Skip to main content

Posts

Showing posts from June, 2023

කලවන් ,කවලන්,කලවන්, කවලන්

  ඔය රාජපස්සල රතනල ජයසුමනල නානසාරල ගොම්මන්පිලලා මහසොනල ,Dan ල ජාතියේ ගැලවුම් කාරයන් විදිහට නාට්ටිය පෙන්නුවට සුද්ධ සිංහල මිනිස්සු කොහෙවත් නැහැ ඕන කෙනෙක් තමන්ගේ ජාන පරීක්ෂණයක් කරලා බැලුවොත් පෙනේවි ජනවර්ග 30, 40ක් කලවම් බව . උතුරේ සහ නැගෙනහිර පුරාවිද්‍යා භුමි ගැන උවිඳු කුරුකුලසූරිය පෙරේද ලියපු ලිපියක ලියල තිබුන එක වැදගත් කාරනාවක් තමා අනුරාධපුර රාජධානිය පිරිහිලා වල් වැදිලා යන කාලේ අනුරාධපුරේ හිටපු සිංහලයන්ගෙන් සමහරු උතුරට ගිහින්දෙමල අය සමග මිශ්‍ර වෙන්න ඇති . ඒ වගේම සිංහල ප්‍රදේශවලට සංක්‍රමණය වෙච්ච දෙමල ජාතිකයෝ සිංහල බවට පත් වෙන්න ඇති කියන කාරණාව   මුස්ලීම් ජාතිකයෝ ගත්තත් ඒ වගේ තමා ඒ අය අරාබියේ සහ ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වෙනකොට මුස්ලිම් කාන්තවන් එක්කගෙන ආවේ නැහැ ඒ අය විවාහ වුනේ එක්කෝ දෙමල අය සමග නැත්තම් සිංහල අය සමග   ඔය රට රටවල් වල පදිංචි වෙලා ඉන්න සිංහලයන්ගේ දෙමල අයගේ දු දරුවන් විශාල ප්‍රතිශතයක් මේ වෙනකොට විවාහ වෙලා ඉන්නේ ඒ ඒ රටවල පුරවැසියෝ එක්ක . මේ වෙනකොට ඒ ගොල්ලන්ට දු දරුවොත් ලැබිල. ඉතින් ඒ අය සිංහලද ? නැත්තම් සුද්දෝද ?නැත්තම් කවුද ? කන්න බොන්න හිඟ

නැවත උපදිනවද ?

     මේ මහා පොලවේ කොච්චර පනුවෝ ඉන්නවද කියල අන්තර්ජාලයේ හෙව්වම තිබුණු උත්තරය තමයි බිලියන 7 x බිලියන 57 ඒ කියන්නේ සෑම මනුස්සයෙකුටම බිලියන 57ක් රවුම් පනුවෝ මහපොළොවේ ඉන්නවා ( There are 57 billion nematodes for every human on earth) රවුම් නොවන පනුවොත් බිලියන් ගණනක් ඇති මගේ ප් ‍ රශ්නය මෙයයි පනුවෝ වෙලා ඉපදිලා ඉන්නේ පිං කරලද ? පවු කරලද ? පිං කරලා නම් වෙන්න බැහැ පිං කරපු අය උපදින්නේ දිව් ‍ ය ලෝකෙනේ මනුස්සයෝ වෙලා උපදින්නත් මහා ගොඩක් පිං කරලා තියෙන්න ඕනලු හොඳයි පවු කරපු නිසා පනුවෝ වෙලා ඉපදුනා නම් ඒ පවු කරන්න ඇත්තේ කවුරු වෙලා ඉපදිලා හිටපු කාලේද ? බිලියන 7X බිලියන 700 (3.99e+20) තරම් හිතන්නත් බැරිතරම් සංඛ් ‍ යාවක් මොක්කු වෙලා ඉඳිද්දී කරපු පවුද??? ආ අමතක කරන්න එපා බිලියන ගණනක් මැස්සෝ ඉන්න බව. බිලියන ගණනක් මදුරුවෝ ඉන්න බව . බිලියන ගණනක් හෝ හපුටුවො ඉන්න බව ඒ ගොල්ලොත් පෙර ආත්ම වල පවු කරලා ඉපදුනු අය වෙන්න ඕනේ මේකෙන් පැහැදිලි වෙන කරුණ තමයි ජීවයක් බිහිවෙන්න අවශ් ‍ ය සියලු කොන්දේසි සම්පුර්ණ උනාම ජීවයක් බිහිවෙන බව. නැතිව පෙර කරපු පවක් පිනක් නිසා නෙවෙයි පෘතුවිය සහ සුර්යයා අතර දැන් තිබෙන දුර ත

විශ්මකර්මයෙකු සඳහා ඇබෑර්තුවක් තිබේ

  "ඔය රුපියල දැන් නැග්ගට ආනයන සීමා අයින් කරාම ඕක බහිනවා " "ණය ගෙවන්න පටන් ගත්තාම රුපියල හෝ ගාල බහිනව" "ණය ගෙවන්නේ නැතිව ඉන්නකොට රුපියල නගිනවා තමයි " රනිල් ඇවිල්ල දැන් අවුරුද්දකට කිට්ටුයි කරපු දෙයක් නැහැ " 'අපිට දෙන්න.අපි අවුරුදු 5න් කරලා පෙන්නවා " මෙසේ කියන්නේ මෙහෙම කියපු අය "ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ණය දෙන්නේ නැහැ " "ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙවෙනි වාරිකය දෙන්නේ නැහැ " " GSP+ සහනය ලංකාවට ලැබෙන්නේ නැහැ " "මැයි ජුනි වෙනකොට ඩොලර් එකක් රුපියල් 600 ට නගිනවා " ආර්ථික වශයෙන් වලපල්ලට ගිය රටක් මාස කීපයකින් ගොඩ ගත හැකි නම් ඔහු හෝ ඇය විශ්ව කරමයෙකු වෙනු ඇත| සිම්බාබ්වේ ,වෙනිසියුලාව , ආර්ජන්ටිනාව ලෙබනනය ග්‍රීසිය අප මෙන්ම බන්කොලොත්වූ රටවල්ය ඒවා ගොඩ ගන්නට කොපමණ කල ගත වීද ? 1980 දශකයේ සිට ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන් ආර්ජන්ටිනාව දැවැන්ත ආර්ථික කඩාවැටීමකට මුහුණ දුන්නේ 2001 දෙසැම්බරයේ සිටය තවමත් එය ඉවරයක් නැත මේ වන වුඉට එරට වාර්ෂික උද්ධමානය 90%කි සිම්බාබ්වේ ආර්ථික අර්බුදය ඇරඹුණේ 2000 වසරේ සිටය මේ වන ව

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගෙන මංකොල්ල කෑ සිංහලයෝ

     උඩරට අවසන් රජුවූ ශ්‍රී  වික්‍රම රාජසිංහ රජතුමා  1815 පෙබරවාරි 18 වෙනි දින අල්ලා ගන්නා  ලදී  . එසේ අල්ලගන්න ලද්දේ රජුට සේවැය කර තිබු නිලධාරින් විසිනි  පහත දැක්වෙන්නේ  රජු අල්ලාගැනීම සම්බන්ධයෙන්  සුදු පාලකයන් විසින්  පත්කොට තිබු  නිලධාරියෙකු විසින් තැබූ සටහනකි  වෙනත් තැනක පලකොට තිබු පහත සටහන උපුටා පහත පලකරමි  සිංහලේ අවසන් පාලකයා වූ ශ් ‍ රී වික් ‍ රම රාජසිංහ රජු අල්ලාගැනීම සඳහා 1815 පිටත් වූ කණ්ඩායම සමඟ ගිය භාෂා පරිවර්තයෙකු වූ ඩී. වී. ඒ. දියෙස් (D. V. A. Dias) හෙවත් තුප්පැහි මුලාදෑනියා විසින් තබන ලද සටහනක්, නිට්ටඹුවේ නම්බාදළුව විහාරයේ වැඩ විසූ වරකාපොළ රතනසාර ස්ථවිරයන් විසින් 1955 වසරේ ඔක්තෝම්බර් මාසයේ ‘ශ් ‍ රී ලංකා’ සඟරාවට යොමු කර තිබුණි. එය හුදී ජන සංවේග පිණිස මෙහි ලා දක්වමි. “1815 මැද මහනුවර අන්තිම සිංහල රජු සැඟවුණු තැනින් අල්ලාගෙන ඊම පිණිස ගිය මහ පිරිසේ තුප්පහි නිලය දැරූ මම, එක්නැලිගොඩ මොහොට්ටාලත් සමඟ වෙලේ ඇවිදින්නට පිටත් වුනාය. ඔහු සමඟ සපරගමුවේ පන්සියයක් පමණ සෙනඟ ද ඉඹුලන්වල ආරච්චි සහ යටිපහුවේ කංකානම ද සමඟ යන විට වයස දහයක දොළහක කොළුගැටයෙක් දුවනවා දැක එලවාගන ආවාම මහත් භයෙන් වැඳගෙන,

කාලකන්නි යුක්රේන යුද්ධය

     යුද්ධය යනු යුක්රේනයේ සිද්ධ උනත් ලංකාවේ සිද්ධ උනත් කාලකන්නි වැඩකි ලංකාවේ යුද්ධයට මානුෂික මෙහෙයුම කියා දේශපාලන නමක් දැම්මේ රටේ මිනිස්සුත් ලෝකේ මිනිස්සුත් ගොනාට ඇන්දවීමටය මානුෂික යුද්ධ කොහෙවත් නැත තිබෙන්නේ ඉදිරියේ මොකා හිටියත් වෙඩි තබන යුද්ධය .පහල මොකා හිටියත් බෝම්බ දමන යුද්ධය දින තුනකින් යුක්රේනය අල්ල ගැනීමේ අපේක්ෂාවෙන් රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට අදට දින 470 වකි මේ වන විට සිදුවී ඇති විනාශය අති විශාලය යුද්ධයේ අලුත් තත්වය වන්නේ රුසියාව විසින් අල්ලාගෙන තිබෙන ප්‍රදේශයක ද්නීපර් ගඟේ තිබෙන Nova Kakhovka වේල්ල පුපුරවා හැරිම නිසා බරපතල විනාශයක් වී තිබේ . මෙම වේල්ල පිහිටා තිබෙන්නේ ඛර්සන් පළාතේ නොවා ඛකොව්කා නගරයේය .  වේල්ල පුපුරුවා හරිම ගැන රුසියාව යුක්රේනයට චෝදනා කරන අතර යුක්රේනය කියන්නේ එය රුසියව විසින් පුපුරවා හැරිය බවය . යුක්රේනයේ උතුරේ සිට කළු මුහුද දක්වා ගලන නීපර් ගඟ හරස්කොට බැඳ තිබෙන වේලි හයකින් එකක් වන නොවා ඛාකොව්කා වේල්ල මගින් විශාල ජලාශයක් ඉදිකොට තිබෙන  අතර එහි ජලය විදුලිය නිපදවීමටද වගාවන් සහ බීම සඳහා භාවිතා කරනු ලැබිණ   නීපර් ගඟේ මේ වේල්ල තිබෙන ප්‍රදේශයේ  උතුර යුක්රේ

චන්ද්‍රිකාට ආණ්ඩුව හදා දුන් ගුණසේන මහානාම

      මේ ලිපියට දම ඇති ඉහත මාතෘකාව අනුව ගුණසේන මහානාම යනු චන්ද්‍රිකාගේ සපෝටර් කෙනෙකු ලෙස ඔබට එකවරම සිතෙනු නොඅනුමානය  නැත ඔහු එවැනි දේශපාන ව්‍යාපාරයක යෙදෙනු අයෙකු නොවේ  ඔහු චන්ද්‍රිකාට ආණ්ඩුව හදාගැනීමට උදව් කළ ආකාරය දෙවනුව ලියමි ඊට පෙර ලිවිය යුත්තේ ඔහු ප්‍රමුඛත්වය දුන් කාරණා ගැනය . ඔහු වෘත්තීය සමිති නායකයෙකු විය වමේ දේශපාලනයේ නියුක්තවු අයෙකි  තවත් වචනවලින් කියන්නේ නම් ඔහු ට්‍රොට්ස්කි ගේ මත දරු අයෙකි   ජනතා විමුක්ති පෙරමුණ  1988 දී  ගුණසේන මහානාම මරා දමන්නන්ගේ ලැයිස්තුවටද ඇතුලත් කර තිබුණි එහෙත් ඔහු මරා දැමීමට  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය උත්සාහ  කළද එය සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකිවූ  බැවින් තවත් අවුරුදු 34ක් ජීවත්ව සිට පලමුදා  හෙවත් 2023  ජුනි 4 වෙනිදා අවුරුදු 79 ක සිය  ජීවන ගමන අවසන් කළේය  රජයේ ලිපිකරු සේවා සංගමයේ ( GCSU)  ප්‍රධාන ලේකම් වූ  ගුණසේන මහානාම සහෝදරගේ ජීවිතය වෘත්තීය සමිති කටයුතු  සහ වාම දේශපාලනය  පමණක්ම විය   කොළඹ කොටුවේ  චිත්තම්පලම්  ගාඩිනර් මාවතේ පිහිටි තට්ටු පහකින් යුතු  GCSU ගොඩනැගිල්ල එම සංගමයේ මුලස්ථානය විය .මහානාම සහෝදරයා නිවස වුයේ එම ගොඩනැගිල්ල මය  දිනපතා   අවදිවුයේ එහ

ජුනි 4 සමුහ මිනිස් ඝාතනය

  මෙම මිනිස් ඝාතනයේ 34 වෙනි සංවත්සරය අදට යෙදී තිබේ .හොංකොන්හි අද රැස්ව එය සැමරු අය අත්අඩංගුවට ගෙන තිබේ හොංකොන් පවතින්නේ චීන පාලනය යටතේය 1989 අප් ‍ රියෙල් 15 වනදා චීනයේ බීජින් අගනුවර පිහිටි ටියෙනමාන් චතුරශ් ‍ රයට තරුණ තරුනියන් දස ගණනින් එකතුවී අදහස් ප් ‍ රකාශ කිරීමේ නිදහස ලිවීමේ නිදහස,සංවිධානය වීමේ නිදහස , ආර්ථික සහ දේශපාලන ප් ‍ රතිසංස්කරණ ඉල්ලමින් විරෝධතාවයක් පටන් ගත්හ චීන කොමියුනිස්ට් පක්ෂයේ දුෂණවලට එරෙහිවද ඔවුහු හඬ නැගුහ මෙම අරගලයට ක් ‍ රමයෙන් චීන කම්කරුවන්ද එකතුවුහ ඊට හෙතුව් වුයේ උද්ධමනය සහ කම්කරුවන්ගේ සුබ සාධනය කපා දමා තිබීමයි මේ දෙපාර්ශවය එකතුව ප් ‍ රජාතන්ත් ‍ රවාදය ඉල්ලා සිටියහ මෙම විරෝධතා ව් ‍ යාපාරයට එකතුවන පිරිස් දිනෙන් දින වැඩිවූ අතර එක අවස්ථාවකදී දසලක්ෂයක් චීන වැසියන් එයට සහභාගිව බව සඳහන් වේ මැයි 16 සහ 17 දින දෙකේ පිජින් වැසියන් දස ලක්ෂයක් පෙළපාලි පැවැත්වූහ වැඩ වර්ජන, විශව විද්යාල සිසු වර්ජන ආහාර වර්ජන විරෝධතා රැස්වීම් සහ පෙළපාලි මෙම අරගලයේ ප් ‍ රධාන ස්වරූපයන් විය මෙම විරෝධය අගනුවරට පමණක් සීමා නොවූ අතර ක් ‍ රමක් ‍ රමයෙන් එය චීනයේ නගර 400 ක් තෙක