Skip to main content

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය



කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි .



ඒ 1971 මුල් මාසයක දිනකය


සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය


ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ


විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි


දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය


කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය


දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස පැය භාගයක් හමාරක් සිටගෙන ඔහු සිය දේශනය කල බව මට දැන් සිහියට නැගේ


වික්‍රමසිංහ මහතා 1976 ජුලි 23 වනදා කොළඹදී මිය ගිය අතර ඔහුගේ සොහොන ඔහු ජීවත්වූ කොග්ගල නිවස ට යාර කීපයක් දකුණට වන්නට තරමක උස් බිමක දැකිය හැකිය



අහංගම මිතුරෙකු (1980 ජුලි වර්ජකයෙකු ) හමුවීමට ගිය විටෙක වික්‍රමසිංහ මහතාගේ නිවස දැකීමට මම ඔහු සමග කොග්ගල ගියෙමි අපි එහි ගියේ ඔහුගේ පා පැදියෙනි


ඒ 1982 දිනකය





ඒ වන විට එම භුමියේ වික්‍රමසිංහ කෞතුකාගාරය ඉදිකර තිබුනේ නැත සුන්දර පොල් රුප්පාවක් මැද ඔහුගේ කුඩා නිවස හුදෙකලාව තිබුනේය


අපි එහි යනවිට නිවස බලාගන්නා මුරකරුවා හැර වෙන කිසිවෙකු සිටියේ නැත


නිවස තුල කාමරයක වික්‍රමසිංහ මහතා නිදාගන්නා ඇඳ ද ඔහු පොත් පත් ලියු මේසය හා පුටුවද තිබුනේය මම ඔහුගේ ඇඳේ ටිකවෙලාවක් වාඩිවී සිටියෙමි






අනාගතයේ දී ඒ ඇඳේ කිසිවෙකුට වාඩි වීමට ඉඩ නොලැබෙන බව මගේ මිතුරාටත් මුරකරුවටත් කී විට මුරකරුවා සිනාසුනේය


ඉන්පසු මුරකරුවා නිවස අසල තිබෙන වික්රමසිංහ මහතාගේ සොහොන පෙන්වීය





වික්‍රමසිංහ මහතා ලියු මඩොල් දුව කතාවට පාදක වූ දුපත බැලීමට ඉන්පසු මම මිත්‍රයා සමග බයිසිකලයෙන් ගියෙමි ඔරු පදවන්නෙකු මුදල් ගෙන දුපත වටා නරඹන්නන් රැගෙන ගිය නමුත් ඒ ආශ්වාදය ලැබීමට ජුලි වර්ජකයන් වූ අපට මුදල් නොතිබුණු බැවින් දුර සිට දුපත නැරඹුවෙමු

Comments

අජිත් ධර්මකුමාර said…
මටත් මාටීන් හමුවුනා.
අපි දෙන්න තේකක් බිබී කතා කරා.

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...