
දකුණේ පාසල් ආසන්නයේ සිටින ළමුන් 207 ක් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගෙන නැති බවත්, විදුහල්පතිවරු පගාවට ළමුන් ඇතුලත් කරගැනීම එයට හේතුව බවත් දකුණේ ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා කියා තිබේ .
ගාල්ලේ අනුලා විද්‍යාලයට ආණ්ඩුකාරයාගේ රියදුරාගේ දරුවෙකු ඇතුලත් කර ගැනීම එහි විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙන ගාල්ලේ කලාප අධ්‍යාපන වරිය තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට තමන් මාරු කළ බව ආණ්ඩුකාරයා පිළිගෙන තිබේ .එම පාසලේ සෑම පන්තියකම චක්‍ර ලේඛ උල්ලංඝනය කරමින් ළමුන් 53 ක් සිටින බවත් එසේ නම් තමාගේ රියදුරාගේ ළමයා ඇතුලත් කරගත යුතු බවත් කිර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරයා මාධ්‍ය වලට කියා තිබුණි .
වෙනත් වචනවලින් කියතොත් චක්‍ර ලේඛ කුණු කුඩයට දමා ආණ්ඩුකාර උතුමාගේ රියදුරාගේ දරුවා පාසලට ඇතුලත් කළ යුතුය
ඉන්පසු ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමුන් 4 දෙනෙකු ඇතුලත් කරන ලෙස එහි විදුහල්පතිනියට තර්ජනය කර තිබෙන අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ අලුත්ම වාර්තාවලට අනුව එම පැමිණිල්ල ගැන විභාග නොකරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලා තිබේ .ඇය එසේ කරන්නට ඇත්තේ කවුරුහෝ ඇයවැ බියගැන්වූ නිසාද?
ඊයේ ( මාර්තු 4 ) රැස්වීමකදී විමල් විරවංශ භාෂාවෙන් කතා කළ ආණ්ඩුකාරයා "මේ පුණ්‍ය භුමියේ සිට මං කියනවා. හාමුදුරුවනේ, මට මේ සටන කරන්න බැරිනම් මමං ආණ්ඩුකාරකමෙන් ඉල්ලා අස්වෙනවා ."
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශයක් කරමින් දකුණේ ආණ්ඩුකාරයා විදුහපතිවරුන්ට තර්ජනය කිරීම හෙලා දැක තිබේ .
කීර්ති තෙන්නකෝන් මහතා ඉස්සර කැෆේ (Campaign for Free and Fair Elections ) නැමති මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාය .මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙහෙයවන්නෝ දේශපාලනය කරන්නේ නැත .ඔහු ඉන්පසුව මොකක් හෝ අල්ලාගෙන රනිල් ට දිනපතාම බනින මහරාජාගේ සිරස මාධ්‍යජාලය හා එක්ව කිලි මහාරාජාගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටස් කරුවෙකු විය .කිලි මහරජාට නීති විරෝධී අන්දමින් ගුවන් විදුලි සංඛ්‍යාත දීමට සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවට චෝදනාවක්ද එල්ල වී තිබේ .
කිලි මහරාජා තම සිරස මාධ්‍ය ජාලය මෙහෙයවන්නේ තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් බව දේශපාලනය දන්නා අය දනිති .තමන්ගේ කීම අසන මන්ත්‍රීවරු සහ ඇමතිවරු පත්කරගැනීමට ඔහුට උවමනා කර තිබේ සජිත් ප්‍රේමදාස මහතා අනාගත ජනාධිපතිවරයා කරගැනීම ඔහුගේ එක අරමුණකි .සිරස ප්‍රවෘත්ති ප්‍රකාශ වල සජිත්ගේ කතාවක් නැති දිනයක් නැති තරම්ය . බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතාද සිරසට පැමිණ නිතර නිතර කතා කරන අයෙකු වුයේ ඉබේ නොවේ . කිලිමහරජාගේ දේශපාලන ව්‍යාපෘතිය අනුවයයි අනුමාන කිරීම සාධාරණය . දැන් කිලිමහාරාජාට ආණ්ඩුකාරයන් දෙදෙනෙකුද ,ජනාධිපතිවරයෙකුද ,අනාගත ජනාධිපති අපේක්ෂකයෙකුද තවත් දේශපාලකයන් කීප දෙනෙකුද සිටින බව ඇතැමෙකු කියති .

Comments