Skip to main content

පාඩු ලබන රජයේ ආයතන විකිණිය යුතුද? නැද්ද?

 


ලංගම ,දුම්රිය සේවය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය යන ආයතන තුන එක වසරකදී ලැබූ පාඩුව මෙසේය

ලංගම
====
2022 වසර පාඩුව රු, මිලියන 3400


දුම්රිය සේවය
=========
2021 වසර පාඩුව රු මිලියන 45000
(2010 -2020 පාඩුව රු.මිලියන 331000)


ශ්රී ලන්කන් ගුවන් සේවය
=================
2021 මාර්තු සිට 2022 මාර්තු දක්වා පාඩූව
රු.මිලියන 163580

2022 පළමු මාස 4 ලැබූ පාඩුව
රු.මිලියන 248000

ඉහත ආයතන තුනේ වාර්ෂික පාඩුව
ලංගම රු. මිලියන 3400
දුම්රිය රු මිලියන 45000
ගුවන් සේවය රු මිලියන 163580
එකතුව රු.මිලියන 211980
====

මෙම ආයතන පුද්ගලික අංශයට විකුණුවහොත් වසරකට ආණ්ඩුවට ඉතිරිවෙන මුදල රුපියල් මිලියන 211980 කි

මෙම ආයතන පුද්ගලික අංශයට විකිණීමට වාමාංශික පක්ෂ තදින්ම විරුද්ධය



Comments

Anonymous said…
ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

මාතලන් වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. රෂිනි දුවට වේසි කිව්වා. සාරසලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්න කම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

-රසික සුරියරච්චි-
Anonymous said…
ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා