Skip to main content

කොළ හොරු සහ නිල් හොරු






   හොරු අල්ලන්නට  ආ  ආණ්ඩුව හොරු විසින්  අල්ලාගෙන ඇතැයි ජවිපෙ  විසින්  කරන චෝදනාව ඇත්ත  බව දවසෙන් දවස තහවුරු වෙමින්  තිබේ. එපමණක් නොවේ. ගිය ආණ්ඩුවේ  හොරු අල්ලන්නට මේ ආණ්ඩුවේ  හොරු  ඉඩ නොදෙන  බවටද  පෙනේ. විශේෂයෙන්ම විජේදාස  රාජපක්ෂ ඇමති වරයා රාජපක්ෂ  හොරු අල්ලන්නට බාධා  කරන  බවට හොඳ යුඑන්පි කාරයෙකු වන  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා කරන චෝදනාව  ඉතා  බරපතලය . 





ඇවන්ගාඩ් ගැහිල්ලෙන් පරම්පරා  ගණනකට  හරි හම්බු කරගත්  සේනාධිපති  විජේදාස  රාජපක්ෂගේ  ගජයෙක් බව  ඔප්පු වී  හමාරය .සේනාධිපතිට හොඳ හැටි හම්බු කරන්නට  මග  පාදා දුන්නේ ගෝටා  බව අමුතුවෙන් කිව  යුතු නැත .එබැවින් ගෝටා දඟගෙට දැක්කීම වැලක්වීමට විජේදාස  වලි කන්නේ ඇයිදැයි තේරුම් ගැනීම දුෂ්කර නැත .



විශේෂ අධිකරණයක් පිහිටුවා දුෂණ  නඩු අසන  බවට මැතිවරණයේදී සිරිසේන  -රනිල් හවුල  පොරොන්දු වූ නමුත් ඒ  ගැන දැන් මතකයක් වත් නැත . එය  පිහිටෙව්වහොත්  රාජපක්ෂ  හැත්ත  බුරුත්තම  මේ ආණ්ඩු  කාලය  තුලදීම වැලිකඩට දක්කන්නට පොටක් පෑදේ . එහෙත් ආණ්ඩුවට ඒ ගැන  මතක  නැත්තේ  හරියටම රවී කරුණානායකට පරණ දේවල් නොව අලුත් දේවල් පවා අමතක වී ඇත්තා සේමය . ඒ  නිකම් නොවේ. හේතු ඇත. උන්ට හදන නීතිය තමන්ගේ එවුන්ද  කොටු වෙන හබකක් වෙනු ඇතැයි යන  භීතිය  නිසාය 


ගිය ආණ්ඩුවේ  දුෂණවලට සම්බන්ධ එවුන්ගෙන් විස්සක් තිහක් රාජපක්ෂ    පැරදුනු විගසම මේ පැත්තට  පැන්නේ ආණ්ඩුවෙන් ඇමති  කම් ගන්නට  පමණක් නොවේ.කරපු හොරකම් වලට  මේ ආණ්ඩුව   යටතේ මහා උළු ගෙදර  යන්නට වෙතැයි ඇතිවූ බිය  නිසාය . FCID මගින් තමන්ගේ එවුන් පිළිබඳව තෝර තෝරා  හොයන්නට  පටන් ගෙන ඇතැයි සිරිසේන  ජනාධිපති වරයා  මාස දෙකකට  පෙර  කළ  ගෝර නාඩුව  යලි මතක් කර  ගැනීම   , මා  කියන  කාරණය තහවුරු  කර  ගැනීමට  ප්‍රමාණවත්ය  .



                                                             රවී විවාහ වූ දා 

මීට අවුරුදු දෙකකට  හමාරකට පෙර  එක්සත්  ජාතික පක්ෂය සිටියේ  තුට්ටුවක් අතේ නැතිවය .චන්ද  කොරන්නට සල්ලි නැතිව සිටි යුඑන්පිය  තමන්ට අයිති ඉඩමක් වික්කේය.  ඒ  බව  කිව්වේ අන් කවුරුවත් නොව  රනිල් වික්‍රමසිංහ මහතාමය .ජනාධිපතිවරණය  කඩා පාත් උනේ  ඉන් ටික දවසකට පසුවය . රාජපක්ෂලාට  ජනාධිපතිවරණය කරන්නට පමණක් නොව යුරෝපයෙන් දුපත්  තුන හතරක්   මිලදී ගැනීමට  තරම් කාසි තිබුනේය .එය ඔප්පු කරන්නට ලොකු සාක්කි  උවමනා  නැත . රට පුරා වැපිරූ කටවුට් ප්‍රමාණය සහ ශ්‍රී   ලංකා නිදහස්  පක්ෂයේ  ප්‍රාදේශීය  සභා  මන්ත්‍රීවරු අරලිය  ගහ මන්දිරයට කැඳවා ලක්ෂ 20  ගානේ බෙදා දීම ගැන කීම පමණක්  ප්‍රමාණවත්ය . ජනධිපතිවරණයට අත දිග  හැර  වියදම් කරන්නට එක්සත් ජාතික  පක්ෂයට සල්ලි තිබුනේ  නැත .තමා එකම  කටවුට් එකක්වත්  ගහන්නේ  නැතැයි ජනධිපති අපේක්ෂක  සිරිසේන මහතා ඒ දවස්වල  කිව්වේ ඒ  තත්වය දැන සිටි නිසාය .



2015 ජනවාරි 8 වනදා මැතිවරණයෙන්  මෛත්‍රීපාල  සිරිසේන  මහතා   දිනුවේය. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්  දින සීයේ ආණ්ඩුව පිහිටවුනු ලැබීය . ආණ්ඩුව  ගෙනියන්නට  පමණක් නොව ළඟ එන  මහා මැතිවරණය  කරන්නටද  සල්ලි තිබුනේ  නැත .ඇතැම් විටෙක  ජනධිපතිවරණයට වියදම් කරන්නට  ගත් ණය ගෙවන්නටද සල්ලි නොතිබුනා විය  හැක .


2015 පෙබරවාරි 27 වෙනිදා රුපියල් කෝටි දාහක බැඳුම් කර වික්කේය . ආණ්ඩුව  බඩු මිල අඩු කළේය . සමුර්ධි දීමනාව වැඩි කළේය .රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහල දැම්මේය  .  එක්සත්  ජාතික   පක්ෂයේ මුදල් අමාරුකම් මග හැරුනේය .2 015 අගෝස්තු  මස 17 වනදා මහා  මැතිවරණයට වියදම් කිරීමට  රනිල්ගේ  පක්ෂයට සල්ලි අඩුපාඩුවක් නොතිබුණේය. මැතිවරණයද රනිල් දිනුවේය .


මේ අතර බැඳුම්කර ගැහිල්ල  ගැන මහා බැංකුවේ රාජපක්ෂලාගේ මිනිස්සු  රාජපක්ෂලාට තොරතුරු දුන්නෝය .බන්දුල  ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක්  ගොස් මහ බැංකුව වැටලුවෝය. ජන මාධ්‍යවලටද  හොද්ද  බොර  කර ගැනීමට කදිම අවස්ථාවක්  පහළ වුවේය.වැඩි කල් යන්නට  පෙර බහ බැංකුවේ අලි හොරකමක් සිදුවී ඇති බව  රටපුරා පැතිරී ගියේය.


රනිල් වික්‍රමසිංහ  මහතා සිරිකොත නීතිඥයන් ගේ  කමිටුවක් පිහිටුවා වාර්තාවක් ඉල්ලුවේය. බැඳුම්කර අලෙවියේදී හොරකමක්  සිදුවී  නැති බව  කමිටු වාර්තාව  කීවේය .



එහෙත් එමගින් එය  යටපත් කරන්නට ආණ්ඩුවට  නොහැකි විය .අන්තිමට ඩිව් ගුණසේකර මහතාගේ  ප්‍රධානත්වයෙන් වූ COPE  කමිටුව විසින් විසින් එය  විභාග  කළ අතර  එහි වාර්තාව  පක්ෂග්‍රාහී  යයි එක්සත් ජාතික  පක්ෂය චෝදනා  කළ අතර පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම  නිසා COPE කමිටු වාර්තාව  යට ගියේය.


බැඳුම් කර අලෙවිය  විභාග  කිරීමට  අලුතෙන් පත්වූ   පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව  කටයුතු  කළ අතර එම වාර්තාවටද එක්සත්  ජාතික  පක්ෂය විරුද්ධ විය.


බැඳුම්කර  හොරකමට එරෙහිව දිගින් දිගටම විපක්ෂය  හඬ  නැගීම  නිසා ඒ පිළිබඳව සොයා බැලීමට  කොමිසමක් පත් කිරීමට  අවසානයේදී  ජනාධිපතිවරයාට සිදුවිය .අලි හොරකමක් කර තිබෙන බව එහි සාක්ෂිවලින් දිනෙන් දින  හෙළිවූ අතර  රවී කරුණානායක මහතාගේ ගෙදර,  හොර බඩු තිබී අසුවීම නිසා හොරු රැලෙන් .අන්තිමට  කොටු උනේ ඔහු පමණය .



ආණ්ඩුව අද  මුහුණ  දී  තිබෙන්නේ අලි අමරුවකය . එක්සත්  ජාතික  පක්ෂයේ ඉහලම ලොක්කන්ගේ අනුමැතියෙන් කෙරුණු මේ මෙගා  හොරකමට  රවී බිලිදීම ලෙහෙසි  පහසු කටයුත්තක් නොවේ. ඔහු පමණක් බිලි දෙන්නට  ගියහොත් බැඳුම් කර  හොරකමට සම්බන්ධ අනෙකුත් යුඑන්පි ලොක්කන් කවුදැයි  රවිගේ  කටින්ම  හෙළි වීමට  ඉඩ නැත්තේද  නොවේ.



රවිගේ ලොකු දෝණියන්දෑ වන  ඔනෙලා ඇගේ  ෆේස්බුක් පිටුව  හරහා ප්‍රකාශයක්  කරමින් ' අපේ  තාත්තාට  පමණක් බනින්නේ  මන්ද? ' යැයි ඇසුවේ  නිකමටම නොවේ 





මෙවැනි පසු බිමක් තුළ රාජපක්ෂලාගේ හොරකම් හොයන්නට  යාම භයානක සුදුවක් ලෙස ඇතැම් එක්සත් ජාතික  පක්ෂ  නායකයන් කල්පනා  කරනවා විය  හැක .රාජපක්ෂලා හෝ ඔවුන් හිතවත් ආණ්ඩුවක් බලයට  පැමිණිය  හොත්   බැඳුම්කර වංචාව නිසා තමන්ට හිරගෙදර  ලගින්නට සිදුවනු ඇතැයි එජාප  නායකයන් තුළ බියක් ඇතිවී  තිබෙන්නටද  ඉඩ තිබේ.



මෙයට  හොඳම  විසඳුම දෙගොල්ලොම දෙගොල්ලන්ගේම   හොරකම් නොසොයා  ඉන්නට ඩීල් එකකට පැමිණීම  යයි ඩීල් දාසලා ආණ්ඩුවට  උපදෙස්  දෙමින් සිටිනවාද  විය  හැක .



එබැවින්  රාජපක්ෂලා සහ රනිල්ලා ඉදිරිකාලයේදී දෙගොල්ලන් ගැනම  කරන  පරීක්ෂණ  කඩදාසි  වලට  පමණක්  සීමා  කිරීමට ඉඩ  නැත්තේ  නොවේ.


එංගලන්තයේ සුද්දන් පිරිසිඳු අවංක දේශපාලනයක්  කරනු ඇතැයි අපි සිතුවද  එහි අගමැති කම් කළ මාගරට් තැචර් මහත්මිය විශ්‍රාම  ගිය  පසු  කීවේ  දේශපාලනය  යනු  ජරා ගොඩක් බවය . එංගලන්තයේත්  එසේ  නම් අපේ රට  ගැන  කවර  කතාද? 








Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...