Skip to main content

Posts

Showing posts from August, 2021

මංගලගේ අවමංගල්‍යය

  ඔහුට කොරෝනා ආසාදනය වුවද ඔහු නොවරදවා සුවපත් වනු ඇතැයි යන්න මගේ සිතුවිල්ල විය එම සිතුවිල්ලට පදනම් වූ කාරණා දෙක මෙසේය හොඳම එන්නත ලෙස සැලකෙන ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ඔහුට එන්නත් කර තිබිම පෙනහළු නිව්මෝනියාව සුව පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය එන්නතක් වූ TOCILIZUMAB එන්නත් කිරීමෙන්පසු ඔහු සුව අතට හැරෙමින් සිටින බව මංගලගේ මිතුරියක්ද මගේ මුහුනුපොතේ මිතුරියක්ද වන ශාමිණි නාගහවත්ත සේරසිංහ දෙවරක් මුහුනුපොත හරහා අප දැනුවත් කර තිබීම එහෙත් අප වැනි නිදහස් මත දරන්නන් ගේ අපේක්ෂා භංග කරමින් අද පෙරවරු කාලයේ යලි නොඑන්නටම මංගල යන්නට ගියේය මට මංගල කිසි දිනක හමුවී නැත එහෙත් ඔහුගේ අකල් අභාවය මා සිත තදින් කකියන, හඬවන කාරණාවක් බවට පත්ව තිබේ මේ රට වැටි ඇති නරා වලෙන් ගොඩ ගැනීමට මංගල ඉදිරි කාලයේදී විශාල කාර්ය භාරයක් කරනු ඇත යන්න මගේ අපේක්ෂාව විය එම අපේක්ෂාව මංගලගේ අවසන් ගමන සමග සුනුවිසිනු වී ගොස්ය ඔහු විසින් අරඹන ලද 'Freedom Hub සමග එකතු වීමට මම අපේක්ෂාවෙන් පසු වීමි එහෙත් එම අපේක්ෂාවද දැන් සුනුවිසුනු වී හමාරය මංගල වැනි දේශපාලකයන් තව ඇත්තේ නැති තරම්ය එක් කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අන් සියල