Skip to main content

Posts

Showing posts from September, 2017

මා දුටු 87-89 භීෂණය -4 කොටස - හමුදාව මහා රෑ නිවසට කඩා වදී

        මෙයට පෙර   ලිව තුන් වන  කොටසේ  මා විස්තර  කළේ දිනක් පාන්දර  නාවුක  හමුදා  භටයන් මගේ  නිවසට  පැමිණ  නිවස   සෝදිසි කොට  නැවතත්  මා  හමුදා  කඳවුරට ගෙන්වා ගෙන  ප්‍රශ්ණ  කළ ආකාරයය. මා  එහි ගියේ මට පහර දී ඇට  කටු කඩා අවසානයේදී පාරක් අසබඩදී රාත්‍රී  කාලයේදී මා  වෙඩි  තබා මරා දමනු ඇතැයි යන භීතියෙනි. නමුත් මා  ජවිපෙ සාමාජිකයෙකු නොවෙන  බව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වටහා ගත්  නිසාදෝ   ඔවුහු  මට ආපසු ඒමට ඉඩ දුන්හ .                                                (චන්දය දැමීම  නිසා ජවිපෙ කළ දඩයමකි ) රටේ අනෙකුත් සිංහල ප්‍රදේශවල  මෙන්ම  අපේ ගමේ සහ අවට ගම්මාන වල ද 1988 මැද භාගයෙන්  පසු  ජවිපෙ ක්‍රියාකාරකම් වැඩි වෙමින් තිබුණි . රාත්‍රී කාළයේ ගමේ  නිවෙස් වලට  ජවිපෙ තුවක්කු කරුවන්  ගොස්  තිබුණු බවට ප්‍රවුර්ති ලැබෙමින් තිබුණි. දිනක් මා  හමුවීමට  පැමිණි  කාන්තාවක් ඉකුත් දින  රාත්‍රියේ  ජවිපෙ තුවක්කු කරුවන්  තම නිවසට  පැමිණි බවත් නිවසේ අල්මාරි ලාච්චු පවා   විවුර්ත කොට සෝදිසි කොට අවසානයේදී හිංසාවක් නොකොට  පිටවී  ගිය බවත්  කීවාය.   අද උදැසන ලාච්චු  විවුර්ත  කොට බැලුවිට එහි තිබු රත්තරන් ව

මා දුටු 87-89 භීෂණය - තුන්වන කොටස -නාවික හමුදා කඳවුර තුළ

      මගේ නිවසට  1987 දිනක  පාන්දර  නාවික  හමුදාව  පැමිණි  බව ඉකුත් ලිපියෙන් මා  කීවෙමි. නිවස පුරා පරික්ෂ  කිරීමෙන් සහ ප්‍රශ්න   කිරීමෙන් අනතුරුව පස්වරු 1.35 ට නාවික  හමුදා  කඳවුරට  පැමිණෙන  ලෙස නියෝග  කොට  ඔවුන්  පිටව ගිය බව  එම ලිපිය කියවූ ඔබට මතක ඇතැයි සිතමි.  අද එතැන් සිට ..... නාවික  හමුදා  භටයන් ආපසු  ගිය  පසු පාසලට  යාමට  මා සුදානම් වූවෙමි . පාසැල  තිබෙන්නේ  නිවසේ සිට කිලෝමීටර් දහයක්  පමණ  දුරිනි .නාවික  හමුදා  කඳවුර තිබුණේ  මගේ නිවසත්  පාසලත්  අතර ය. නාවික  හමුදා  කඳවුර කුඩා එකකි මා සිතන  හැටියට එහි  භටයන් 25 ක් වැනි පිරිසකට වඩා  සිටියේ නැත . එය ස්ථානගත  කර තිබුණේ ප්‍රධාන  මාවතට තරමක් ඈතින් වූ නිවෙසකය  එම නිවාස  අයත් වුයේ තජුඩින්ගේ මළසිරුර  සම්බන්ධයෙන් පළමු අධිකරණ වෛද්‍ය වාර්තාව  ඉදිරිපත් කළ  ආනන්ද  සමරසේකර මහතාටය . කොලඹ පදිංචිව සිටි ඔහුගේ   ගමේ  නිවසේ කිසිවෙකු සිටියේ නැත  එකළ  හමුදා  කඳවුරකට  යාම අතිශයින් භයානකය .එහි  ගිය අයෙකුට  නැවත  පණපිටින් ආපසු  පැමිණෙන්නට හැකිවේද  යන්න අතිශයින්ම සැක සහිතය .හමුදා  කඳවුරට ගිය  පසු මා එල්ලා  පහර දෙනු ඇතැයිද , ඇට කටු කඩා දම

ලඟ එන ප්‍රාදේශීය සභා චන්දයේ ජය කාටද?

       ලිපියේ  මාතෘකාවේ ප්‍රාදේශීය සභා චන්දය  යනුවෙන් සඳහන් වුවද ඇත්ත වශයෙන්ම  මා අදහස්  කරන්නේ පළාත් පාලන චන්දයයි. එයට  ප්‍රාදේශීය සභා මෙන්ම  නගර සභාද අයත් වෙයි .බොහෝ විට  මෙම  මැතිවරණය ලබන ජනවාරි මස  පැවැත්වීමට  ඉඩ තිබේ. මේ ලිපියේ සලකා  බලන්නේ උතුර සහ නැගෙනහිර හැර අන් ප්‍රදේශයන්ය.ඒවායේ වැඩි වාසිය අත්වන්නේ දෙමල ජාතික සන්ධානයට සහ මුස්ලිම් කොන්ග්‍රසයටය.  අනෙකුත් ප්‍රදේශ සඳහා ප්‍රධාන වශයෙන්  කණ්ඩායම් 4 ක් ඉදිරිපත්වෙනු ඇත. ඒවා  සියල්ල  හෝ වැඩි ප්‍රමාණයක් සන්ධාන වනු ඇත. එක්සත්  ජාතික පක්ෂය  පෙරමුණක්  ලෙස චන්දයට  ඉදිරිපත් විය හැක ,ඉකුත් මහා මැතිවරණයේදීද ඉදිරිපත්වුයේ  එක්සත් ජාතික පෙරමුණ ලෙසය . මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රිලනිපයද සන්ධානයකින් තරඟ  කරන  බවට සැකයක් නැත. මහින්ද  රාජපක්ෂ  ප්‍රමුඛ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද  සන්ධානයකින්    තරඟ වැදීම ස්ථිරය  .හතර වන  කණ්ඩායම  වන  ජනතා විමුක්ති පෙරමුණ තනිව  හෝ නාමික සන්ධානයක්  හදාගෙන  තරඟ කිරීමට  ඉඩ තිබේ. මෛත්රිගේ ශ්‍රීලනිපයට   සහ එක්සත්  ජාතික  පක්ෂයට මේ  මොහොතේ  තිබෙන වාසිය වන්නේ  එම දෙපාර්ශවයම  බලයේ  සිටීමය .එබැවින් එක්සත් ජාතික  ප

මා දුටු 87-89 භීෂණය - 2වෙනි කොටස

 පළමු කොටස කෙටියෙන් . ( ජනතා විමුක්ති පෙරමුණ 1987  ඉන්දු ලංකා  ගිවිසුම ට එරෙහි විය .පළාත් සභා වලට  තරඟ  කරන අපේක්ෂකයන් ,චන්ද දායකයන් , සහ මැතිවරණ  රාජකාරි වල යෙදෙන නිලධාරීන් මර දමන  බව කියමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පෝස්ටර් අලවා   තිබුණි.   මැතිවරණ වලට  තරඟ  කරන  ලද්දේ එක්සත් ජාතික  පක්ෂය සහ  වාමාංශික  පක්ෂ  පමණය .මෙය  ලියන  ලියුම් කරු රජයේ රැකියාවක්  කළ  බැවින් මැතිවරණ රාජකාරි සඳහා කැඳවනු ලැබීය. ඔහුට  ලැබී තිබුණු  චන්ද  මධ්‍යස්ථානය මතුගම  මැතිවරණ  කොට්ටාශයේ දුෂ්කර ප්‍රදේශයක  පිහිටි  ඉත්තෑපාන මහා  විද්‍යාලයයි . ඔහු එහි යන විට  කිසිවෙකු සිටියේ  නැත. පාසැල  මෙන්ම අවට  නිවෙස්ද  කඩද  වසා දමා  තිබුණි .මිනිස්  පුළුටක්වත්  අවට දකින්නට  නොලැබිණ .පාසලේ  බිත්ති වල  ජවිපෙ සටන් පාඨ  පොල්ගෙඩි අකුරින්ලියා  තිබුණේ චන්දයට සහභාගී වන අයට  මරණ දඬුවම  ලබා දෙන  බවය   .වටපිටාවේ  තිබුනේ  ඉතා  බිය ජනක ස්වරූපයකි ) දෙවෙනි කොටස           මා  මුහුණ දී  සිටින්නේ  ඉතාමත් අනතුරු දායක අවස්ථාවකට  බව  ඉක්මනින්ම  පැහැදිලි විය. අවට දන්නා හඳුනන අයෙකුද නැත. ආපසු  යාමටද  මගක් නැත . මැතිවරණ රාජකාරී  මගහැරීය

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ල