Skip to main content

විදුහල්පතිවරුනට චන්ඩි පාට් දමන දකුණේ ආණ්ඩුකාරයා කියන්නේ ඇත්තද?


Image result for KIRTHI TENNAKON AT SIRASA
 


     දකුණේ පාසල් ආසන්නයේ සිටින ළමුන් 207 ක් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගෙන නැති බවත්, විදුහල්පතිවරු පගාවට ළමුන් ඇතුලත් කරගැනීම එයට හේතුව බවත් දකුණේ ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා කියා තිබේ .


ගාල්ලේ අනුලා විද්‍යාලයට ආණ්ඩුකාරයාගේ රියදුරාගේ දරුවෙකු ඇතුලත්  කර ගැනීම  එහි විදුහල්පතිනිය ප්‍රතික්ෂේප  කිරීම හේතුකොටගෙන ගාල්ලේ කලාප අධ්‍යාපන වරිය  තංගල්ල  කලාප අධ්‍යාපන  කාර්යාලයට  තමන් මාරු කළ බව ආණ්ඩුකාරයා  පිළිගෙන තිබේ .එම පාසලේ සෑම පන්තියකම චක්‍ර ලේඛ උල්ලංඝනය  කරමින්  ළමුන් 53 ක් සිටින බවත්   එසේ නම් තමාගේ  රියදුරාගේ ළමයා  ඇතුලත්  කරගත යුතු බවත්  කිර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරයා මාධ්‍ය වලට  කියා  තිබුණි .


වෙනත් වචනවලින් කියතොත් චක්‍ර ලේඛ කුණු කුඩයට දමා ආණ්ඩුකාර උතුමාගේ  රියදුරාගේ දරුවා පාසලට ඇතුලත් කළ යුතුය 


ඉන්පසු ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට  ළමුන් 4 දෙනෙකු ඇතුලත්  කරන  ලෙස එහි විදුහල්පතිනියට  තර්ජනය  කර තිබෙන අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට  පැමිණිල්ලක් කර තිබේ  අලුත්ම වාර්තාවලට අනුව එම පැමිණිල්ල  ගැන විභාග නොකරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලා තිබේ .ඇය එසේ  කරන්නට ඇත්තේ කවුරුහෝ ඇයවැ බියගැන්වූ නිසාද?


ඊයේ ( මාර්තු 4 ) රැස්වීමකදී  විමල් විරවංශ  භාෂාවෙන් කතා   කළ ආණ්ඩුකාරයා "මේ පුණ්‍ය භුමියේ සිට  මං කියනවා. හාමුදුරුවනේ,  මට මේ සටන කරන්න  බැරිනම්  මමං ආණ්ඩුකාරකමෙන්  ඉල්ලා අස්වෙනවා ."


ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශයක් කරමින් දකුණේ ආණ්ඩුකාරයා  විදුහපතිවරුන්ට තර්ජනය  කිරීම  හෙලා දැක තිබේ .


කීර්ති තෙන්නකෝන් මහතා ඉස්සර කැෆේ  (Campaign for Free and Fair Elections )  නැමති මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාය .මැතිවරණ  නිරීක්ෂණ සංවිධාන මෙහෙයවන්නෝ දේශපාලනය  කරන්නේ  නැත .ඔහු ඉන්පසුව මොකක් හෝ අල්ලාගෙන  රනිල් ට දිනපතාම  බනින මහරාජාගේ  සිරස මාධ්‍යජාලය හා එක්ව කිලි මහාරාජාගේ දේශපාලන ව්‍යාපෘතියේ   කොටස් කරුවෙකු විය .කිලි මහරජාට නීති විරෝධී අන්දමින් ගුවන් විදුලි සංඛ්‍යාත දීමට  සිරිසේන ජනාධිපතිවරයා  කටයුතු  කර තිබෙන බවට චෝදනාවක්ද එල්ල වී තිබේ .


කිලි මහරාජා තම සිරස  මාධ්‍ය  ජාලය මෙහෙයවන්නේ තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් බව දේශපාලනය දන්නා අය දනිති .තමන්ගේ කීම අසන මන්ත්‍රීවරු සහ ඇමතිවරු පත්කරගැනීමට ඔහුට උවමනා  කර තිබේ සජිත් ප්‍රේමදාස  මහතා අනාගත  ජනාධිපතිවරයා  කරගැනීම ඔහුගේ එක අරමුණකි .සිරස ප්‍රවෘත්ති ප්‍රකාශ වල සජිත්ගේ කතාවක් නැති දිනයක් නැති තරම්ය . බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතාද සිරසට පැමිණ  නිතර නිතර  කතා  කරන  අයෙකු වුයේ ඉබේ නොවේ . කිලිමහරජාගේ දේශපාලන ව්‍යාපෘතිය අනුවයයි අනුමාන කිරීම සාධාරණය  . දැන් කිලිමහාරාජාට ආණ්ඩුකාරයන් දෙදෙනෙකුද ,ජනාධිපතිවරයෙකුද ,අනාගත  ජනාධිපති අපේක්ෂකයෙකුද තවත් දේශපාලකයන් කීප දෙනෙකුද සිටින  බව ඇතැමෙකු කියති  .



Image result for KIRTHI TENNAKON CAFFE


 

විදුහල්පතිවරු/වරියන්  අල්ලස්ගෙන ළමුන් පාසල්වලට ඇතුලත් කරගන්නා  බවට  ආණ්ඩුකාරයා  කරන  චෝදනාව ඇත්තක්ද ?


ආණ්ඩුවේ ඇතැම්   ශේෂ්ත්‍රවල අල්ලස් ගැනීම ජයට සිදුවන අතර    විදුහල්පතිවරුන් ගෙන් ඇතැමෙකු  අල්ලස් ගන්නා  බව  ඇත්තය  .අල්ලස්  ගන්නා අවස්ථාවලදී ඇතැම් විදුහල්පතිවරු අල්ලස් නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ . ජනාධිපති කාර්යාල  ප්‍රධානියාම අල්ලස් ගන්නා විට අසුවූ  කොට තවත් කුමන  කතාද ?   පොලිසිය,  රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව පගා  ගැනීමේ ඉහලම ස්ථාන  දරන  ආයතන  වේ.  අල්ලස් ගන්නා  ප්‍රධාන ආයතනය බවට කලක්  පාසලද   පත්ව තිබුණේය .


පාසලට ආසන්න ඇතැම් දරුවන්  පාසලට ඇතුලත් නොකොට දුර බැහැර ළමුන් පාසලට ඇතුලත්  කරගන්නේ  පගාවටමද ? දකුණේ ආණ්ඩුකාරයාගේ කතාව අනුව නම් මිනිස්සුට  හිතන්නේ එසේය.

එහෙත් එය සියයට සියක් ඇත්ත නොවේ.


Image result for KIRTHI TENNAKON GOVERNOR



දුර බැහැර  ළමුන් පාසලේ පළමු ශ්‍රේණියට ඇතුලත්  කරගන්නේ වාර්ෂිකව නිකුත් කරන  චක්‍ර ලේඛය අනුවය  එම චක්‍ර ලේඛයට අනුව  පදිංචිය පදනම් කරගෙන  පළමු ශ්‍රේණියට බඳවා ගන්නේ  සිසු සංඛ්‍යාවෙන්  50% ක් පමණි .


පදිංචිය මත ළමුන් ඇතුලත් කිරීමේදී දෙමාපියන් යම් තැනක   පදිංචි  කාලය  චන්ද ලේඛන මගින් ඔප්පු කළ යුතු අතර  ඔවුන්ට  පදිංචි ස්ථානයේ ඇති අයිතිය  ඔප්පු තිරප්පු ආදියෙන් ඔප්පු  කළ  යුතුය. එහිදී අවුරුදු පහක් හෝ ඊට වැඩි වීම  මත ප්‍රමුඛත්වය  හිමිවේ .පදිංචිය මෑතකදී සිදුවී නම් පාසලට අල්ලපු වැටේ සිටින දරුවාද එම පාසලට ඇතුලත්  නොකර ගැනීමට  ඉඩ තිබේ.


අල්ලපු වැටේ සිටින දරුවාට ආසන්න පාසලට ඇතුළත්වීමට ඉඩ නොලැබෙන තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ආදී ශිෂ්‍යයන් වන්නි හත්පත්තුවේ  පදිංචිව සිටියත් ,තුත්තුකුඩියේ පදිංචිව සිටියත්  ඔවුන්ට  25% ක්   කෝටාවක් වෙන් කර ඇති නිසාය . ඒ අනුව පියා  කොළඹ නාලන්දා විද්‍යාලයේ  ඉගෙන  ගත්තේ  නම් ඔහුගේ පදිංචිය මහියංගනයේ වුවත් ඔහුගේ දරුවන්ට නාලන්දා විද්‍යාලයේ ඉගනීමට අවස්ථාව බොහෝ දුරට  හිමිවේ . 


මෙය ඉතා අයුක්ති සහගත  බැවින් අධ්‍යාපන අමාත්යංශය වරක් එම කෝටාව අඩු කළ අතර  කොළඹ පාසලක ආදී ශිෂ්‍ය සංගමයක් ඊට එරෙහිව ශේෂ්ඨාධිකරණයට ගියේය  එවක අග විනිසුරුවූ සරත් නන්ද සිල්වා  ආදී ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමට මුළුමනින්ම එකඟ වෙමින් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්නා සිසු සංඛ්‍යාවෙන්  25% ක් ආදී ශිෂ්‍යයන්ගේ දරුවන්ට වෙන් කළ යුතු බවට කැකිල්ලේ තීන්දුවක් දුන්නේය .අධ්‍යාපන අමාත්‍යංශයට මේ නිසා එම කෝටාව දිගටම  පවත්වාගෙන  යාමට සිදුවී තිබේ .


15% කෝටාවක් සහෝදර පදනම  මත වන් කර තිබෙන අතර මේ නිසා පාසලේ ඉගෙනගන්නා සිසුන්ගේ සහෝදර සහෝදරියනට  පාසලට වාසි දායක පදනමක් ගොඩ නැගී තිබේ. අල්ලපු වැටේ පොඩි එකාට/එකියට පාසලේ ගේට්ටුව වැසීමට එයද මග  පාදා  තිබේ  .

අධ්‍යාපන ශේෂ්ත්රයේ දෙමපියන්ගේ දරුවන්ටද 5% ක කෝටාවක් චක්‍රලේඛයෙන් වෙන්කර තිබේ. එයද අල්ලපු වැටේ දරුවාට අසාධාරණයක්යයි පාසල් අසල සිටින්නෝ කියනු නිසැකය 


ක්‍රියාන්විත සේවයෙ නියුක්ත හමුදාවල සහ පොලිසියේ සාමාජිකයන්ගේ දරුවන්ටද කෝටාවක් වෙන් කර තිබේ .යුද්ධයක් නැතත් 2019 වසරේදීද  මේ කෝටාව වෙන් කර ඇත  .ඒ අනුව පළමු ශ්‍රේණියේ සෑම සමාන්තර  පංතියකටම නැති ක්‍රියාන්විත සේවාවක නිලධාරීන්ගේ දරුවන්  5 බැගින් ඇතුලත්  කර ගැනීමට විදුහල්පතිවරුන්ට සිදුවී තිබේ  .


පළමු ශ්‍රේණියට ඇතුලත් කරගත  හැකි උපරිම සිසු සංඛ්‍යාව 37 ක් වුවද ඇතැම්  පාසල්වල පළමු ශ්‍රේණියේ සිට  ඉහල ශ්‍රේණිවල සිසුන් 50 ඉක්මවා සිටිති . මෙසේ වී තිබෙන්නේ විදුහල්පතිවරු  පගා  ගැනීම නිසා යයි ඇතැමෙකු සිතිය හැක එහෙත් එයට  ප්‍රධානම  හේතුව වන්නේ  දේශපාලන  බලපෑම් මත අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් විසින් මෙන්ම ආණ්ඩුකාරයන්ගේ ලිඛිත  නියෝග  මත පාසලට සිමාව  ඉක්මවා ළමුන්  ඇතුලත්  කිරීමට විදුහල්පතිවරුන්ට සිදුවී තිබිමය  .


දකුණු පළාතේ ආණ්ඩුකාරයාට  යකා  නැග්ගේ චක්‍ර ලේඛණ බල්ලට දමා  තමාගේ නියෝග අනුව සිසුන් බඳවා  ගන්න ලෙස  කරන  ලද නියෝග විදුහල්පතිනියන්  දෙදෙනෙකු ප්‍රතික්ෂේප කිරීම නිසාය .කිසියම් පාසලක්  ජාතික  පාසලක් වන විට එයට  නියෝග නිකුත් කිරීමට පළාත් ආණ්ඩු කාරයට  බලයක් නැත.ඔහුට නියෝගයක් නිකුත් කළ හැක්කේ ඔහු යටතේ තිබෙන පළාත් සභාවට අයත්  පාසල්වලට  පමණි .ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්  චන්ඩි පාට් දැමු විදුහල්පතිනියන් දෙදෙනා සේවය  කරන ගාල්ලේ අනුලාදේවි පාසල සහ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය  යන දෙකම  ජාතික  පාසල් වේ.


කෙසේ වෙතත් කිර්ති තෙන්නකෝන් මහතාගේ අනාගත අභිප්‍රාය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම සාර්ථක වේවායි මේ ලේඛකයා ප්‍රාර්ථනා  කරන අතර  පොහොට්ටු දේශපාලකයන් භාවිතා  කරන වාග්මාලා ඔහුද භාවිතා  කරන්නට  පටන්ගෙන තිබෙන බැවින් ගාල්ලේ චන්දදායකයන් රවටා  ගන්නට  ඔහුට අමාරු  නොවනු ඇත .  ඔහු චන්ද ව්‍යාපාරයේ නියුක්තවන විට එය නිරීක්ෂණය  කරන්නට  ඔහු හැදු කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයද ගෙන්වා  ගැනීමද නරක නැත .








Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...