1948 සිට ලංකාව පාලනය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ රට වලපල්ලට දමන ලද බව ජනතා විමුක්ති පෙරමුණ 1965 සිට 1924 දක්වා අවුරුදු 59 ක් තිස්සේ කී බැවින් 2024 දී මේ රටේ චන්ද දායකයන්ගෙන් 42%ක් චන්දය දී ජවිපෙ වර්තමාන නායකයා වූ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති තනතුරට පත්කර ගත්තේය ජවිපෙ අවුරුදු 59 ක් තිස්සේ කිව්වේ ඇත්තද ? එසේ නැතහොත් එවරස්ට් කන්ද තරම් බොරු කන්දක් ද ? මගේ මේ උත්සාහය අවුරුදු 60 කට පෙර අපේ ගම , අපේ රට කෙසේ වීද යන්න ගැන සටහනක් ලියන්නටය අපේ ගමේ ඉස්කෝලය ගැන කියතොත් මම හෝඩිය පන්තියට ඇතුලුවෙන විට ඉස්කොලෙටම තිබුනේ එකම එක ශාලාවක් පමණි 2024 වන විට අපේ ඉස්කෝලයට ශාලාවල් 20 කට අධික ප්‍රමාණයක් තිබුණි මට අවුරුදු 10ක් පමණ වන කාලයේ රජයේ හා පුද්ගලික අංශයේ රැකියා කරන ගම්වැසියන් සිටියේ දුසිමක් හමාරක් පමණි අනුර කුමාර මහතා ජනාධිපති වන විට රජයේ සහ පුද්ගලික අංශයේ රැකියා කරන අපේ ගමේ අයගේ සංඛ්‍යාව දහසකට වැඩි මිසක් අඩු නැත 2024 වන විට අපේ ගමේ තිබුණු රථවාහන සංඛ්‍යාව (කාර් ...
කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...