නම් අනුර ලක්ෂ 10ක් විතර ගනී කිව්වාම ජේවීපී කාරයෝ ම කියනවා එච්චර ගන්න බෑ කියල.............මොකද මේ රටේ ඔයාලා වගේ බත් කන හරක් තමා වැඩිපුර ඉන්නේ කියලා ඒ අය දන්නා නිසා........

ලංකාවේ බූරුවෝ අවුරුදු 71ක් රැවටුන විදියටම මේ පාරත් රැවටුනා.......ජේවීපී එකට දුන්නු යම් කොටසක් ගෝටා ට තියන බය නිසා සජිත්ට දෙන්න පෙලබුනා........ඕක මහා පක්ස දෙකම චන්දේ ලං උනාම ගහන ගේමක්.....ඕකට ගොඩක් මිනිස්සු අහු උනා මේ පාරත්.........ඒ නිසා චන්ද ටිකක් අඩු උනා ගිය පාරට වඩා...........අනුර නෙවෙයි ලෙනින් ආවත් ලංකාවේ බූරුවන්ට මොලයක් දෙන්න බෑ අන්කල්..........නිකන් අතාර්කික ගොන් කතා එපා.............
Ajith Dharma. said…
ජවිපේ මහේෂ් සේනානායක හෝ තවත් කවුරුහරි දාල අවනම් මීට වැඩිය ගන්න තිබුන කියන අදහස මමත් අනුමැත කරනවා.
Wijebahu said…
Dose it matter 3.7%, 5%, 7%? Premalal is correct JVP's only hope is anti Sinhal Buddhists in the North-East, and may be replace AKD with Mr Awa-Mangala.

After 77 before 88/89 we had some hope for JVP to be a valuable 3rd force. What hope JVP has after joining with UNP? Rural people like us still remember 88/89. They should disband JVP and go home, like Independent/PRRA did after KL Dharmasiri was killed.

In Dec 86 JVP started the killings and UNP join in, jointly they finished 60,000 education youth in this country. That is why uneducated ruling the country now.

Premalal will have no answers to this.
ජවිපෙට තවම ජනාධිපතිවරණයක් ජය ගැනීමට තරම් හැකියාවක් නැති බව ජවිපෙ දන්නේ නැත්ද?මෙවැනි තියුණු තරඟයක් තුල ඡන්දදායකයා අනෙකුත් අපේක්ෂකයන් නොසලකා හරිනු ලබන බව ජවිපෙට තේරෙන්නේ නැත් ද?මෙවැනි තීරණාත්මක අවස්ථාවක තමන් ඡන්දයට ඉදිරිපත් වීම තුල සිදු වන්නේ ගෝඨාභයගේ ජය තව තවත් තහවුරු විම බව ජවිපෙට තේරුනේ නැත් ද?මේ කිසිවක් නොතේරුනා යයි කීම කෙතරම් දුරට සත්‍යයට ලංවන උත්තරයක් ද?
ඝෝඨට චන්දේ දීපු අයගැන මට කණගාටුයි.
මට කියන්න තියෙන්නේ උඹලා ඔක්කොම ලෙඩවෙලා නාකිවෙලා මැරිලා යයි. තොපේ මිණි වලටත් පනුවෝ ගහයි.
Mcc - Hunger strike - Mangala's comment. rest is history.
අන්න මාහා කලාකරු සුනිල් පෙරේරා මරලා දාලා
ජවිපෙ ප්‍රධාන දුර්වලතා වය 'ජනතාව' හරියට කියවීමට ඉගෙන නොගැනීම යි. වරෙක ජනයා ඔවුනට පාර්ලිමේන්තු ආසන 41ක් හෙවත් සෑම මන්ත්‍රී න් 5 කට එකක් ජවිපෙ ලෙසටත්, සෑම දිස්ත්‍රික්කයේ ම මනාප පලමු දෙවන ස්ථානත් ලබා දුන්නා. එවැනි අවස්තාවන් හරි හැටි නොකියවීමේ වරදට ජනතාව ඔවුන් ක්‍රමක්‍රමයෙන් අත්හැර දමනු ලැබුවා. ඔබ පවසන ආකාරයේ පිලිවෙලින් ජාතිවාදී හා ආගම්වාදී දෙමළ මුස්ලිම් පක්ශ සමග එකතුවීම ඔවුන්ගේ අවසානයම වී යනු ඇත. ඔවුන් කල යුත්තේ ජනතාව කියවීම හෙවත් ජාතිකවාදී ක්‍රමය (ජාතිවාදී නොව ජාතික වාදී )උපක්‍රමිකව භාවිතා කරමින් ජනතාව අතරට පැමින තමන් අදහන දේශපාලනය, ජනතාව ඉල්ලන පිරිසිදු දේශපාලනයට ඇති රික්තය හා ගලපා ජනතාව අතර තහවුරුවීම යි.
ජවිපෙ සිංහල ජාතිකවාදී පක්ෂයක් හැටියට ඉන්න කාලේ නම් ඔවුන්ට මුස්ලිම් චන්ද ලැබෙමින් තිබුනා.

විමල් වීරවංශ ගියාට පස්සේ ඒකත් නැතිවුනා.
ඔයා කියන විදියට කරන්න ගියොත් ඔවුන් සිරිතුංග සහෝදරයගේ ගානට වැටෙයි.

'ජනතාව' හරියට කියවීමට ඉගෙන නොගැනීම වාමාංශික දේශපාලනයට කවදත් තිබුන දුර්වලකමක්.
ඒ නිසාමයි කිසිම වාමාංශික පක්ෂයකට චන්දය නොදිය යුතු.
ඔවුන් ඔවුන්ට චන්දය දෙන මිනිස්සුන්ගේ අවශ්‍යතා තේරැම්ගන්නේ කනපිටට.
ඔයා කිව්වා නේද ඉංග්‍රීසි බාශාවෙන් ඉගැන්නුවාම ජාති සමඟිය ඇතිවෙනවා කියලා
උදාහරණ හැටියට ඉතියෝපියාවයි දකුණු අප්‍රිකාවයි දැක්වුවා නේද?
මේක කොහොමද?
https://www.aljazeera.com/news/2019/11/hope-uncertainty-ethiopia-sidama-gear-statehood-vote-191119072504430.html?utm_source=website&utm_medium=article_page&utm_campaign=read_more_links

තව ටිකකලකින් දකුණු අප්‍රිකාව මීට අන්ත වෙයි.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...