රාජිත සේනාරත්න ඇමතිවරයා පිළබඳව මේ හදිස්සියේ ලිපියක් ලියන්නට මා සිතා සිටියේ නැත . එහෙත් අනුර කුමාර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී ටොමි කතාවක් පැවැත්වීමත්, ඊට පසුදිනම ඒකාබද්ධ කෂ්ටියට රාජිත ගැන කිසිම විශ්වාසයක් නැතැයි යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දීමත් නිසා හිත කියතකින් පීරන්නාක් මෙන් දැනෙන්නට වුයෙන් මේ ලිපිය නොලියාම බැරි තත්වයට මා පත් විය. රාජිතව දෑහැට පෙන්නන්නට බැරි කණ්ඩායම් කීපයක් සිටි . එක කණ්ඩායමක් නම් ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකසහ දේශපාලන කොම්පැණියක් වූ මහින්ද සමාගම බව ඔබ අනුමාන කළානම් එය හරියටම හරිය . දෙවෙනි සමාගම වන්නේ කලක් දේශප්‍රේමය විකුණු ජනතා විමුක්ති පෙරමුණය . තුන්වෙනි කණ්ඩායම වන්නේ රෝගීන්ට වඩා නිදහස් අධ්‍යාපනයට පුදුම ප්‍රේමයක් වරින් වර පෙන්නන GMOA සමාගමය .හතවෙනි කට්ටිය නම් ලෙඩුන්ගේ ඉහ මොළ සුද්ධ කරන අවුෂධ මාෆියාවය ඒකාබද්ධ විපක්ෂය රාජිත සමග ඔරොප්පු වීමට හේතු දෙකක් තිබේ . මහින්ද පරාජය කිරීමට මුලිකත්වය ගත් ප්‍රමුඛයන් අතර ඔහුද එක් අයෙකු නිසාය .රාජිත මහින්දට වන්දි භට්ටකම් කරමින් දිගටම සිටියේ
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත