Skip to main content

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය



කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි .



ඒ 1971 මුල් මාසයක දිනකය


සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය


ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ


විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි


දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය


කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය


දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස පැය භාගයක් හමාරක් සිටගෙන ඔහු සිය දේශනය කල බව මට දැන් සිහියට නැගේ


වික්‍රමසිංහ මහතා 1976 ජුලි 23 වනදා කොළඹදී මිය ගිය අතර ඔහුගේ සොහොන ඔහු ජීවත්වූ කොග්ගල නිවස ට යාර කීපයක් දකුණට වන්නට තරමක උස් බිමක දැකිය හැකිය



අහංගම මිතුරෙකු (1980 ජුලි වර්ජකයෙකු ) හමුවීමට ගිය විටෙක වික්‍රමසිංහ මහතාගේ නිවස දැකීමට මම ඔහු සමග කොග්ගල ගියෙමි අපි එහි ගියේ ඔහුගේ පා පැදියෙනි


ඒ 1982 දිනකය





ඒ වන විට එම භුමියේ වික්‍රමසිංහ කෞතුකාගාරය ඉදිකර තිබුනේ නැත සුන්දර පොල් රුප්පාවක් මැද ඔහුගේ කුඩා නිවස හුදෙකලාව තිබුනේය


අපි එහි යනවිට නිවස බලාගන්නා මුරකරුවා හැර වෙන කිසිවෙකු සිටියේ නැත


නිවස තුල කාමරයක වික්‍රමසිංහ මහතා නිදාගන්නා ඇඳ ද ඔහු පොත් පත් ලියු මේසය හා පුටුවද තිබුනේය මම ඔහුගේ ඇඳේ ටිකවෙලාවක් වාඩිවී සිටියෙමි






අනාගතයේ දී ඒ ඇඳේ කිසිවෙකුට වාඩි වීමට ඉඩ නොලැබෙන බව මගේ මිතුරාටත් මුරකරුවටත් කී විට මුරකරුවා සිනාසුනේය


ඉන්පසු මුරකරුවා නිවස අසල තිබෙන වික්රමසිංහ මහතාගේ සොහොන පෙන්වීය





වික්‍රමසිංහ මහතා ලියු මඩොල් දුව කතාවට පාදක වූ දුපත බැලීමට ඉන්පසු මම මිත්‍රයා සමග බයිසිකලයෙන් ගියෙමි ඔරු පදවන්නෙකු මුදල් ගෙන දුපත වටා නරඹන්නන් රැගෙන ගිය නමුත් ඒ ආශ්වාදය ලැබීමට ජුලි වර්ජකයන් වූ අපට මුදල් නොතිබුණු බැවින් දුර සිට දුපත නැරඹුවෙමු

Comments

අජිත් ධර්මකුමාර said…
මටත් මාටීන් හමුවුනා.
අපි දෙන්න තේකක් බිබී කතා කරා.
Pra Jay said…
+++++++++++++++++++++++++++
Ajith Dharma. said…
ස්තූතියි මේක ලිවට . ඇත්තටම අර ටියුෂන් ගුරා ව තහනම් කරන්න ඕනේ . මුල් කාලේ කියවපු පොත් ගොඩේ වික්‍රමසිංහ මහත්මයාගේ පොත් ඔක්කොම තිබුන . මඩොල්දූව්වෙන් පටන් ගත්තේ
හොඳ මතකාවලියකි මේ!
Anonymous said…
දිනමිණ - April 29, 2026

මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස් ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

සුභා­ෂිණී සේනා­නා­යක

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.