කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි .
ඒ 1971 මුල් මාසයක දිනකය
සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය
ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ
විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි
දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය
කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය
දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස පැය භාගයක් හමාරක් සිටගෙන ඔහු සිය දේශනය කල බව මට දැන් සිහියට නැගේ
වික්‍රමසිංහ මහතා 1976 ජුලි 23 වනදා කොළඹදී මිය ගිය අතර ඔහුගේ සොහොන ඔහු ජීවත්වූ කොග්ගල නිවස ට යාර කීපයක් දකුණට වන්නට තරමක උස් බිමක දැකිය හැකිය
අහංගම මිතුරෙකු (1980 ජුලි වර්ජකයෙකු ) හමුවීමට ගිය විටෙක වික්‍රමසිංහ මහතාගේ නිවස දැකීමට මම ඔහු සමග කොග්ගල ගියෙමි අපි එහි ගියේ ඔහුගේ පා පැදියෙනි
ඒ 1982 දිනකය
ඒ වන විට එම භුමියේ වික්‍රමසිංහ කෞතුකාගාරය ඉදිකර තිබුනේ නැත සුන්දර පොල් රුප්පාවක් මැද ඔහුගේ කුඩා නිවස හුදෙකලාව තිබුනේය
අපි එහි යනවිට නිවස බලාගන්නා මුරකරුවා හැර වෙන කිසිවෙකු සිටියේ නැත
නිවස තුල කාමරයක වික්‍රමසිංහ මහතා නිදාගන්නා ඇඳ ද ඔහු පොත් පත් ලියු මේසය හා පුටුවද තිබුනේය මම ඔහුගේ ඇඳේ ටිකවෙලාවක් වාඩිවී සිටියෙමි
අනාගතයේ දී ඒ ඇඳේ කිසිවෙකුට වාඩි වීමට ඉඩ නොලැබෙන බව මගේ මිතුරාටත් මුරකරුවටත් කී විට මුරකරුවා සිනාසුනේය
ඉන්පසු මුරකරුවා නිවස අසල තිබෙන වික්‍රමසිංහ මහතාගේ සොහොන පෙන්වීය
Comments
අපි දෙන්න තේකක් බිබී කතා කරා.