2022 අරගලය ට බියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය
දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය
ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය
තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය
ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු තෙල් නොදී වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය
රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය
තෙල් නැති කමින් බස් දිව්වේ නැත
බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය
ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය
තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට නොහැකි විය
මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය
අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි
කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ
ගෑස් නැති කම නිසා සුපර්මාකට් වල දර මිටි විකුණන ලද්දෙය
වී පොහොර , තේ පොහොර, පොල් පොහොර බෙහෙතකටවත් සොයාගැනීමට නොතිබුනේය
මේ නිසා ආහාර නිෂ්පාදනය බරපතල අන්දමින් පහලට කඩා වැටුනේය
ආහාර ආනයනය කිරීමට ඩොලර් නැති වුයෙන් රටේ බරපතල ආහාර හිඟයක්ද ඇති විය
මේ නිසා Ranil Go Home අරගලය ගාලු මුවදොරින් ඇරඹුනේය
රනිල්ගේ ජනාධිපති කාර්යාලය අරගලකරුවෝ අල්ලගත්තෝය
ඔවුන් එතනින් නොනැවතී රනිල්ගේ ජනාධිපති මන්දිරය ද අල්ලාගත්තේය
රනිල් නැවකට පැන දිවි බේරා ගත්තේය
රටේ නායකත්වය භාර දීමට රනිල් පිටරට සිට කෙනෙක් හෙව්වේය
ගොටාභය බෑ කිව්වේය
මහින්ද බෑ කිව්වෝය
බැසිල් බෑ කිව්වේය
සජිත් ප්‍රේමදාස බෑ කිව්වේය
පෙරටුගමින් බෑ කිව්වෝය
යුඑන්පි කාරයෝ බෑ කිව්වෝය
අන්තිමට අනුරට කතාකරේය
අනුර කුමාර සහෝදරයා එක පයින් හා කිව්වේය
පළමුව අගමැති තනතුර භාරගත් අනුර කුමාර සහෝදරයා දෙවනුව පාර්ලිමේන්තුව විසින් ජනධිපති තනතුරට ඔහු පත් කර ගත්තේය
අනුර වහාම මේ රටේ ධනපතින් කීප දෙනෙකුට කතා කර ඩොලර් ණයට ඉල්ලගෙන තෙල් ගෙනාවේය
ලෝක බංකුවට කතා කොට ණයක් ගෙන ගෑස් ආනයනය කරේය
එක්සත් ජාතික සංවිධානයේ ප්‍රධානියෙකුට කතා කොට රටට අවශ්‍ය පොහොර ගෙන්නා ගත්තේය
ලෝකයේ තවත් වැදගත් අයට කතාකොට මුදල් ඉල්ලගෙන රටට අවශ්‍ය ඖෂධ ගෙන්නා ගත්තේය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කතාකොට රට ගොඩ ගැනීමට වැඩ සටහනක් අනුර ඔවුන් සමග සකස් කරගත්තේය
රටවල් ගනනාවකට ගොස් එම රටවල නායකයන් හමුවී රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තේය
විදේශ ණය සහනයක්ද ලබාගෙන ණය ගෙවීම 2028 දක්වා කල්දමා ගත්තේය
දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කරගැනීමට අනුර ජනාධිපති තුමා සමත්විය
100ට විතර ඉහල ගොස් තිබු උද්ධමනය 0 දක්වා බස්සා ගැනීමට අනුර ජනාධිපති තුමාට හැකිවිය
රජයේ සේවකයන්ගේ වැටුප් ඉහලා නැංවීමට අනුරට හැකි විය
දුප්පතුන්ගේත් දුප්පතුන්ට අස්වැසුම නව යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීමට අනුර තුමාට හැකිවිය
අවුරුද්දක් ගතවීමට පෙර ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් කිරිපිටි පෝලිම් ඖෂධ පෝලිම් අහෝසි කිරීමට අනුර ජනාධිපති තුමාට හැකිවිය
දස දහස් ගණනකට සින්නක්කර ඔප්පු ලබා දීමට අනුර තුමාට හැකිවිය
දිගි දිගට පාඩු ලැබූ තෙල් සංස්ථාව , විදුලි බලමණ්ඩලය ලාභ ලබන ආයතන්බවට පත් කිරීමට අවුරුදු දෙකක් තුලදී ජනාධිපති රනිල්ට ......නැහැ නැහැ ..අනුරට හැකි විය
ලංකාවට කලින් බංකොලොත් ගැසූ රට්වල්වන සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය අදත් බංකොලොත් නමුත් ජනාධිපති රනිල වික්‍රමසිංහට .........නැහැ නැහැ නැහැ .....ජනාධිපති අනුර කුමාරට අවුරුදු තුනකදී රට බංකොලොත් කමින් මුදවා ගැනීමට හැකිවිය
මේ නිසා ගිය ජනාධිපතිවරණයට පෙර කඩ වැටුණු රට ගොඩ ගැනීමට රනිල්ට ..නැහැ නැහැ නැහැ.... අනුර උතුමනනට හැකි විය
මේ නිසා රනිල් අපිට එපා! එපා! එපා!
අනුර කුමාර උතුමානන් ඕනා !ඕනා! ඕනා!
අනුර කුමාර දිසානායක උතුමාණෝ දිගුකල් වැජඹේවා!
Comments