Skip to main content

Posts

Showing posts from March, 2019

විජේවීර චිත්‍රපටියෙන් නොකී කතාව

      'ගින්නෙන්  උපන් සීතල ' චිත්‍රපටිය  ගැන සැලකිය යුතු පිරිසක් පසු ගිය  මාස දෙක තුන  තුළදී ලිවුහ. පහත දැක්වෙන්නේ එම චිත්‍රපටියේ නොකියන  ලද  කතාව  පිලිබඳ  ගෙන එන ලද විග්‍රහයකි එම විග්‍රහය ලියා තිබෙන්නේ  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස 1983 අගවන තුරු  කටයුතු කළ  ලයනල් බෝපගේය .බෝපගේ 1971 කැරැල්ලේ මහනඩුවේ විත්තිකරුවෙකු විය. හිර දඬුවම් විඳි ඔහු විජේවීර සමග 1977  හිරගෙදරින් නිදහස්ව එතැන් සිට  ජවිපෙ  ප්‍රධාන  ලේකම්  ලෙස පක්ෂයෙන් අස්වී  යන තුරුම  කටයුතු කළේය.     ඉහත පින්තුරයේ වම පස සිට හතර වැන්නා  ලයනල් බෝපගේ ය . ඔහුගේ ලිපිය පහත දැක්වේ .  " ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලන කතිකාවතේ අඩංගු වන ආවේණික සීමාවන් සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින බොහෝ මතිමතාන්තරවල එකිනෙකට වෙනස් වෘත්තාන්ත පවතී. එවැනි වාතාවරණයක් තුල ‘ගින්නෙන් උපන් සීතල’ වැනි සිනමා කෘතියක් නිෂ්පාදනය කරන්නට ඉදිරිපත් වීමම පවා ප්‍රශංසාවට සහ අගය කිරීමට ලක් විය යුතු කාරණයක් වෙයි. ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය

බුදුන් ප්‍රතික්ෂේප කළ කුල භේදය රකින අස්ගිරි මල්වතු ලොක්කෝ සහ සොක්කෝ

   නිර්මල බුදු දහම තිබෙන්නේ  ලංකාවේ  පමණකැයි  භික්ෂුහුද , බුදු දහම විකුණා දේශපාලනය කරන්නන්ද  එක්දහස් එක්වාරයකට වඩා   කියනු  අසන්නට  ලැබී තිබේ . ත්‍රිපිටකය ලෝක උරුමයක්  කරන්න යැයි ඉල්ලමින් ඉකුත් දා  පැවත් රාජ්‍ය  උත්සවයේදී  බුදුන්ගේ දහමට විරුද්ධව  යමින් ජේෂ්ට භික්ෂුන්ට  මිටි ආසන වල වාඩිවීමට සලස්වමින්  උපසම්පදාවෙන් කණිෂ්ට මල්වතු සහ අස්ගිරි නාහිමිවරුන්ට උස ආසන  වල වාඩි වීම සමාජ ජාලවල  තියුණු විවේචනයනට ලක්ව තිබේ .  පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව මුහුණු පොතේ  පළවූ ලිපියකි එය  ලියා  තිබෙන්නේ ලංකා දීප  පත්තරයේ මාධ්‍යවේදියෙකු වන  තරිඳු ජයවර්ධන විසිනි . සුදුකුකුලා බ්ලොගය කියවන පාඨකයන් වෙනුවෙන් එම ලිපිය උපුටා  පළකරමි.  සංඝයා අතර කුල බේදයක් නැද්ද? ------------------------------------  සාමාන්‍ය සමාජෙට වඩා කුල බේදය වර්තමානයේ ලංකාවේ සංඝයා අතර තිබෙනවා. සාමාන්‍ය සමාජයට වඩා බෙදීම් වර්තමාන ලංකාවේ සංඝයා අතර තිබෙනවා. නිකාය බේදය ගත්තොත් සියම්, අමරපුර සහ රාමඤ්ඤ කියන ප්‍රධාන නිකාය තුනක් තිබෙනවා. සියම් නිකායේ මේ වන විට පාර්ශ්ව (කොටස්) අටක් පමණ තිබෙනවා. මේ දවස්වල වැඩියෙන් කතා වෙන අස්ගිරි

පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය යුතුද?

     ජාතික  ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන  හිමි ඉංග්‍රීසියෙන් ඉගැන්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ  කළ  ප්‍රකාශය පිළිබඳව අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන්නන් අතර  සංවාදයක් ඇති වී තිබේ . ඔහු  කියා  සිටියේ ඉංග්‍රීසි  මාධ්‍යයෙන් 1-5 පංතිවල ඉගැන්වීම නවත්වන ලෙසය . රජයේ පාසල්වල නම් 1-5 පන්තිවලට ඉංග්‍රීසියෙන්  උගන්වන්නේ නැත  .එම  පාසල්වල ප්‍රථමික පංතිවල  ඉගැන්වීමේ මාධ්‍යය එක්කෝ සිංහලය . එක්කෝ දෙමලය. කිසිත් සොයා බලන්නේ නැතිව  රතන හිමියන් පච දේසනා  කරන්නේ මන්ද ?  රතන හිමියන් තවත් පචයක්  දෙසා බෑවේය  .එනම් ප්‍රාථමික  පන්තිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන්  උගන්වන  එකම රට ලංකාව බවය . සිංගප්පුරුව සහ  පිලිපිනය  පළමු ශ්‍රේණියේ සිටම ඉංග්‍රීසි මාධයෙන් උගන්වන රටවල් දෙකකි.  දකුණු අප්‍රිකාවේ සහ සිම්බාබ්වේ 4 ශ්‍රේණියේ සිට උගන්වන්නේ ඉංග්‍රීසි බසිනි . ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයය   රටවල් 55 ක් ආවරණය  කරමින්  2013-14  සමයේ  කළ පර්යේෂණයකට අනුව රටවල් 28 ක    රාජ්‍ය අංශයේ පාසල්වල ප්‍රාථමික  පන්තිවල  සිටම ඉංග්‍රීසි  මාධ්‍යයෙන් උගන්වනු ලැබේ. සිංගප්පුරුව සහ  පිලිපීනය එම  පර්යේෂණයට  අදාළ කරගත් රටවල් නොවන බැ

බිම් බෝම්බ ඉවත් කරන උතුරේ තරුණියෝ

 මේ මාර්තු 8 වෙනිදා  කාන්ත දිනයේදී කොළඹ  ගැහැණු ළමුන් දෙදෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් සිංගප්පුරුවට එලවාගෙන යන චායාරුප පත්තරවල ද සමාජ  මාධ්‍ය ජාලාවලද පළවිය.  ලාංකික කතුන් ඉතා  ඉහල ස්ථානයක වැජඹෙන බව එම චායාරුප අපට කි පණිවිඩයයි . එබැවින් සමාජ ජාල පරිහරණය  කරන්නන් එම පින්තුර නැවත නැවත  පළකර තිබුණි   ගුවන් යානා පදවන්නියක් වීම ඉතා දුෂ්කර  කාරියක්  බැවින් ඒ ගැන වැඩි දෙනෙකු සිතන්නේ නැත එහෙත් ගුවන් සේවිකාවක් වීමට හැඩ වැඩ ගැහැණු ළමුන් බෙහෙවින්  ආශා  කරති . එහෙත් බිම් බෝම්බ ඉවත් කිරීමේ රැකියාවකට  ගැහැණු ළමුන් කි දෙනෙකු කැමති වේද? සිංහලේ  ,රාවණ බලය ,බොදු බල සේනාව, මහසෝන් බලකාය  ආදී  සිංහල ජාතිය වෙනුවෙන්  පණ දීමට සුදානම් බව කියන  . සංවිධානවල  පිරිමින් කි දෙනෙකු කැමති වේද?   උතුරේ  බිම් බෝම්බ  ඉවත් කිරීමේ බිහිසුණු රැකියාව  කරන කාන්තවන් රැසක්  සිටිති . ඔවුන්ගෙන් බහුතරය  යුද්ධය නිසා වැන්දඹුවන් වුවෝය . තම දරුවන්, දෙමාපියන් නඩත්තු කිරීම සඳහා කිරීමට වෙනත් රැකියා  නැති බැවින්   බිම් බෝම්බ  පමණක් නොව  පුපුරා නොගිය බෝම්බ  ද ඉවත් කිරීමේ රැකියාවේ 2010 සිට ඔවුහු  නියු

කරන්නාගොඩ කුණු ගොඩේ තුන් කොන් ප්‍රේමයක්

    හිටපු නාවික  හමුදාපති  කරන්නාගොඩ විසින් තමන් අත්අඩංගුවට  ගැනීම වලක්වන මෙන්  උසාවි යාම  නිසා ඔහුගේ බිරිඳ සහ සම්පත් මුණසිංහ අතර තිබු ප්‍රේම සම්බන්ධයක් පිලිබඳ ආරවුලක් කරලියට පැමිණ  තිබේ . තරුණයන් 11 ක් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ කීප දෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාර  කර තිබෙන අතර    එම පැහැරගැනීම් වලට  කරන්නාගොඩ සම්බන්ධ බවට  රහස් පොලිසිය උසාවියට දැන්වූ අතර ඒ අනුව ඔහු  අත් අඩංගුවට ගෙන උසාවියට  ඉදිරිපත් කරන ලෙස අධිකරණය  රහස් පොලිසියට නියෝග  කළේය . ඔහු සොයා  පොලිසිය ගියත් කට්ටි පැනීම නිසා  ඔහු අත්අඩංගුවට ගැනීමට   නොහැකි විය.  සැඟවී සිටිමින් නීතිඥයෙකු මගින්   ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ ඔහු  තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක්  නිකුත් කරන ලෙස  ඉල්ලා සිටියේය . ළමුන්  පැහර ගැනීමේ  මුලිකයා වූ , කරන්නාගොඩ  නාවික හමුදාපති සමයේ  ඔහුගේ  නිල  සහයක , ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් සම්පත් මුණසිංහ ට එරෙහිව  මුලික  පැමිණිල්ල  කලේ  තමා  බැවින් ළමුන් පැහැරගැනීම්වලට තමා සම්බන්ධ  නැති බව  ඔහු එම  පෙත්සමෙන් කියා  තිබුණි.   එහෙත්  කරන්නාගොඩ  මහතා එම  පැමිණිල්ල

තොපිට අපි බස් දෙන්නෙත් නෑ. කාර් ගන්න දෙන්නෙත් නෑ

             මාතෘකාවේ තිබෙන්නේ තිබු ආණ්ඩු අපිට දුන් පණිවිඩයත් මේ ආණ්ඩුව අපිට  යලිත් දුන් පණිවිඩයයි                  ආණ්ඩුව මෙවරත් වාහන බදු වැඩි කළේය තිබුණු ආණ්ඩු සියල්ලමත් එසේම වැඩි කළේය වාහන බදු මදිවාට කාබන් බද්දකුත් මේ ආණ්ඩුවම පැනවූ අතර එහි අයිතිකාරයා ජනාධිපති බව ආණ්ඩුවේ ඇමතියෙක් දෙන්නෙක් කි බැවින් අප සිතුවේ මේ අයවැයෙන් එම බද්ද අහෝසි කර දමනු ඇත කියාය .එය ඉවත් නොකිරීමෙන් රනිල් ආණ්ඩුව එම බද්දේ අයිතිකාරයා බව දැන් අපිට හිතා ගන්නට සිදුවී තිබේ. වාර්ෂිකව දුම් බද්දක් ගනිද්දී ඊට අමතරව කාබන් බද්දක් අය කිරීම හෙන ගහන අපරාධයක් බව අමුතුවෙන් කිය යුතුද ? වාහනයක් ලංකාවට ගොඩ බෑ විට අයකරන බද්ද හරි හැටි මා දන්නේ නැති වුවත් වාහනයේ වටිනාකම මෙන් 5 ගුණයක් බව කියනු ලැබේ ,ජපානයේ රු දස ලක්ෂයක් වන මෝටර් රථයක් අප මිලදී ගන්න විට රු.ලක්ෂ 50 ක් ගෙවන්නට අපට සිදුවේ . මේ අය වැයෙන් යලිත් බදු වැඩි කළ බැවින් එය තව දුරටත් වැඩි වේ ලිසිං කර ගන්නේ නම් තවත් ලක්ෂ 10 ක් 15 ක් එයට එකතුවෙයි. ඉන් පසු එය මෙරට ලියා පදිංචි කිරීමට ගාස්තුවක්ද වාර්ෂිකව ආදායම් බලපත්‍ර ගාස්තුවක්ද ආණ්ඩුව අපේ අයකර ගනී . දුම් බද්ද සහ කාබන් බද

විදුහල්පතිවරුනට චන්ඩි පාට් දමන දකුණේ ආණ්ඩුකාරයා කියන්නේ ඇත්තද?

       දකුණේ පාසල් ආසන්නයේ සිටින ළමුන් 207 ක් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගෙන නැති බවත්, විදුහල්පතිවරු පගාවට ළමුන් ඇතුලත් කරගැනීම එයට හේතුව බවත් දකුණේ ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා කියා තිබේ . ගාල්ලේ අනුලා විද්‍යාලයට ආණ්ඩුකාරයාගේ රියදුරාගේ දරුවෙකු ඇතුලත්  කර ගැනීම  එහි විදුහල්පතිනිය ප්‍රතික්ෂේප  කිරීම හේතුකොටගෙන ගාල්ලේ කලාප අධ්‍යාපන වරිය  තංගල්ල  කලාප අධ්‍යාපන  කාර්යාලයට  තමන් මාරු කළ බව ආණ්ඩුකාරයා  පිළිගෙන තිබේ .එම පාසලේ සෑම පන්තියකම චක්‍ර ලේඛ උල්ලංඝනය  කරමින්  ළමුන් 53 ක් සිටින බවත්   එසේ නම් තමාගේ  රියදුරාගේ ළමයා  ඇතුලත්  කරගත යුතු බවත්  කිර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරයා මාධ්‍ය වලට  කියා  තිබුණි . වෙනත් වචනවලින් කියතොත් චක්‍ර ලේඛ කුණු කුඩයට දමා ආණ්ඩුකාර උතුමාගේ  රියදුරාගේ දරුවා පාසලට ඇතුලත් කළ යුතුය  ඉන්පසු ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට  ළමුන් 4 දෙනෙකු ඇතුලත්  කරන  ලෙස එහි විදුහල්පතිනියට  තර්ජනය  කර තිබෙන අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට  පැමිණිල්ලක් කර තිබේ  අලුත්ම වාර්තාවලට අනුව එම පැමිණිල්ල  ගැන විභාග නොකරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලා තිබේ .ඇය එසේ  කරන්නට