මේ වන විට මේසන් බාස් පැණිය අති ජනප්‍රියය . රිටිගල පැණිය ද කරලියට එමින් තිබේ ඒවාට අවශ්‍ය ප්‍රචාරය ආණ්ඩුව විසින් නොමිලේම ලබා දී ඇත . මේසන් පැණියට ආණ්ඩුවේ ඉහලම තැන්වලින් අනුග්‍රහය ලැබුණු අතර රිටිගල පැණියට ආණ්ඩුවේ රුපවාහිනියක් වන ITN ලබා දෙමින් සිටි . එම පැණි නිපදවූ දෙදෙනා හැර අන් කිසිවෙක් එම නිෂ්පාදන වලින් කොරෝනා වයිරසය විනාශ වන බව කියා නැත ආණ්ඩුව ඒවාට දෙන ප්‍රසිද්ධිය නිසා එම පැණි වලින් කොරෝනා සුව වෙන බව හෝ කොරෝනා වලක්වන බව විශාල පිරිසක් තදින්ම විශ්වාස කරන බව පෙනේ > දැනමුත්තන්ට අනුව වයිරස්වලට බෙහෙත් නැත. එන්නත් මගින් කරන්නේ වයිරසය සමග සටන් කොට පරාජය කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ ශරීරයේ නිපදවීමය. අනෙක් අතට මෙම පැණි මගින් වයිරසය විනාශ කරන බවට කිසිදු පරීක්ෂණයක් කර නැත. යම්කිසි ඖෂධයක ප්‍රතිඵලය මැනීම සඳහා වසරක කාලයක් වත් එය පරීක්ෂණයට ලක් කරනු ලැබේ එන්නතක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 10 කාලයක් අත්හදා බලයි පළමුව සතුන්ට එම එන්නත හෝ ඖෂධය ලබා දී එහි ප්‍රතිඵල සොයා බලනු ලැබේ විවිධ රෝග තිබෙන අයට අලුත් ඖෂධයක් හෝ එන්නතක් ලබා දීමෙන් පසු බලපාන්නේ කෙසේදැයි පරික්ෂ කෙරේ විවධ වයස් කාණ්ඩවල
මේ කතාව මට කිව්වේ අපේ හාමිනේය අපේ හාමිනේ රස්සාව කලේ අගලවත්තේ පිහිටි ශ් රී ලංකා රබර් පර්යේෂණායතනයේය. මීට අවුරුදු 15 කට පෙර අවුරුදු 90 ත් පැන්න සුද්දෙක් සිය හාමිනේත් දුවත් සමග රබර් පර්යේෂණායතනයට ආවේය . දුව ආ විගස පිටිපස්සට දිව්වාය. ටිකකින් ආපසු ආවාය " මම උපන්නේ ඔය පිටිපස්සේ තියෙන ගෙයි. ඒක බලන්නයි මම දුවල ගියේ " දු කීවාය වයසක සුද්දා දුව සමග කඳු පල්ලම් නගිමින් බසිමින් ආයතනයේ සියලු ප් රධාන ස්ථාන දෙස බලමින් අතීතය සිහි කළේය . සුද්දාගේ නම මොල්රිච් ය ඔහු රබර් පර්යේෂණායතනයේ සිටි පළවෙනි ප් රධාන පරිපාලන නිලධාරියාය . 1948 තෙක් මෙහි සේවය කළ ඔහු සිය පවුල සමග ඕස්ට් රේලියාවේ පදිංචියට ගියේය . ඔහු මෙවර එහි සිට ලංකාවට ආවේ තමන් සේවය කල ස්ථානය බලා සතුටක් ලබන්නටය . හැමතැනම ඇවිද බැලීමෙන් පසු පර්යේෂණායතනයේ නිලධාරිහු මොල්රිච් ට සහ පවුලේ අයට තේ පැන් සංග් රහයක් කළහ . තේ බොන ගමන් ඔහු පරණ කතාවක් කිවේය . ඒ කාලේ උදේ 8 ට මේ ආයතනයේ වැඩ පටන් ගත්තේ . විනාඩියක් පරක්කු වෙලා ආවොත් මම දඩ ගහනවා . 1948 පෙබරවාරි 5 වෙනිදා මම ඔෆිස් එකේ ඉන්න කොට ක්ලාක් කෙනෙක් වැඩට