Skip to main content

තොපිට අපි බස් දෙන්නෙත් නෑ. කාර් ගන්න දෙන්නෙත් නෑ



     


       මාතෘකාවේ තිබෙන්නේ තිබු ආණ්ඩු අපිට දුන් පණිවිඩයත් මේ ආණ්ඩුව අපිට  යලිත් දුන් පණිවිඩයයි 


                ආණ්ඩුව මෙවරත් වාහන බදු වැඩි කළේය තිබුණු ආණ්ඩු සියල්ලමත් එසේම වැඩි කළේය වාහන බදු මදිවාට කාබන් බද්දකුත් මේ ආණ්ඩුවම පැනවූ අතර එහි අයිතිකාරයා ජනාධිපති බව ආණ්ඩුවේ ඇමතියෙක් දෙන්නෙක් කි බැවින් අප සිතුවේ මේ අයවැයෙන් එම බද්ද අහෝසි කර දමනු ඇත කියාය .එය ඉවත් නොකිරීමෙන් රනිල් ආණ්ඩුව එම බද්දේ අයිතිකාරයා බව දැන් අපිට හිතා ගන්නට සිදුවී තිබේ.


වාර්ෂිකව දුම් බද්දක් ගනිද්දී ඊට අමතරව කාබන් බද්දක් අය කිරීම හෙන ගහන අපරාධයක් බව අමුතුවෙන් කිය යුතුද ?


වාහනයක් ලංකාවට ගොඩ බෑ විට අයකරන බද්ද හරි හැටි මා දන්නේ නැති වුවත් වාහනයේ වටිනාකම මෙන් 5 ගුණයක් බව කියනු ලැබේ ,ජපානයේ රු දස ලක්ෂයක් වන මෝටර් රථයක් අප මිලදී ගන්න විට රු.ලක්ෂ 50 ක් ගෙවන්නට අපට සිදුවේ . මේ අය වැයෙන් යලිත් බදු වැඩි කළ බැවින් එය තව දුරටත් වැඩි වේ ලිසිං කර ගන්නේ නම් තවත් ලක්ෂ 10 ක් 15 ක් එයට එකතුවෙයි.


ඉන් පසු එය මෙරට ලියා පදිංචි කිරීමට ගාස්තුවක්ද වාර්ෂිකව ආදායම් බලපත්‍ර ගාස්තුවක්ද ආණ්ඩුව අපේ අයකර ගනී .


දුම් බද්ද සහ කාබන් බද්ද ඊට අමතරවය .


එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආනයන බදු නැත. 


පුංචි මිනිහාට කලට වෙලාවට සුව පහසුව ගමන් බිමන් යාමට හැකි ප්‍රවාහන සේවයක් තිබේනම් වාහන වලට ඕන තරම් බද්දක් ගසා ගත්තාට අපට කමක් නැත .දිනපතා රැකියාවන්ට සහ වෙනත් කටයුතු සඳහා යන මිනිසුන් විඳින වද වේදනාව දන්නේ ඔවුන්ම පමණි පාන්දර තුනට තුනහමාරට නැගිට උයා පිහාගෙන බොහෝ විට වාඩිවීමට ආසනයක් නැතිව හිටගෙන සැතපුම් ගණන් ඇඹරෙමින්, විසිවෙමින් කාර්යාලයට හෝ වැඩපොළට යන විට ප්‍රබෝධයෙන් යුතුව වැඩ කරන්නට ඔවුන්ට ඇඟට පන නැත .ආපසු නිවෙස බලා එන ගමන ඊටත් වඩා දුෂ්කරය ,බොහෝ අය බසයේ හිරවෙමින් දාඩිය දමමින් හිටගෙනම බොහෝ දුර එති. දුර බැහැර වසන්නෙකු නම් අඩු වශයෙන් බස් රථ දෙකක්වත් නැගී ආයුතුය දෙවන බසය එනතුරු අතරමග රස්තියාදු වෙන්නටද සිදුවේ. රාත්‍රී හත අටට ආපසු නිවෙසට එන අයද සිටිති .රෙදි හෝදන්නට නාන්නට වත් වෙලාවක් නැති තරම්ය .පසුදා පාන්දර තුනට තුනහමාරට යලිත් අවදිවී රැකියාවට යා යුතුය .



තිබුණු ආණ්ඩුත් මේ ආණ්ඩුවත් මිනිස්සුන්ට හරි හමං බස් රථ සේවයක් දුම්රිය සේවයක් ලබා දීමට මුළුමනින්ම අසමත් වී තිබේ.



අපට පහසුවෙන් සහ ඉක්මනින් ගමනක් බිමනක් යන්නට ප්‍රවාහන සේවයක් ලබා නොදී මෝටර් රථ බදු වසරින් වසරින් වසර වැඩි කරමින් තව තව අලුත් බදු වාහන වලට පනවමින් පොඩි මිනිහා ලිසිං කර හෝ පුංචි වාහනයක්වත් ගැනීම වලක්වන්නට ආණ්ඩු කටයුතු කිරීම බලුම බලු වැඩක් හැර වෙන කුමක්ද?




Comments

Wijebahu said…
When there is no development and GDP is at 3%, no money coming internally from business/income tax with Sri Lanka. Only thing this retarded govt can do is to tax imports. Not only cars every thing imported is tax 5-6 times of the value. This 225 in parliament live by import tax.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...